සිහල රාවය සංවිධානයේ විරෝධතාවක් නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පාරේ එක් මංතීරුවක් වසා දැමූ බව පොලිසිය කියයි.
ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලමින් සඳුදා උදේ භික්ෂූහු කීප නමක් සත්‍යග්‍රහයක් ඇරැඹූහ. අද සවස් වන්නට මත්තෙන් ජනපති කාර්යාලයයෙන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් ගිනි තබා ගන්නා බව භික්ෂූහු කිහිපනමක් කීහ.
මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම කාර්යාලය නියෝජිතයකු පැමිණ සිංහල රාවයේ භික්ෂූනට ලිපියක් බාර දුන් අතර එහි ඇති දෑ ප්‍රමාණවත් නැතැයි හිමිවරු කීහ. එතැන සිටි නාඳුනන පුද්ගලයකු හිමි නමකට හා තවත් දෙදෙනකුට පහර දීමෙන් පසු භික්ෂූන් 15ක් නමක් පමණ පාරේ වාඩිවී යළි උද්ඝෝෂණ කරන්නට වූහ. උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිසෙන් කිහිප දෙනෙක් එතැන සිටි තවත් පුද්ගලයකුට පහර දුන්හ.
සියයක පමණ පොලිස් බළඇණියක් ද ගිනි නිවන රථයක් ද එහි කැඳවා ඇත.
සාමය කඩවන ලෙස හැසිරුණැයි කියන හිමිනමක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් කන එක නවත්තන්න හාමුදුරවො හරි (දී)
ඔය කරන වැඩත් හොදයි.ලංකාවේ තවත් ප්‍රශ්නයක් තමා බාල වයස් දූෂණය. ඒවටත් මේ වගේම කරානම් හොදයි නේද.හාමුදුරුවන්ට විසදන්න ගොඩක් ප්‍රශ්ණ දැන් තියෙනවා.. (දී)
ඔක්කොටම කලින් ළමයි දුෂණ කරන එක්ක නවත්වන්න ඕනේ .. මේ රටේ සත්තුන් ට තියන අගය ලමින්ට නැහැ.. ඔන්න මිනිස්සු... (දී)
ජනතාව කුපිත කරලා ජාති වාදය අවුස්සන්න හදන්න එපා (දී)
ගිනි තියාගන්න කැමති සියලුම භික්සුන්වහන්සේලට රජයෙන් නොමිලයේ පෙට්රෝල් සපයන්න. (දී)
මේවා බලන්න මම පව් කරලා තිබ්බානේ (දී)
දැන් ලංකාවේ තියෙන ලෝකු ප්‍රශ්නය තමයි මිනිසුන්ට කන්ඩ නැති ඒක. ලංකාවේ ඉන්න මිනිසුන්ට හොඳක් කරන්න සිතේනවනම්. ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න. හරක් වෙනුවෙන් මිනිස්සුන් මරගන්න ඒපා. (දී)
හරක් මරණ එක නතර කරනට පෙර මීනුසුන්ව මරණ එක , ළමා සහ කාන්ත දුසණය නතර කරන කීයන කව්රුවත් නැහැ . මොකද , හරක වටිනවා මනිසට වැඩිය . (දී)
කවුරු ගිනිතියාගත්තත් මම හරක් මස් කනව (දී)
ගව ගාතනය පමණක් නොවේ මුළු සත්‍ව ගාතනයම් ලංකාවෙන් තුරන් කරන්න ඕනෙ .හාමුදුරුවරු දේශපාලනය කරනවාට වඩා මෙවෙනි ක්‍රියාවක් කිරීම ගැන මම හාමුදුරුවරුන්ට මාගේ ප්‍රණාමය පුද කරසිටිනවා .ශ්‍රීලංකාව බෞද්ධ රටක් වෙලත් ප්‍රානගාතනය ඉතා ඉහළින් සිදුවෙනවා .එය අපේ රටට ශාපයක් මිස යහපතක් නොවේ . (දී)
