වනාන්තරය අහිමි වූ තම පරපුර ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස රජය සලකන බවත්, ඒ නිසා වැදි රැහේ සිරිත් විරිත් නොරැකෙන බවත්, රැකියා සඳහා සිදාදියට යන වැදි කැකුළන් කැකුළියන් සිංහලයන් සමග අවාහ විවාහ වීමෙන් ආදිවාසී පරපුර පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බවත් ආදි වාසී නායක ඌරුවලිගේ වන්නිලඇත්තන් කියයි.
ඔහු මෙසේ ද කීවේය.
ආදිවාසි පරම්පරාව අනාගතයෙදි දකින් නොලැඛෙන පිරිසක් බවට පත් වෙනවා. අද ඉන්න කැකුළන්ට කැකුළීයනට පරම්පරා දැනුම කියලා ඒ අයට අත්දැකිමක් දෙන්න ක්‍රමයක් නෑ. අද නගරේ ළමයින්ට කියනවා වගේ පොත්වල ලියලා දෙන්න තමයි වෙන්නේ අපේ අයට කැලේ තහනම් කරාට පස්සේ කැලේ සතෙක් සිව්පාවෙක් ගැන කියලා දෙන්න විදියක් නෑ අපේ පරම්පාරවේ අය දැනගන්න ඕනෑ දෙවල් තියෙනවා වනයේ මංමුලා නොවි මග හොයන හැටි මීයක් කඩාගන්න හැටි ලෙඩකට දුකකට කැලේ ගස් මුල් වලින් බේතක් කර ගන්න හැටි කැලයට කන පුරුදු කර ගන්න හැටි නහය ඇස් පුරුදු කර ගන්න හැටි මේ කිසිම දෙයක් කියලා දෙන්න බෑ මේවා කට වචන වලට විතරක් සිමා කරන්න වෙලා .මේ තියෙන නීති එක්ක කැලයට යන්න බැරි වෙනකොට මේ අය බඩගින්නට කරන්න දෙයක් හොයනවා. හොරකම් කරන්න බැරි නිසා කුළීයක් හොයා ගෙන නගරේට යනවා .දැන් ඒ නිසා අපේ පරම්පාවේ කැකුළියෝ කැකුළෝ සිංහල අයත් එක්ක විවාහ වෙලා ඒ අයට දාව උපදින අය සිංහල ඒ අය ආදිවාසින්ගේ පරම්පරාව ගිනියන අය නොවේ.මේ අයුරින් තම පරම්පාරව පවත්වාගැනමේ ගැටළුවක් ඇති බව ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් සදහන් කලේය. ජනාධීපති තුමත් කියනවා ආදිවාසින් ආරක්ෂා කරන්න ඕනෑ කියලා මේ පරම්පාරවන් තියෙන්න ඕනෑ කියලා හැබැයි මේ කතා කිව්වට එහෙම පරම්පරා ආරක්ෂා වෙන්නේ නෑ. කොළඹ ඉදලා තිරණ අරගෙන මේ කැලය ආරක්ෂා කර ගන්න බෑ අපේ පරම්පාරවන් ආරක්ෂා වෙන්නේ නෑ.පරම්පරාවේ සිරිත් විරිත් කියනනේ දැකලා අහලා විතරක් රකින් පුළුවන් දෙවල් නොවේ .අත්දැකිම් තියෙන්න ඕනෑ අපි ඒ කාලේ කැලේට ගියා වැඩිහිටයේ යමක් කරාද ඒ දේ ඇයි කරේ කියලා අවබෝද කර ගත්තා අද මේ කැකුලන්ට මේ දේ වෙන්නේ මේ නිසා කියලා දැනගන්න බෑ.
