ෆීල්ක්ස් ඇන්ටන් යනු දශක ගණනක පෙර බිහිවූ ගීතමය වශයෙන් පෝෂණය වූ ගායකයෙකු ලෙස හැඳින්විය හැකිය. ඔහුගේ ගීතයක් වන "සුළං රැල්ල ලෙස හමා එමි" ගීතය නැවත රීමේක් කිරීමත් සමග බොහෝ කතාබහට ලක්වූ කාරාණාවක් විය. සෙන්ටිග්‍රේඩ් කණ්ඩායමත් සමග කරනු ලැබූ මෙම ගීතය පිළිබඳව සාරවිට අපට ඔහු පැවසුවේ මෙවැනි අදහසකි.
"ඇත්තටම කිව්වොත් ඒ ගීතය අවුරුදු 45ක් වෙනවා. ඒ ගීතය ලිව්වේ කරුණාරත්න අබේසේකර විසින්. සංගීතවත් කළේ මෙල්රෝයි ධර්මරත්න. මේ ගීතය කරමු කියලා මට සෙන්ටිග්‍රේඩ්ගෙන් ලැබුණු ආරාධනාව මත තමයි අපි මේ ගීතය නැවත අලුත් විදිහට කළේ. තරුණ පරපුරත් එක්ක සම්බන්ධවෙන්න තමයි මම කළේ. එහි මියුසික් වීඩියෝවත් එක්ක කරලා පහුගිය දවසක තමයි ඒක එළිදැක්වූයේ. එහි මියුසික් වීඩියෝව කළේ ප්‍රසාද් රණසිංහ විසින්. ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව අපේ කාලෙ අය කියනවා තම ටිකක් පන්ච් එකක් තිබ්බා නම් මරු කියලා. අපි ඉතින් වෙනස් වෙන්නත් ඕනනේ. මේ වනවිට එහි වීඩියෝව You tube එකේ විශාල පිරිසක් බලලා තියෙනවා. මෙවැනි ගීතයක් නැවත නිර්මාණය කිරීමට හැකියාව ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා වගේම මට මේ ගීතය රීමෙක් කරපු සෙන්ටිග්‍රේඩ්ලාට ස්තූතිවන්ත වෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන සින්දුවක්. (නි)