ගිනි තියා ගන්න ඕනේ නැහැනේ හාමුදුරුවනේ (දී)
මේක සිංහල බුද්ධ රටක් මේක සිංහල බුද්ධ අපේ රටේ ගව ගතනයට මම නම් සම්පූර්ණ වෙරුද්දයි .... මොකද අපි උදේට කිරි බීල සවසට කිරි අම්මගේ මස් කන රටක ජීවත් වෙන්න බැරි නිසා හරක් මස් කන්න ඕනේ කෙනෙකුට වෙනත් ඕනෙම රටකින් මස් ගෙනත් කන්න ප්ලුවන්නේ මේ අහිංසක කිරි අම්මලාව මරන්නේ අපේ හාමුදුරුවරු හරියටම හරි ඔබ වහන්සේලාට දළදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවනේ.... (දී)
අරුම පුදුම හාමුදුරුවරුනේ ලංකාවේ ඉන්නේ... දළදාව පිහිටි මහනුවර තිබෙන තැබෑරුම් සංඛ්‍යාව 45 කි. ඒවා වෙනුවෙන් බෞද්ධ විරෝධතා කිසිවක් නැත. පුදුමයකි සිංහලයා මාළු අනුභව කරන නිසා එහි නම ධීවර කර්මාන්තයයි. නැත්නම් ධීවර ගම්මානයයි. ටින් මාළු ව්‍යාපෘතියයි. කුකුල් මස් ඔවුන් අනුභව කරන නිසා ඒවා ඇති කරන තැන්වලට කියන්නේ කුකුල් ගොවි පළවල් කියායි. නැත්නම් පශු සම්පත කියායි. එනමුත් මුස්‌ලිම්වරුන් වැඩියෙන් ගවමස් අනුභව කරන නිසා එයට දී ඇති නම ගව ඝාතනයයි. (දී)
කාටවත් වැරදියි කියන්න බැහැ (දී)
ලංකාව යන මග වැරදියි (දී)
ගව ගාථන නවතන්න පෙර මිනිස් ගාතන නවතන්න උද්ගොසනයක් පටන් ගත් තොත් හොද නේද අපේ හාමුදුරුවනේ අනුර, එක්සත් ජනපදය (දී)
හාල් මැස්සාගේ ඉඳල ගස් කෝලන් මේ හැම දෙයක්ම ජීවින් එහෙමනම් බිත්තර කන එකත් නවත්තමුද?ගව ගාතනය ගැන ආදීනව කියා දෙමින් හෙමින් සැරේ මේක කෙරුවොත් නරකද?.....ගිනි තිය ගන්නේ නැතුව ....... (දී)
ෆේස් බුක් නවත්වන්න කියලත් කියන්න ඕන එකෙන් තරුණ ළමයි පාසල් ළමුන් වගේම පවුල් අවුල් වෙලා කොච්චර නම් දික්කසාද වෙලා තියෙනවද සමහර අරටවල් වක ඔය බුකිය නැහැ (දී)
ප්‍රේමදාසගේ කාලේ ඔය උද්ගෝෂණ මොකුත් නැහැ .(දී)
මේ සිවුරු පොරවාගෙන ඉන්නේ කව්ද?. (දී)
එතකොට පිටරට හරක් මැරුවම ඒක පවක් නෙමේද. (දී)
අනේ මගේ බුදු දහම (දී)
එහෙමවත් වෙනවා නම් මේ කරදර ඉවර වෙයි .(අ)
ලංකාවේ ගවයන් අඩු වෙලා .කටාර් වල ඉන්න ගවයෙක් තප්පුලන්න පටන් අරගන නිසා මෙහෙ ගවයොත් ටිකක් දැන් ගව ඝාතන විරෝධී රැල්ලට කට දානවා. (දී)
අනේ බලන්න ,ඔය ෆොටෝ වල ඉන්න සිවුර පොරොව ගත්ත අයගේ මුහුණ දිහා , නපුරු කම ,නෙහදිත්චකම අගේට පේනවා බුදු දහමට ගිය කලක් ! (දී)
.ගවයාට ඇති අහිංසාව වෙනත් සතුන්ට නැද්ද මත්පැනට විරුද්දනැද්ද (අ)
දැන් අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක වේවි නියම ඇන්දිල්ල (අ)
ගවයින් සහ ගහපු අය අතරේ වෙනසක් තියෙනවද?