පසුගිය වසරකදි මඩකලපුවේදි අදිවාසි දිනය තිබ්බා. මේ දින පොජ්ජේදි ජනාධිපති හුරාත් ඇමති හුරත් අධ්‍යාක්ෂක ජනරාල් හුරත් මංගච්චලා මේ ඇත්තෝ ගිවිසුම් පොජ්ජක් ඇන්නෑවා. මේ ගිවිසුම් පොජ්ජෙන් පස්සේ මේ ඇත්තෝ විශ්වාසලැවා.මහහුරලා කතා දැම්මාට මහහුරලා යටතේ ඉන්න හුරලා මේ එකක් වත් දන්නේ නෑ .මේ ඇත්තේ විෂ්වාස කරා ගිවිසුමෙන් පස්සේ ප්‍රශ්ණ පොජ්ජ හමර උනා කියලා එතන නීති පොජ්ජට මංගච්චපුවම තිබුනට වඩා පැටළුම් සහිත වු බව ද දඹානේ ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්දි,චන්දී, ලුම්බිනි වගේ කැකුලියෝ ටිකක් වන පොජ්ජ්ට මන්ද කරලා, වැ කැකුලන්ට සරන පොජ්ජ කරගන්න දුන්නනම් උන්ගේ වරිග පොජ්ජ වැඩි කරගන්න තිබුනා.(නදී)
සතුටුයි මෙතුමාගේ කතාව ගැන (නි)
මම නම් කියන්නේ ඒ අයටත් වෙනස් උනොත් හොඳයි කියලා. (ස)
ඔය එහා පැත්තේ තියෙන බෝතල් ටික සිදාදියෙන් මංගච්ච කොරපුවද? (නි)
මානව විද්වතුන් දැනට වසර කිහිපයකට කලින් කීවා වගේ ලෝකයේ ඉක්මනින්ම ක්ෂය වන ජාතින් 3ක් ඉන්නවා 1- ඇස්කිමෝ ,2- රෙඩ් ඉන්දියාන් ,3- සිංහල . එකෙන් දැන් ටිකක් හරි ඉන්නේ සිංහල විතරයි. ඒ අයත් ඉක්මනටම ඉවර වෙයි. ඉතින් මේ හුරලා ගැන කුමන කතාද ?(නදී)
ඔය මෝඩ කට නැත්නම් අපිත් ඔය බන ඇහුවා නම් වැද්දෝ තමයි.(නදී)
මතක නැද්ද ඔය ඇත්තොත් හෙලිකොප්පරෙන් මන්ගච්චල තරු පහේ හෝටල් වලින් ආතල් පොජ්ජ මන්ධු කරපුව එහෙම. (නදී)
අදිපතිවාදී මහා සංස්කෘතිය විසින් ආදිවාසි ප්‍රජාවගේ අනන්‍යතාව නැති කිරීම ප්‍රජතන්ත්‍රරවාදය ගැන කතා කරන රජයක් නොකළ යුතුය. වැදී පර පුර කුඩා එකක් වෙන නිසා එල් ටි ටි ඊ එක වගේ වෙන්න බැරි වීම රජයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් එක අමානුෂික වැඩක්.(නදී)
මෙතන දාල තියෙන අදහස් දැක්කහම හරි පුදුම හිතෙනවා. අනික් මනුස්සයාගේ ප්‍රශ්නේ අපිට විහිළුවක්. මොකද අපිට ප්‍රශ්නයක් නැහැනේ. සමාවෙන්න කිවුවාට, මේක සිංහල මිනිස්සුන්ට එදා ඉඳලා තිබුණු කැත පුරුද්දක්. (නි)
මේ කැලෑ වැදි මහ හූරාට තිබෙන්නේ කොළම් පොජ්ජෙට මංගච්චලා බොදුබල හූරන්ට කියන්න වැදි කැකුලියන් සිංහල කැකුලන් ඇන්න ගියාම සිංහල කැකුලියන් ඇන්න යන්න කැකුලන් නැතිවෙනවා කියලා නීති පොජ්ජක් ගේන්න කියලා මංගච්චන්න. (නදී)
මහා හූරෝ මමත් හොද කුකුලෙක් මට නැද්ද හොද කිකිළියක්. කැකුලියෝ නම් මට එපා වෙලා.(නදී)
පව් මම හිතුවේ ප්‍රදර්ශනවලට යන විට මෙහෙම දේවල් වෙයි කියලා. දැන් වත් ඡන්ද බලාගෙන වැඩ කරන අයව තේරුම් ගත්තොත් හොඳයි.(නදී)
