IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සැමියාගේ නම කුඩුවලට ගෑවුනු ජාජබ මන්ත්‍රීවරිය අස් වෙයි

(අංජුල මහික වීරරත්න,සුජිත්හේවාජූලිගේ සහ යොහාන් භාසුර)

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්දයෙන් මේ වනවිට ඊට අදාළ නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බවද ජවිපෙ කියයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙසේද සඳහන් කරයි.

සිදුවීමට අදාල දිස්නා නිරන්ජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේ වී තේරී පත්විය.

ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මේ සිදුවීම සමිබන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක් වී ඇති අතර නීතිමය කටයුතු සඳහා සහය දීමක් ලෙසද රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිලිවෙලට සහයක් ලෙසටද සලකා ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්ට යොමු කර තිබේ.

 



අදහස් (0)

සැමියාගේ නම කුඩුවලට ගෑවුනු ජාජබ මන්ත්‍රීවරිය අස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site