නීතිය නිවැරදිව ක්‍රියාත්මක වියයුතුයි .(අ)
ගව ඝාතනය විතරක් නවත්වන්න කියන්නේ ඇයි? කුකුළන්, ඌරන්, මාළුන් වගේ සතුන් මරණ එක හරි ද එතකොට? (දී)
ගව මස් කඩ මුදලාලි කෙනෙක් වෙන්න ඇති. (දී)
කිරි අම්මා තමයි දෙවැනි අම්මා,,මවකට දරුවෙක්ට කිරි දෙන්න බැහැ වසරක් දෙකක් තුනක් උපරිම මාස 3යි.දැන් එහෙම දෙන්නෙත් නැහැ.දරුවෙක්ගේ කුස පුරවන්නේ ඒ අහිංසක සතාගේ කිරි වලින්..ගවයා කියන්නේ මිනිසාගේ වැඩ බොහොමයක් කරන දෙන සතෙක්.ගෙදර දොරේ ඉදන් කුඹුරේ කමතේ සේරම වැඩ කරලා දෙනවා,අන්තිමට ඒ සතාගේ ගොම ටිකත් ගන්නවා.එහෙම අරගෙන ඒ සතාව මරණ එක හරිද,අවසන මස් කඩේට දක්වන එක හරිද..කුකුළා,මාළුවා කිරි දෙන්නේ නැහැ,ඔහොම වැඩ කරන්නේ නැහැ එකයි ඒ සතා අනිත් සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ..එහෙම කියල ඒ සත්තුන්ගේ ජිවිත උදුරා ගන්න එක නිවැරදි නැහැ.එහෙත් සියල්ල එක විට කල නොහැකියි.පළමුව ගව ඝාතනය නැවැත්විය යුතුයි.බුදුන්ට තෙවරක් පිදු මේ පුණ්‍ය භූමියෙන් ගව ඝාතනය තුරන් කල යුතුයි.එයට කැප වෙන ඔබ වහන්සේලාට උතුම් තෙරුවන්ගේ ගුණ බලයෙන් සියලු ශක්තිය ලැබේවා..අසරණ සතුන්ගේ ජිවිත රැක ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි..(අ)
සිංහල බොද්ධ රටේ මෙ ගව ඝාතනය නතර කරන්නම ඕනෙ.අපේ බුදු දහම අපිට රැක ගන්න ඕනෙ. (දී)
අනේ මන්දා අපේ පුංචි දීවයිනට මොනවා වෙලාද කියා (දී)
පාරේ ගිනි තබා ගත්තොත් පාරේ යන සාමාන්‍ය ජනතාවට ගිනි පත්තුවෙනවා වෙලාවට ගෙදර යන්ට තියෙන එක තවත් පරක්කු වුනාම (දී)
මේ වැඩේ ලංකාවේ පැෂන් එකක් වෙලා වගේ (දී)
මෙතන ඉන්න සමහරක් කියනවා අනිත් සත්තු මරණ එකත් නවත්තන්න කියල. ඔබ හරි . ඉස්සෙල්ල ගව ගාතනය නවත්තල ඒවත් නවත්තමු .පියවරෙන් පියවර අළුගෝසු මානසිකත්වයෙන් මිදෙමු . සතාට සිව්පාවටත් අනුකම්පාව දක්වන දැහැමි මානසිකත්වයක් ගොඩනගාගමු. එතකොට මනුෂ්‍ය ඝාතනත් ඉබේම නවතීවි. හරකෙක් මරන්ඩ දන්නා කෙනාට මිනි මරණ එකකත් මහා වැඩක් නෙමෙයි (අ)
ගරු ජනපතිතුමනි අපිට එක සතෙක් දෙන්නෙක් ගව මඩුවෙන් නිදහස් කරන්න පුළුවන්. හැබැයි මේ අපරාදය රටෙන්ම තුරන් කළ හැක්කේ ඔබට පමණයි (දිල්)
