(රංජන් කස්තුරි)
කොරෝනා වසංගතයේ හේතුවෙන් බලපෑමකට ලක්ව තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ට සහන ලබා දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයිගේ සංගමයේ සභාපති පවසයි.
සංචාරක කර්මාන්ත හිමියන්ට ණය ආපසු ගෙවීම සඳහා ලබා දී ඇති සහනය 2022 දක්වා දීර්ඝ කිරීම, හිඟ ජල, විදුලි හා දුරකථන බිල්පත් කපා හැරීම, ආර්ථික සාධක හා සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලේ හිඟ වාරික කපා හැරීම, සංචාරක සංවර්ධන බද්ද 2019 සිට 2002 දක්වා අහෝසි කිරීම සංචාරක හිමිකරුවන්ට හා සේවකයින්ට කොරෝනා මර්ධන එන්නත් ලබා දීම, පොලී රහිත ණය මුදල් ලබාදීම ඇතුළු සහන ලබා දෙනනැයි රජයෙන් ඉල්ලා සිටින බවද සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති ඇම්.බී. ජයරත්න මහතා කීය.
සංචාරක කර්මාන්තයෙන් ඉකුත් 2018 වසරේ ලොකුම විදේශ විනිමය සියයට 65ක දායකත්වය දැරුවේ සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක විවසායකයින් බවද ජයරත්න මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන දීලා ඔවුන් ආරක්ෂා වුණොත්, ගජ මිතුරන්ට ඔවුන්ගේ තරු පන්තියේ හෝටල් හදන්න. සුළු පරිමාණ ව්‍යාපාරිකයා සතු සංචාරක මර්මස්ථානවල ඉඩම් කුණු කොල්ලයට ගන්න අපහසු වෙනවා. එමනිසා ඔය ඉල්ලන දේවල් දෙන්නේ නැහැ.
සංචාරක මණ්ඩලය කියන්නේ සංචාරක කර්මාන්තයේ එල්ලිලා ලේ උරාබොන කිනිතුල්ලන් වැනි මාෆියාකාරයින්ගෙන් සෑදුණු කණ්ඩායමකට... ඔවුන් සංචාරක කර්මාන්ත දියුණුවට කරන දෙයක් නැත. ඔවුන් නිතරම බලන්නේ ලෝකයේ කිසිම රටක නැති අලුත් අලුත් නීති හදමින් සුලු පරිමාණ ව්‍යාපාරික පීඩනයට ලක්කිරීමය. සංචාරක කර්මාන්තය මෙපමනකින්වත් දියුණු වෙලා තිබෙන්නේ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් නිසාය...
පාස්කු බෝම්බ නිසා ගහෙන් වැටුණු මිනිහාට කොරිඔනා ගොනාත් ඇන්නා