IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘සුළු කණ්ඩායමක් වෙනුවෙන් ගෙනාපු අයවැයක්‘ - අනුර කුමාර

මේ අයවැය ගොවීන්ට, කම්කරුවන්ට හෝ රටේ බහුතර ජනතාව වෙනුවෙන් නොව සුළු කණ්ඩායමක් වෙනුවෙන් කළ එකක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (16) ‘අයවැය කාටද‘ මැයෙන් කොටුව සේවා මුක්ත භට සංගම් ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදී පැවසීය.

හාල්මැස්සන් මිල අඩුකළ බව කීවද ඒ ගණනට හාල්මැස්සන් තබා මැස්සෙක්වත් ගත නොහැකි බව ජවිපෙ නායකයා කීවේය.



අදහස් (0)

‘සුළු කණ්ඩායමක් වෙනුවෙන් ගෙනාපු අයවැයක්‘ - අනුර කුමාර

රුවන් Thursday, 17 December 2015 02:38 AM

අනුර මහත්තයාට ජයවේවා! (නි)

:       0       0

ජයරත්න Wednesday, 16 December 2015 12:25 PM

බොරුවට සුදනො වෙන්න කෑගහනව. ඒ අයත් මේවට වග කියන්න ඕන. ඒගොල්ලො පත්කරගත්ත ජනාධිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි තමයි අද රට පාලනය කරන්නෙ. දෑන් ජනතාවටද කියන්නෙ මේවට වග කියන්න කියල. (බ)

:       0       0

සෙබස්තියන් Wednesday, 16 December 2015 12:50 PM

මොකක් හරි අප්පබ්‍රංශයක් කියල රඟපෑමක් කරන්න මේ විප්ලවවාදී නායකයා ඕනෙම දේකට හදනවා ... මෙයා හිතන්නේ ජනතාව මෝඩයෝ කියලා ...මේවට වග කියන්න ඕනේ තමුන්නාන්සේලාත් ...(බ)

:       0       0

විජයබාහු Wednesday, 16 December 2015 12:53 PM

මෙය දැන් කටින්ද කතා කරන්නේ (බ)

:       0       0

කෝලිත Wednesday, 16 December 2015 01:16 PM

එන්ජීඕ සල්ලි අරන් කඩේ යාම සැපක්ද (බ)

:       0       0

වන්නක ලංකාපුත්‍ර Thursday, 17 December 2015 12:39 PM

කොහොමත් මේ කොමෙන්ට් දාන අය කියන්නේ එයාගේ මතය හෝ තමන් ගැති පක්ෂයේ මතය හෝ කුලියට ලියන ලියන්නෙක් නම් මුදලට විකුණන මතය. මේ මත කුමක් වුණත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පක්ෂයක් ..එයාල කියන්නේ පොදුවේ ජනතාවකට තියෙන ගැටළු ගැන මිසක් අන් දෙයක් නොවන බව තමයි කව්රුත් තේරුම් ගත යුත්තේ. (අ)

:       0       0

අරුණ Wednesday, 16 December 2015 03:22 PM

ජයරත්න මතක නැද්ද අනුර කුමාර කිවා මහින්දගේ කඩේ බඩු යල්පැනලා මෛත්‍රීගේ බඩු ෂුවර් නෑ. කියල එ්ක තමයි ඔවුන් අදත් කියන්නේ (බ)

:       0       0

ජයරත්න Thursday, 17 December 2015 04:27 AM

ඒ කඩේ බඩු යල් පෑනල කිව්වත් මේ කඩේ බඩු ශුවර් නෑ කිව්වත් ප්‍රයෝගිකව බෑලුවහම මේ රජය බලයට ගෙන ඒමට ජවිපෙ විශාල කාර්ය භාරයක් කළ බව තමයි සත්‍යය. නැත්නම් ඒ අය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුව තිබුනා. ඉතින් මහින්ද පෑරදවීම යනු මේ ආන්ඩුව පත්කිරීම මිස වෙන කුමක්ද? (බ)

:       0       0

චන්දි Thursday, 17 December 2015 04:47 AM

අනේ පව්...... වෙන අය කියනකොට වැරදියි මෙයා කියන එක තමයි අපි පිළිගන්න ඕනේ.. (ම)

:       0       0

ශාන්තක ප්‍රනාන්දු Wednesday, 16 December 2015 05:32 PM

ජවිපෙ යනු ගිනි පත්තුකර ගිනිතියා ඒ ගින්න වැඩි වෙන්න තව තවත් පෙට්‍රල් භූමිතෙල් හලා ගින්න නිවන්න එන අය එළවා "මෙන්න ගිනිගන්නෝ ගිනිගන්නෝ" කියා රටම අවුලන පිරිසක් ලෙසයි මම දකින්නේ. (නි)

:       0       0

සුරංග Thursday, 17 December 2015 05:23 AM

රාජපක්ෂ කල්ලියේ රෙදි හෝදන උන් ඔබ තුමාට මඩ ගැහුවට අපි පුද්ගලිකව දන්නවා ඇත්තටම ඔබලා ගත කරන කටුක ජීවිත ගැන (බ)

:       0       0

යටවත්ත Wednesday, 16 December 2015 06:03 PM

ජවිපෙ විතරයි අපි ගැන කතාකරන්න ඉන්නේ (නි)

:       0       0

සුසන්ත Wednesday, 16 December 2015 06:53 PM

මිනිස්සු වෙනුවෙන් පෙනීසිටි පක්ෂයකට කළ අපරාධයක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 16 December 2015 07:52 PM

මහින්ද පැරදවීම යනු මේ ආණ්ඩුව පත්කිරීම හා සමානකර ජවිපෙට දෝෂාරෝපණය කරන්නේ මහින්දලාගේ කුණු හෝදන, ඒ අය කළ ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩ අනුමත කළ සහ කරන දේශප්‍රේමී සළුපිලි දවටාගත් අයයි. ඒ අය පසුගිය ආණ්ඩුවට කඩේගියා වගේම නැවතත් මහින්ද ගෙන්වාගන්න දත කට මැදගෙන ඉන්න අයයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 16 December 2015 08:50 PM

මෙතුමාගේ ඇඟ පුරාම මොළේනේ ඉතින්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site