මේ කරන වැඩේ නම් හුඟක් හොඳයි.හාමුදුරුවො වෙලා දේශපාලනේට ඇවිත් රටට මුක්කු ගහනවට වැඩිය රට ඇතුල සුද්ද කරන එක නම් ඇත්තටම වටිනවා,අහිංසක සතෙක්ගෙ බෙල්ල කපලා කන මස් ටිකට වැඩිය රස දේවල් හුඟක් මේ පුංචි රටේ තියනවා,හරකගෙන් මේක නැවැත්තුවොත් තේරුමක් නෑ.කුකුළා,එළුවා,මාළුවා කියන්නෙත් අහිංසක සත්තු තමයි,අතර මැදින් නවත්තන්නෙ නැතුව දිගටම මේ සටන කරගෙන යන්න ඔබ වහන්සේලාට දිරිය ලැබේවා! ඉත සිතින් පතමි (දී)
හොඳ දෙයක් කරනකොට ඒකට හැමෝම සහය දිය යුතුයි. ඊට වඩා හොඳ විසඳුම් තියෙනවා නම් ඒවා තියෙනවා කියන්නේ නැතිව, අනිත් අය කරනකම් බලාගෙන ඉන්නේ නැතිව කරන්න ගන්න. ශ්‍රී ලංකාව තුල අනිවාර්යෙන් ගව ඝාතනය වැලැක්විය යුතුයි. (දිල්)
මේ රටේ කොයිතරම් දේවල් තියනවද නතර කරන්න ඕන (දිල්)
කටුකුරුන්දේ බුද්ධිමත් ජනතාව කතා බහ කරලා මස් කඩේ වැහුවා. ඒ වගේ බැරි ඇයි ? පාරවල් අවහිර කරන එක හොදද මන්ද (දී)
ගව ඝාතනය නතර කරන්න මේක හොද ආරම්භයක් සාර්ථක වේවා(දිල්)
රට ආගම රැකගන්න මෙහෙම දේවල් කරන එක හොඳයි.(දිල්)
කාගේ උවමනාවට කරන දේවල්ද මේ (දී)
රටේ ජනතාවට තිබෙන සබැ ප්‍රශ්න යටගහන්න කරන උප්පර වැට්ටි.. (අ)
උත්තරයක් තියෙනවනේ හාමුදුරුවරු කියන්නේ..ගව ගාතනය නතර කරන්න කියල විතරයි,,හරක් මස් කන්න ඕන යට පිටරවලින් ගෙනැල්ලා ඕන විදියකට හදාගෙන කන්න පුළුවන්..මේ උදේ පාන්දර හරක් දහස් ගානක් මරණ එක රටට හොඳ නැති නිසා තමයි එහෙම ඉල්ලා සිටිනවා ඇත්තේ.. (දී)
ලංකාවේ අපි සිංහයෝ.එතකොට සිංහයෝ කන්නේ තනකොලද? නියම සිංහයෙක් වෙන්න නම් මස් කන්න වෙනවා නේද? දන්නේ නැති නිසා ඇහුවේ. මෙහෙම ගියොත් සත්තු වත්තේ සින්හයෝන්ටත් කන්න වෙන්නේ තණකොළ තමා. (අ)
ගව ඝාතනයට වඩා කුඩු සහ මිනිස් ඝාතන මීට වඩා වටිනවා නේද (දී)
ගව ඝාතනය නැවත්වීමට වඩා ගව මස් කෑම නැවත්වීම ඉතා හොද විසඳුමක් කියා මා සිතනවා (අ)
මේක දැන් විහිළුවක් වෙලා.දකින දකින හැමදීටම ගිනිතියා ගන්න බලනවා (අ)
ශ්රී ලංකාවේ ගවගාතනය නවත්වල හරක්මස් පිටරටින් ආනයනය කලානම් හරිවගේ.(අ)