පරංගියයි සුද්දෝයි අපේ ජාතියටයි දෙමළ ජාතියටයි කළේ ඕකම තමා. අපිට මේවා තේරෙන්නේ නැත්තේ මේ වෙනස් වීම් වෙලා හුගක් කල් නිසා. (නි)
මේ රට දීල අපිත් එනවාඔයාල එක්ක සෙට් වෙන්න.(අ)
වැදි බල සේනාවක් පටන්ගමු (අ)
මොවුන් තම වරිගය රකින්නේ කොහොමද, දැන් ලොකු හුරලගේ කැකුලොත් රා කට්ට ගහල භාන්ඩාගාරයේ දොර අරින පුරුද්දට අඩි 35000 උධින් යන කොටත් වැරදි දොරම නේ අරින්නේ. වැරදිලා හරි මංගච්චන්න කැලේ පොච්චට අවොත් ටොයිලට් පෝජ්ජ වෙනුවට කෙලිපොච්ච ඉන්න කාමරයේ දොර පෝච්ච අරීවී.(නදී)
කොයිතරම් කණගාටුදායක වේදනාකාරී සිදුවීමක්ද? (නි)
මෙන්න තවත් අරසේනාවක් පටන් අරන් බයේ බැහැ (අ)
අපේ අත්තලත් ගිනි ගොඩක ඉන්නේ වන්නිලේ ඇත්තෝ. හරිම පැටලුම් සහගතයි මගේ ඇත්තෝ. ඇමති හුරලගේ පුත්තු අපිව සවුත්තු පොජ්ජ් කරනවා ඇත්තෝ. (නි)
මේ ලිපියට ලංකාදීපයට ස්තුතියි. අපි අපේ සංස්කෘතිය රකිනවා වගේ මේ වැදී ජනතවගේ සංස්කෘතිය රකින්නට උදව් කරන්න ඕනෑ. අපි කියනවා අන්‍ය ආගමිකයන් අපේ පරපුර නැති කරන්න කුමන්ත්‍රණ කරනවා කියලා. මෙයාල කියනවා අපි එයාලගේ පරපුර නැති කරනවා කියලා. හැබයි, අපිට අපේ වැරදි පෙනෙන්නේ නැහැ (නි)
බල සේනාව ඔය පොජ්ජට මන්ගච්චාවි මහා හුරෝ කට පොජ්ජ පරිස්සමට. (අ)........
කැමති කෙනෙකුට වැද්දෝ වගේ ඉන්න පුළුවන්. අකමැති කෙනෙකුට නව ලෝකෙකට යන්න පුළුවන් වෙන්න ඕනෑ නේද. ඉගෙන ගන්න කැමති කෙනෙකුට ඒක කරන්න දෙන්න ඕනෑ. බඳින කෙනෙකුට බදින්න දෙන්න ඕනෑ. (නි)
අනේ වන්නිලා ඇත්තෝ, ඔයා ආදිවාසි විදියටම ඉන්නවා නම්, අද කොළ අතු ගැටගහගෙන නේද ඉන්න ඕනෑ නේද? දඹානේ කැකුලා නුවරට ගොහින් විශ්ව විද්‍යාලයේ අකුරු කොරලා කැකුලන්ට පාඩම් පොජ්ජ මන්ද කොරන එක හොඳ නැතෙයි? (නි)
වන්නිලා ඇත්තන්ගේ කතාව ඇත්ත.වැදි පරපුරත් ලංකාවේ තියෙන්න ඕනෑනේ. (නි)
වන්නිලා ඇත්තෝ, සේනාවේ ඇත්තෝ දැනගත්තොත් ඔය ඇත්තෝ දඩයම් පොජ්ජ මාන්දු කරනවා කියලා, කැලෑ පොජ්ජ වැටලුම් පොජ්ජ කරන්න පුළුවන්. ඔය සේනාවේ ඇත්තෝ දැනගත්තොත් ඔය ඇත්තෝ මල යක්කුන්ට පූජා තියෙනවා කියලා පූජා පොජ්ජත් වැටලුම් පොජ්ජ කරාවි. මොකෝ ඔය සේනා පොජ්ජේ ඇත්තෝ වෙන ආගම් කියලා ජාතියක් තියෙන බව දන්නේ නැති හූරෝ ටිකක්. ආවොත් එහෙම ඊතල පොජ්ජ මාන්දු කරලා දාන්න. (නි)
ඔය ඇත්තෝ දැනගෙන හිටියේ නැද්ද අර මහා ඇත්තොත් එක්ක ගිවිසුම් ගැහැව්වොත් ඒක හරියට නුල්බොලේ පටලවා ගත්තා වගේ තමයි කියලා.(නදී)
කොටි පොජ්ජයි, වැදි පොජ්ජයි ඉවරයි, හෙළ පොජ්ජත් අඩුවීගෙන යනවා.. මුස්ලිම් පොජ්ජ පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙනවා.... (නදී)
