සුරියවැව ධර්මදුත ආශ්‍රමයේ දඹදෙණියේ ධම්මදින්න හිමි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 21 තෙක් රිමාන්ඩ් කරනුලැබීය.
ගව ඝාතනයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ අසල සිහල රාවය පැවැත් වු විරෝධයේදී පෙට්‍රල් බදුනක් ද අතැතිව උද්වේගීකාරීව හැසිරෙමින් මහජන කැලැබීමක් සිදු කෙරෙන පරිදි සිය දිවි නසා ගැනීමට තැත් කළැයි ද එසේ වුයේ නම් ජාතිවාදී කෝලහලයක් දක්වා එම සිද්ධිය වර්ධනය වීමට ඉඩ තිබුණේයැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර හරස් කරගෙන නටපු නාඩගමට දඬුවමකුත් දෙන්න ඕන (අ)
එතකොට රතුපස්වල උන් පාර වහගෙන කරපු නාඩගම හරිය කිව්වේ චතුලලම නේද? කටවල් දෙකක් තියන නිසා හොදය්ි (අ)
ගව ඝාතනයත් වරිදියි. ඒත් ඊට වඩා කුඩු ජාවාරම, කප්පම් ගැනීම් කොච්චර ලොකු අපරාධ ද? අන්න අපේ හාමුදුරුවනේ..සටනක් සංවිධානය කරන්න ළමයින් අපචාරයට සම්බන්ධ කරගැනීම්, කප්පම් ගැනීම්, කුඩු ජාවාරම් ආදියට එරෙහිව.අපේ තිබෙන ලොකු අඩුපාඩුවක් තමයි, ප්‍රමුඛ තාවය දිය යුත්තේ කුමකටදැයි වටහා නොගැනීම..(අ)
බෞද්ධ සංස්කෘතිය තුළ භික්ෂුන් වහන්සේ නමක් යනු ඉවසීම පෙරදැරිව මධ්‍යම ප්‍රතිපදාවෙන් කටයුතු කරන පුජනියවුද ඇති ගෞරවනියවුද ආදර්ශමත් චරිතයකි. එවන් ශික්ෂාකාමී අනෙක් භික්ෂුන් වහන්සේලාට මෙම හාමුදුරුවන්ගේ හැසිරීම බලවත් අපහසුතාවයකට පත් කරන්නක් ලෙසින් මම මේ සිදුවීම දකිමි. මෙහිදී පොදු දේපල රැකීම සහ අරගල ඇතිකිරීම වැලැක්වීමට නීති මගින් කටයුතු කිරීම සාධාරණය. එමෙන්ම මහා නායක හාමුදුරුවන් වහන්සේලා මෙවැනි අවස්ථාවක කිසියම් පියවරක් ගැනීමද බුද්ධ සාසනයේ නාමයෙන් වැදගත් යයිද සිතමි. (අ)
මෙය වගෙයි මෝඩ උන් නිසා තම වසර 30 අපි දුක් වින්දේ ෙ(අ)
මිනිස්සු හරක් මස් නොකා හිටියනම් ඉවරනේ. (අ)
මේ හිමියන්ව මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්වන්න (දී)