නීතියෙන් තහනම් කළාය කියා ගව ඝාතනය කාටවත් නතර කරන්න පුළුවන්ද ? අනෙක ගව මස් සියළුම ජාතීන්ට අයත් පොදුවූ මස් වර්ගයකි. කන්නට අකැමැති අය නොකෑ සිටීමටත් කැමැති අයට කන්නටත් ඉඩ දුන්නා නම් අවුලක් නෑ නේ. (දී)
හරක් මස් කන්න ඕන යට පිටරවලින් ගෙනැල්ලා ඕන විදියකට හදාගෙන කන්න පුළුවන්..මේ උදේ පාන්දර හරක් දහස් ගානක් මරණ එක රටට හොඳ නැති නිසා තමයි එහෙම ඉල්ලා සිටිනවා ඇත්තේ (දී)
ගව ඝාතනයට විරුද්දව මනුෂ හිංසනයක් වෙලා වගෙයි. (අ)
මස් කන එක නතර කරන්න කලින් හාමුදුරුවන්ට මෙහෙම කරන එක නවත්වන්න වෙයි (දී)
ගව ඝාතනය වගේම මනුෂ්‍යා ඝාතනයත් නවත් වන්න ඕනේ (දී)
අනේ අපේ හමුදුවරුනේ ..... මේ රටේ වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද ...?(අ)
ගව ඝාතනය හොඳ නැහැ කියන හාමුදුරුවන් අනෙකුත් සතුන් ආහාරයට ගන්න එක කක නැහැ කියලද කියන්නේ. හින්දු ආගම අදහන අය ශිව දෙවියන්ට කරන ගෞරවයක් ලෙසින් ගව දෙන පමණක් මරණයට පත් කරන්නේ නැහැ. හරිනම් ගව ඝාතනය ගැන විරෝධය පාන්නට උවමනා හින්දු ආගමිකයිනුයි. ගවයා වෙනුවට තැන තැන වල සිදුවන මිනිස් ඝාතන ගැන හෝ ළදරුවන්ට දෙන කිරි පිටි සඟවා ළදරු ආහාර හිඟයක් ඇති කිරීම වැනි දෙයක් සම්බන්ධයෙන් සටනකට ගියානම් කමක් නැහැ. (අ)
හරක් මස් නොකා හිටියනම් ඉල්ලුම අඩුවෙලා, සැපයුමත් ඉබේම අඩුවේවි. (දිල්)
සුපේසල ශික්ෂාකාමි ත්‍රයිනිකායික මහානා හිම්වරුන් ඉදිරියේ විධිමත් ලෙස මෙම චීවරධාරීන් විමර්ශනයකොට ශාසන විරෝධිව හැසිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතු අතර ,රටේ වලංගු හා සාධාරණ නීතියට අනුව් දඬුවම් පැමිණවිය යුතුයි.මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ හැරීමෙන් බෞද්ධ භික්ෂුව සතු උදාරත්වය හා ගෞරවය කෙලෙසී යනු ඇත ...(අ)
ඕක කරන විදිහේ පොඩි වැරද්දක් තියනවා . ගිනිතබා ගන්නවා කියන්න ඔය සටනින් පරදිනවා කියන එක . කරන්න ඕනේ හරක් මරණ අයව මරනවා කියල තර්ජනය කරන එක . එක්කෙනෙක් දෙන්නෙක් මරල දැම්මනම් ඕක හරියනවා .(දී)