ඔය කැලෑ පොජ්ජ මගහැරලා සිදාදියට මංගැච්චුවා නම් ප්‍රශ්නේ පෝජ්ජ පැටලුම් නැහැනේ.වැදී කැකුලියක් කරකාර බැන්දට ඔච්චර තරහ පෝජ්ජ යන්න කාරී නැහැ, වැදී නායක ඇත්තන්ට. (නි)
ආදී වාසීන්ට බොදු බල සේනාව වගේ ආදී බල සේනාව කියල සාවිධානයක් පටන් අරගෙන සටන් කරන්න කියන්න. එතකොට මේ රට සිංහලයන්ගේ නොවේද ? (නි)
ලංකාවේ හැමදේම වගේ වැද්දොත් නැතිකළා (නි)
හිරු ඔබ කියන දෙය මමනම් තේරුම්ගත්තා .තත්වය භයානකයි (අ)
සේනාවක් දම්මවලා දෙකක් දෙව්වන්න වටිනවා කියලා තියෙන දේට. (නි)
ආදි වාසි ඔබ තමයි මේ රටේ නියම උරුමක්කාරයෝ. සිංහල වුනත් කල්ලතෝනි තමයි.(නදී0
ඔය මහ ඌරයි යටතේ ඉන්න ඌරොයි අපිටත් ගිවිසුන් පොජ්ජවල් ඇන්නං එනවා. වැඩක් නෑ වන්නිලා ඇත්තෝ. (නදී)
අනේ වැද්දෝ ඇත්තෝ බයිල පොජ්ජ මන්ඳු කරන්න එපා...(අ)
වැද්දෝ දඩයම් කරන්නේ වන සතුන්, සිංහලයෝ දඩයම් කරන්නේ මිනිස්සු , වැද්දෝ බණ කියන්නේ නැහැ එත් දෙසපාලකයෝ හැමදාම අපිට වැදි බණ කියනවා .වැද්දෝ කඩේ යන්නේ නැහැ අපි කඩේ යනවා වැද්දෝ වන්නාන්තර ආරක්ෂා කරනවා දෙසපාලකයෝ වනය විනාස කරනවා එනිසා .වැද්දෝ බයනතුව ගෙදරට වැද්ද ගන්න. පුළුවන් .(අ)
කනගාටුදායක තත්වයක්. කවදාහරි දවසක සිංහලයන්ටත් ඔයදේම වෙනවා මේ යනවිදියට ගියොත්. දැන් ඔය බොදුබල සේනාවට, සිංහල රාවයට විරුද්ධව කතාකරන අයටත් අල්ලාහු අක්බර් කියආ තමයි එදාට කියන්න වෙන්නේ. දැන් ඉතින් මාව පතුරුගහන එකයි තියෙන්නේ වටවෙලා. (නි)
අධිරාජ්‍යවාදී මහා හුරලගේ ගෝලීයකරණ පොජ්ජට අහුවුනම මෙහෙම වෙනවා මහා හුරෝ (නි)
කෙලින් කතාකරන නායකයෙක්. (නි)
ඇත්තටම ලංකාවේ අයිතිකාරයෝ වැද්දෝ තමා. සමාවෙන්ඩ ඕනෑ නායක ඇත්තෝ (නි)
මට හරි සතුටුයි, ජනාධිපති තුමාගේ නම ගාවටම කියන්නේ සේනාවේ නම. ඔච්චර බය තිබුනම මදෑ.(නදී)
වැදි පරපුර මහියංගනේ දබනේ නැතුවට කලවැදි පරපුරක් මේ පැත්තේ ඉන්නවා..පුලවන් නම් ඒ අයව නැති කරලා දාලා ලක් පරපුරම බෙර ගන්න කවුරුත් නැද්ද ?(අ)
වැදී පරපුර නවීකරණය කරලා ගත්ත නම් ඔය ප්‍රශ්න නැහැනේ. සිංහලුන් සමග වැදී කැකුලියෝ සහ වැදී කැකුලන් සහ සිංහල කාන්තාවන් ගියාම අවුලක් නැහැ. ඔක්කොම මනුස්සයෝ. දැන් කාලේ ඇවිත් ඔය කැලෑ වලින් එලියට එන්න. ඔබලා නුදුටු දේවල් දකින්න විඳින්න (නි)
වැද්දා පොජ්ජ ආරක්ෂා මංජ කරන්ඩ ඕනෑ. වැද්දා හුරන්ට දඩයම් පොජ්ජ කරගන්න දෙන්න ඕනෑ. (නි)
දැක්ක නේද? වන්නිලා ඇත්තෝ සිංහලයන් යැයි කිව්වේ අප ඔක්කොටම.සිංහල,දෙමළ,මුස්ලිම් අප ඔක්කොම කැකුළියන් විවාහ කරගෙන ඉන්නවා මා දන්නවා. (නි)
ලැයිස්තුවට එකතු කරගන්න , මෙන්න තවත් සුළු ජාතියක් (නි)
කවදා හරි සිංහලයා හට සිදු වන්නේද මේ ටිකම තමයි.... (නි)