
(අංජුල මහික වීරරත්න)
“ජනාධිපති ශිෂ්‍යත්ව - 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ.
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන අද (15) දින ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබිණි .
ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීම සඳහා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ ඉදිකර තිබූ කුටි ද සුළඟට හසු වී කඩාගෙන ගොස් තිබිණි.
එක්සත් ජාතික පක්ෂ සභාපති ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබූ අතර මෑත දිනයකදී යළි එම වැඩසටහන පවත්වන බව අබේවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළඟ කුණාටුවට ගහගෙන ගිහින්ද?
මේ ශිෂ්‍යත්ව අද ඊයේ දීපුවා නොවෙයි. කාලෙක ඉඳන් දෙනවා. මේ සැරේ ඡන්දේ වාසිය බලාගෙන උත්සවය කරනවා. මේවා වජිරගේ සල්ලි ද... ඡන්ද 1000 ලැබෙයි වැඩිම වුණොත්... අපේ බදු මුදල් වලට කරන දේ තමයි මේ...!
ස්වාභාවධර්මයත් රනිල්ට එරෙහි වෙලා. ස්වාභාවධර්මයටත් එපා වෙච්ච චරිතයක් නම් අපිට කොහොම එපා වෙන්න ඇද්ද?