ඔය වැඩේ අර්ථයෙන් ධර්මයෙන් පහදල දීල ජනතාවගෙ මානසික තත්වය වෙනස් කිරීම තුලින් අපූරුවට කරන්න පුලුවන්.කෝකටත් තෛලය වගේ හැම දේටම උපවාස කරල ජන ජීවිතය අවුල් කරන එක සංඝ සමාජයට සුදුසු දෙයක් නොවෙයි.ගැලරිය පිනවන්නනම් මේ දේවල් හොඳයි.!!!!(දී)
අංගොඩ යවන්න මේ ගොල්ලෝ....(අ)
හිමි වරුන්ට ඇති වගකීම පැහැර හරිනවා (දී)
මොනොව හරි කරා කියන්ටත් එපායැ (අ)
බෞද්ධ රටේ බෞද්ධ ස්වාමීන්වහන්සේලා පත්වෙලා තියන ඉරණම ගැන බොහොම කණගාටුයි. අර ෆිල්ම් එකට විරුද්ධව මුස්ලිම් අය දවස් ගානක් පාරවල් හරස් කරන් උද්ඝෝෂණ කලා කාටවත් ගැහුවෙත් නෑ කාවවත් අත් අඩංගුවට ගත්තෙත් නෑ.. (දී)
බුදුන් වදාළ දහමේ තියෙන්නේ ""සියලු සත්වයෝ නිදුක් වෙත්වා "" කියලා මිසක් ""සියලු හරක් නිදුක් වෙත්වා "" කියලා නොවේ. (නදී)
බුදු දහමට අනුව සියලුම සත්වයන් ඝාතනය වරදක්. මෙතන ගවඝාතනයට විශේෂයක් දක්වනවා ඇත්තේ ගවයා අපට ගොඩක් උදව්වෙන නිසා වෙන්න ඇති.(නදී)
ජාතියේ නාමයෙන් මේ හිමියන්ට නිදුක් නිරෝගී වේවා (දී)
ගවයන් මරණ එක පව්. අද ගවයන් වගේ මිනිස්සු මරනවා. පොඩි ලමයින් අරගෙන ගිහීන් දූෂනය කරනවා කුඩුවලට මත්පැනට ලෝල්වෙලා. තරුණ පරපුර විනාස වෙනවා. මේවාට උද්ගෝෂණ පවත්වන්න කව්රුත් නැ. මේවටත් මොනවා හරි දෙයක් කරනවා නම් කොපමණ හොදද? (නදී)
සිංහලුන්ට බෞද්ධයින්ට ගිය කල (දී)
කාට කියන්නද මේවා (දී)
අපේ කමකට ගිය කලක් (දී)
මස් මාළු කන්න එපා එපා එපා (දී)
මීට වඩා කොපමණ ප්‍රශ්න තියනවද , දැන්නම් බදු මිල, බඩු මිල ඔක්කොම අමතකය.(අ)
ශ්රී ලංකාව යනු මුස්ලිම් කොලනියක් නෙමේ මේක බුද්ධ රටක් සතුන් මරල මස්කන්න ඕන අය මේකේ ඉන්න බැරිනම් මෙඉන් යන්න අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දීල වෙන අහිංසක කිසිම සතෙකුගේ මස් කන්න කාටවත් අයිති නැහැ තමාට මස් කන්න ඕනනම් තමාගේ අතපය කපාගෙන කන්න (දී)
හාමුදුරුවනේ ඔයාලඋ වරුත් දාන වලට ගිහිල්ල ඔය කියන ජාති දුන්නොත් නොකා ඉදිද? (දී)
හරකාගේ මස් විතරද පව්! දහස් ගණනින් නෙමෙයි ලක්ෂ ගණනින් කුකුල්ලු , උරෝ, මාළු මරනවා දවස ගානේ ! ඒවා පෙන්නේ නැහැ කාටවත්. හම්බයෝ හරක්මස් කන නිසා නිකන් චුන් වෙලා! ඒක නවත්තන්න දගලනවා, හොද බොදු සිංහලයෝ මාළු, කුකුල්මස් කනවා. සතා පොඩි උනාම පව අඩුයිද? (දී)
