
(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා තමන්ට තොග වශයෙන් ලැබෙන පසුබිමක පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
සම්බා කිලෝවක් රුපියල් 240.00 ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260.00 කට මිල නියමව ඇතත් මේ වන විට එම සහල් වර්ග තමන්ට ලැබෙන්නේ පාලන මිල ඉක්මවූ මිල ගණන්වලට බැවින් තමන්ටද ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඊට වැඩි මුදලකට අලෙවි කිරීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
එවන් පසුබිමක පාලන මිලට වැඩි ගණන් සඳහා සහල් විකුණන බවට චෝදනා කරමින් පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂය ඉක්මවූ දඩ මුදල් ගෙවීමට සිදුවීමේ අවදානමක් උද්ගතව ඇතැයි ඔවුහු සඳහන් කරති.
ො

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම එකටම වේවැල අතට අරගෙන බෑ නේද. අර 71 , 89 කරන්න ගිහින් හත්පොලේ ගාගත්තෙ.
මේ වෙළෙන්දෝ ඉතා අධික ලාභ ලබනවා පමණක් නොව බදු ගෙවීමට ඉතා හොරයි.... බොහෝ අය නියමිත ගිණුම් කටයුතු පවා වංචනිකව සිදු කරයි... එනමුත් හැම විටම ගෑස් පෙන්නන් අමතක නොකරයි....
අය්යෝ ඕවත් ප්‍රශ්නද? මේසෙට ගහල පාලන මිල ඉහල දැම්මම වැඩේ හරි. කලින් කියන්න එපයි
පාරිභෝගික අධිකාරිය කරන්නේ වෙළඳපොල අවුල් කිරීමක් .
ඉතින් ඒවා ගන්නේ නැතුව වෙන ඒවා වික්ක නම් ඉවරනේ
මෙහේ කීරි සම්බා විතරයි... මොවුන් අල්ලලා දඩ ගහන්නේ වැඩිමිලට විකුණනවා කියලා, ඉන්දියාවෙන් ගෙන්වන ආදේශක කීරිසම්බා වලට පාලන මිලක් නෑ... 270/=,280/= විකුණනවා. ඒවාට නීතිය නෑ.