ගව ඝාතනයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ අසල සිහල රාවය පැවැත් වු විරෝධයේදී පෙට්‍රල් බදුනක් ද අතැතිව උද්වේගීකාරීව හැසිරෙමින් මහජන කැලැබීමක් සිදු කෙරෙන පරිදි සිය දිවි නසා ගැනීමට තැත් කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සුරියවැව ධර්මදුත ආශ්‍රමයේ දඹදෙණියේ ධම්මදින්න හිමියෝ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබූහ.
සත්‍යග්‍රහය අවසන් වී ඇති බැවින් සැකකාර හිමිනම ඕනෑම ඇපයක් මත මුදා හරින ලෙස ඒ හිමියන්ගේ නීතීඥවරු අද මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලූහ.
ඒ අනුව රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත් නීති විරෝධී උද්ඝෝෂණවල හා අයුතු ජනරාශියක සාමාජිකයකු නොවන ලෙසට හිමිනමට අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඡන්දෙට දාන බොරු මවාපෑම්. (ත)
නුතන රාජ්‍ය පාලනය භික්ෂුන් ට අවවාද දෙන්න සමත් උනාට වෙනත් කිසිම ආගමික සංවිධානයකට හෝ පුද්ගලයෙකුට මේ ඇඟිල්ල දික්කරන්න තරම් ධෛර්යක් නැත්තේ ඇයි? වැරදි කරන්නේ බෞද්ධයෝ පමණක්ද?(දී)
පුදුමයි නේ මේවට අදහස් නොලියන එක .වෙන ආගමක් උනානම් කපෝති (දී).
ස්වාමින් වහන්ස.! ඔබ වහන්සේ අහිංසක තිරිසන් සතෙකු වෙනුවෙන් මළුවෙන් පිටතට වැඩම කොට මහජනයාගේ සහායද ලබාගෙන කරන්නට ගියේ "සටනක්" විය යුතුයි. එය විරෝධතාවයක් නම් එය කරන්නට තිබුණේ මස් මරණ තැන්වලයි. මහා පාරේ සටන් සිතින් දුම්මනව ඔබ වහන්සේ කරන්නට තැතනුවේ මහා සාපරාදී ආනන්තරිය කර්මයකි. එහෙත් දැන් ඔබ වහන්සේ ටිකකට නිදහස්ය. ඔබ වහන්සේට දානය පුදන අහිංසක උපාසක අම්මලා ඔබ වහන්සේලා වැනි භික්ෂුන් වහන්සේලාගෙන් බලාපොරොත්තුවන්නේ එකම එක දෙයකි. එනම්, සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙන,සමථ විදර්ශනාවේ නැවත නැවත යෙදෙමින්, සිවුපසට හිත නො ඇලෙමින්,සුන්යතා සමාපත්තියත්,අනිමිත්ත සමාපත්තියත්, නිවනත් අරමුණු කරගෙන සංසාර ගමන කෙටි කර ගැනීමයි. දැන්වත් දානයේ අනුසස් දන කටයුතු කරන්න හිමියනි. වීරත්වය ගින්නකට හසුකර මියැදෙන්නේ සටනක අරුත නො දන්නෝමය. (දී)
හාමුදුරුවන්ට පන්සලට වෙලා ඉන්න බැරි හැටි (දී)
මේ ප්‍රශ්නේ විස දෙන්න නැත්ද?(දී)
අනේ හාමුදුරුවනේ මම මේ ගව ඝාතනය නිවැරදි කරනවා නොවේ. එහෙත් ගවයෙක් වෙනුවෙන් අමාරුවෙන් ලබා ගත්තු මේ මිනිස් ජීවිතය නැති කර ගන්න එක පාපයක්. ඔය විදියට අවේගකාරී වෙලා සිය දිවි නසා ගැනීමෙන් ඔබ වහන්සේලා මේ රටේ මිනිස්සුන්ට විශේෂයෙන් තරුණ පරපුරට දෙන්නේ නරක ආදර්ශයක් නොවේද? දැන් දැන් වැඩිවන සිය දිවි නසා ගැනීම් දිහා බැලුවිට රටේ අනාගත පරපුර ගමන් කරන දිසාව හිත ගන්න පුළුවන්. අනේ හාමුදුරුවනේ මේ තරුණ ළමයින්ට මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කියා දෙන්න. අට ලෝ දහම ඉදිරියේ නොසැලෙන්න කියාදෙන්න. (අ)