ගව ඝාතනයට විරුද්ධ වීම වාගේම ,ගව මස් අනුභව නොකරන ලෙස ජනතාව දැනුවත් කිරීම කරන්නේ නම් ,ඔය සෙල්ලම ඉබේම නවතිවි මස්,මාලු , කරවල, උම්බලකඩ,පිලි නොගන්නේ නම් ,ඒ සත්වයින්ටත් අභය දානය ලැබෙනවා... (අ)
මේවා ලංකාවේ කරන්න ඕන වැඩ.සාධාරන විදියට ඉල්ලීමක් කළාට කවදාවත් ඉෂ්ට කරන රජයක් නෙවෙයි ලංකාව තියෙන්‍නෙ. ඒ නිසා තමයි හැම දේකදිම පාරට බහින්න වෙන්නේ. පාරට බැස්සත් මර්දනය,ගින්නක් ඇති වුනාම ඒ ගින්න නිවන්න ගිනි නිවන රථ නෑ.ඒත් උද්ඝෝෂණ වලට වතුර ගහන්න නම් ඔන තරම් වතුර බවුසර් තියනවා. (අ)
සමාවෙන්න එතකොට අපිට කිසිම කරදරයක් නොමැති අහිංසක මාළු...?(අ)
ඔබත් නිර්මංස වෙන්න. එහෙම වෙනවා නම් මේ කරදර ඉවර වෙයි (අ)
ඉන්දියාවේ ගවයාට තියෙන්නේ ඉතාමත් ගෞරවනීය තැනක්. එහෙත් ලෝකයේ 2 ස්ථානයට ගවමස් අපනයන කරනවා. ඒ රටේ නැති කැක්කුම අපේ රටේ තියෙන්නේ. හරකාට වඩා ලංකාවේ ප්‍රශ්න කොච්චර තියනවාද? ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න (අ)
මිනිසුන්ව මරන්න එපා කියල උද්ඝෝෂණය කරන්න කව්රුවත් ඉදිරි පත් වෙන්නේ නැත්තේ මොකද? (අ)
පාලකයින්ට ලොකු භියක් තියෙනවා සිංහළ යාගේ හඬ අවදි වෙයි කියල. මොනවා යටපත් කලත් ඔය "හඬ" මැඩ පවත් වන්න ලැබෙන එකක් නැහැ. (අ)
ලන්කාවෙ වැඩියෙන්ම හරක් මස් කන්නෙ බෞද්ධයො. (දී)
ගව ඝාතනයට මම සම්පූර්ණයෙන්ම විරැද්ධයි ඔබ වහන්සේලාගේ සටනට මගේ උපරිම සහාය ගව ඝාතනය තුරන් වුන ලංකාවක් හෙට දින අපට ලැබේවා (අ)
ගව ඝාතනය නවත්තනවානම් හොදයි නමුත් බැහැනේ (දී)
සමන් ගේ අදහසට මාත් එකඟයි උද්ගෝෂණ කරලා මේවා නවත්වන්න බෑ.. මන් නොකා හිටියම ඉබේම නැවතී.. (දී)
මිනිස්සු මරණ එකට විරුද්ද වෙන්න කව්රුත් නැද්ද. (දී)
කුකුලා කියන්නේහෙක් නොවෙයිද (දී)
සරණ ඔබ හරි (දී)
හිමි නමකට කැප නැහැ (දී)
ඔය වගේ දේවල් වලට උද්ගෝෂණය කරන අයට නම් ගිනිතියාගන්න දෙන එකමයි හොඳ .. එතකොට ඔය වගේ නුගත් උද්ගෝෂණ කරන්න කට්ටිය නැතිවෙලා යයි .. ඔය ගහන්න ඇත්තේ නම් මෙයාලගේ උද්ගෝෂණය හින්ද මහා පාරේ රස්තියාදු වෙන්න උන කෙනෙක් වෙන්න ඕන .. මේවා මහා මෝඩ උද්ගෝෂණ .. (දී)
