IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


සුළං බලාගාරය ගැන අදානි තවමත් කැමැත්තෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලර් බිලියන 1 වටිනාකමකින් යුත් මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවතත් ලබා ගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත වාර්තා කළේය.

පසුගිය පෙබරවාරි මස 13 වැනිදා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළත් අදානි සමූහය මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර  නොමැති බව "ද හින්දු" පුවත්පත සඳහන් කළේය.

ඉවත්වන බව දැනුම් දුන්නත් ඒකකයකට ගෙවනු ලබන මිල පිළිබඳ දෙපාර්ශ්වයට එකඟතාවයකට පැමිණි හැකි වෙතැයි අදානි සමූහය බලාපරොත්තු තබාගෙන සිට ඇතැයි එම පුවත්පත වාර්තා කළේය.

ඒකකයකට ගෙවන ගාස්තුව පිළිබඳ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින නමුත් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි ගාස්තුවකට දෙපාර්ශ්වයම ඉතාමත් ඉක්මණින් එළඹනු ඇතැයි තොරතුරු දත් ආරංචි මාර්ග පැවැසුවේය.

මන්නාරම් සුළං බලාගාරවලින් උත්පාදනය කරන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට ගෙවන ගාස්තුව ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් ශත 5-6 ත් අතර මිලක් යෝජනා කර තිබුණත් කිලෝ වොට් පැයකට ශත 7 ක පමණ මිලකට දෙපාර්ශ්වය එකඟ වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

සුළං බලාගාරය ගැන අදානි තවමත් කැමැත්තෙන්

ජයනාත් Wednesday, 19 March 2025 06:59 AM

අප්‍රේල් වල එන මෝදි ගමනට පෙර වදනක් ... යමක් බලාපොරොත්තු වන්න ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site