
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සුළි කුණාටුවක් එනවා යැයි ආණ්ඩුවට කිසිදු පෙර දැනුම් දීමක් නොලැබුණු බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආපදාවට ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැතැයි කීම වැරදි චෝදනාවක්. වැසි කාලයකදී කාලගුණ වැඩසටහනකදී එවැනි වාර්තා කිරීම් හැමදාම සිදුවෙනවා.අදාල ආයතන විසින් ඒවාට ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.
මෙවැනි සුළි කුණාටුවක් එනවාය කියන කාරණය අදාල ආයතන වලට හෝ ආණ්ඩුවට දැනුම් දීමක් කර නැහැ.සුළි කුණාටුව ලංකාව හරහා යාම වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.නමුත් මේ සිදුවීම වූ සැණින් වහාම මැදිහත් වී ආපදාවට ලක් වූ සියලු පවුල් ඉවත් කර ඒ කටයුතු සිද්ධ කළා.
අනවසර ඉදිකිරීම් ආදිය නිසාත් අනතුරට ලක් වූ ප්‍රමාණයක් සිටිනවා.නමුත් අප වෙිගයෙන් මැදිහත් වී ඔවුන්ට අවශ්‍ය ආහාර ,රැකබලා ගැනීම්, බේරා ගැනීම් ආදී කටයුතු සිද්ධ කළා.නමුත් ආණ්ඩුව මොකුත් කරන්නේ නැතැයි සමාජ මතයක් හැදුවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම මනුස්සයෙක් දේශපාලනයට අතුලුණාම ඒ මනුස්සයා තනිකරම පිස්සෙක්, නැත්නම් පාපිස්සක් වෙනවා. සුළිකුණාටුව එනවා කියලා නෙවෙයි... ඒකේ බලපෑම තියනවා කියලා ලංකාවේ හැම මනුස්සයෙක්ම දන්නවා. ඒත් වගකිවයුතු දෙශපාලකයෙක් දන්නේ නෑ. 1/. ස්වභාවික විපත් අවම කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ 2/. හැමදාම ගංගා නිම්න කියන්නේ ගංවතුර ගලන ප්‍රදේශ 3/.කදු බෑවුම් කියන්නේ නාය යන ප්‍රදේශ ලොකුම පම්පෝරිය තමයි අපි අච්චර ආධාර දුන්නා මෙච්චර ආධාර දුන්නා කියලා කියන එක. අපි පුදුම හිත උණුවෙන ජාතියක් කියලා වැළලෙන එක. ඇත්තෙන්ම ලංකාවේ කිසිම දේශපාලකයෙක්ගෙන් මීට වැඩිදෙයක් බලපොරොත්තු වෙන්න බැහැ. ස්වභාවික විපත් අවම කරන්න සැලසුම් හදපල්ලා... ඕවා කරන්න පුළුවන්...
කියනකම් ඉන්නේ නැතුව ඒවා හොයලා බලන්න තමයි ගොනෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් තියෙන්නේ.
මොවුන්ව යවන්න ඕනේ පිස්සන් කොටුවට.
මොකේ ආචාර්යද දන්නේ නැහැ...
පාලකයෝ මෙහෙම නම් රටට අබ සරණයි... නොයෙක් විදේශ ආයතන වලින් පවා කාලගුණ අනාවැකි පෙන්නුම් කරනවා
අනිත් ඒවත් කවුරු හරි කියනකන් ඉඳළද හොයා බලන්නේ? ඇයි මේ මිනිස්සු මෙහෙම ලේසියෙන් මේ මහා විනාශයේ වගකීමෙන් නිදහස් වෙන්න හදන්නේ? දාහකට ආසන්න ගණනක් මැරුනා, බිලියන ගානක දේපළ විනාශ වුණා. පෙර සූදානමක් තිබුණා... නම් මේ නැති වුණු ජීවිත වලින් බාගෙකට වඩා බේරාගන්න තිබුණා.