ඇයි ගවයන් ඝාතනයට පමනක් විරෝධය.සුදු වෑන් වලින් ඇවිත් මිනිස්සු පැහැරගෙන ගොස් මරා දමන ඒවා මේ අයට පෙනෙන්නෙ නැත්ද. (දී)
අනේ හිමියනේ (දී)
මම කියලා මොනවා කියන්නද (දී)
ගව ගාතනය විතරක් නොවේ ,පන්සිල් පද පහෙන් තව වෙන එක පදයක් හරි රකින්න කියල උපවාස කරලා පෙන්වන්න පුලුවන්ද ? (දී)
අනේ මෙහෙමත් රටක් (දී)
නිතිය කියලා හිමි නමකට අපහාස කරන එක වැරදියි නේ (දී)
බෞද්දයෙක් හැටියට ගවමස් හෝ කිසිමසක් නොකන්නෙක් හැටියට මගේ මතය නම් මේ ක්‍රියාවලිය මාධ්‍ය සංදර්ශනයක් පමණක් වගෙයි..මේක නතර කරවන්න ඕන මේ විදියේ බලහත්කාරෙන් නොවෙයි.මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරලා ..ගවමස් කෑමේ අදීනව පැහැදිලි කරලා දීල, මස් මාංස වලට ලොල් වෙච්ච ජනතාව හැකිතාක් දුරට අවම කිරීමෙන්..සිංහල බෞද්දයන් දැන් වැඩි ප්‍රතිශතයක් මේ ගව මස් කෑම ඇත හැරලා තියෙන්නේ..අවශ්‍ය තව දුරටත් සංවිධනත්මකවා මේ මතය මේ අදහස ජනය අතර පැතිරවීම පමනයි...මේක එ සදහා කිසිසේත් සුදුසු ක්‍රියාවලියක් නෙමෙයි..(අ)
මිනිස්සුන්ට වඩා සත්තු වටිනා සමාජයක් මේක (දී)
මොකද්ද අත්අඩංගුවට ගන්න කල වරද මිනි මස් කන්න එපා කියපු එකද (දී)
මස් කන එක නවත්තුවානම් ඔක්කොම ඉවරනේ (දී)
ගව මස් කෑමට විශේස තහංචියක් පැනවීමෙන් සිදුවන්නේ මොකක්ද කියලා සිතන්න .පංච ශීලයේ දක්වන මුල්ම ශිල්පදය නිවැරදි අර්ථ පවා අපේ ජනසමාජයේ ඉවතට අද දැමීම නේද ?මෙවැනි ජනකාන්ත ව්‍යාජ සිල් පදවලට ඇති කාලීන ඉල්ලුමට පිටු පස ඇත්තේ මහා පරිමානයේ ආගම් ජාවාරම්කරුවන්.ඒ අය තමාගේ ජාවාරමද රැගෙන ප්‍රසිද්දියේ මහජනතාව හමුවට පෙනී සිටිමින් අපේ අහිංසක බෞධ්දයින් නොමග යවා බඩ වඩා ගන්නවා -.ගංගොඩවිල සොමහිමිපානන්ගෙන් ,මිසදිටු බිඳින හඬ ,පිටු අංකය 20 (දී)
ගව ගාතනය නතර කරන්න පුලුවන් මෙ වගේ වැඩ කරලා නෙමේ (දී)
පුලුවන්නම් කුඩු විකුණන එකත්,මත්පෙන් විකුණන එකත්,මිනි මරණ එකත්,කුඩා ළමුන් දුසනය කරන එකත් මේවගේ සත්‍ය ග්‍රහ උද්ගොසනයක් කරලා නවත් වන්න බැරිද?ඔය හෙමොටම පින්සිද්දවේවි ......නිකන් බොරුවට හරක් පස්සේ යන්නේනේතුව .... (දී)