ගව ඝාතනයට විරෝධය දක්වන බව කියමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ක්වින්ස් හෝටලය අසල දී සිරුරට ගිනි තබා ගැනීම නිසා ඊයේ (25)අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය තමනට නොදන්වා රෝහලෙන් රැගෙන ගියැයි කියමින් සිංහල රාවය සංවිධානය මීට ටික වේලාවකට පෙර බොරැල්ලේදී විරෝධතාවක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක විකුණගෙන ලකුණු දාගන්න බැරි උන දුකට වෙන්න ඇති (අ)
ටී.එන්.ඒ ජාතික සංවිධානයක්. සිංහල රාවය ඒ වගේ එකක් නොවේ. මොකද මේ දෙබිඩි සැලකිලි. සිංහලයයට මුකුත් බැහැ. අයිතීන් නැහැ (නි)
ප්‍රභාකරන් ඉන්න කාලේ මේ අය කොහෙද හිටියේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ අපේ සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් ජීවිතය දුන් හිමිනමට නිගා නොකරනු! මේ හුදෙක් ගව මස් කෑමට එරෙහිව නොව, අපිව වටා ඇති බටහිර ක්‍රිස්තියානි ආහාර සංස්කෘතික උගුලෙන් , හා මුස්ලිම් අන්තවාදයෙන් බේරා ගැනීම වෙනුවෙන් ජීවිතය දීමක්ය . 'නෙතුම්' වැනි බටහිර ක්‍රිස්තියානියට රට පාවා දුන්නවුන් සිංහ හම පොරවගත් වෘකයන් මිස වෙන කෙනෙකු නොවේ. හාස්‍යට කරුණ නම් මොවුන් අපිට හොද නරක කියා දීමට පැමිණීමය. මේ වෘකයන්ගෙන් අපේ සිංහල බෞද්ධ රට බේරා දෙනු.. (නි)
සිංහලය අල්පෙච්ඡය. බෞද්ධ ආහාර සංස්කෘතිය පිළිපදින්නේ නම් ඔබට කිසිදු ලෙඩක් නොසෑදෙනු ඇත. නමුත් ඔබට ආසනික් කවා ඔබව මරාදමන බටහිර ක්‍රිස්තියානිය ඔබව ක්‍රිස්තියානි ආහාර උගුලක හිර කොට ඇත. අවදිවන්න. ඔබව සම්පුර්ණයෙන්ම විනාශ කිරීමට ප්‍රථම. (නි)
නීල්, රණා, සිරිසේනට කිවයුතු දේ ගලපගන්න අමාරුයි. නිකන් කටකැඩිච්ච කතා කියන්න එපා. (නි)
ප්‍රසංග,මේක කොහොමද බහු ආගමික රටක් වුණේ.මේක සිංහල බෞද්ධ රටක්.70%කට වැඩ බෞද්ධයෝ ඉන්නවා.අනිවාර්යෙන්ම සිංහල බෞද්ධ රටක්.මැලේසියා වල බාගෙට බාගයක් චීන්නු ඉන්නවා.නමුත් මලයාසියාව මුස්ලිම් රටක් කරලා, ඒ නිසා ලංකාව බහු ආගමික රටක් කියන අය තියන්න නරකයි. (නි)
බුද්දි බබා. අනේ පව් අනේ. (නි)
රටේ තත්වය මෙහෙම වෙන්නේ නැහැ අපේ සෝමහිමි හිටියා නම් (නි)
මේ ගොල්ලෝ බුදු දහමේ එන හාමුදුරුවෝ කියන්න අමරුයි. කරුණාකරලා අනගාරික දම්පල් තුමා කල මෙහෙය ගැන කල්පනාකාර බලන්න. එත් මේ විදියට හැසුරුනේ නැහැ. අපට දැන් කරන්ට් එක වැදිලා මොලේ අරෙහෙ මෙහෙ දුවනවා.(නදී)
අපි විතරද එතකොට මස් කන්නේ? (නි)
දැන් ඕනෑ වෙලා තියෙන්නේ අලුත් ප්‍රබාකරන් කෙනෙක් බිහිකරන්නද? (නි)
රට ජාතිය හා ආගම ගැන හැගීමක් නැති අය අනවශ්‍ය කතා නොකියා හිටියොත් හොදයි නේද? මේ හාමුදුරුවන් නොසිටින්න අද රටක් නැහැ. අනවශ්‍ය කතා කියන අය ඉතිහාසය ඉගෙනගත යුතුයි. (නි)
අද එන්න එන්නම් ආගමික හැගීම් වැඩිවෙලා අපේ ස්වාමින් වහන්සේලා අතර. එක පැත්තකින් ඒකත් හොඳ දෙයක්. ඒත් තමුන්ටම ගිනි තියාගෙන දිවි නසා ගැනිම නම් මහා මෝඩ වැඩක් (නි)
මිනිස්සුන්ව ඝාතනය කරන එකට කාටවත් ගානක් නැහැ වගේ. (නි)
සිංහල රාවය යුද්දෙ කාලයේදී බම්බුව තමයි කරන්න ඇත්තේ. රටම විනාශ කරන්න යනවා. හරක් මස් කන්න එපා කියලා විරුද්ධ වෙන හරක්ට තේරෙන්නෙ නැද්ද කොයි සතා මැරුවත් පව එකමයි කියලා. අපරාදෙ හරක් වෙනුනේ ගිනි තියාගන්න උඩගෙඩි දෙන හරක්.(නදී)
හරක් මස් කන අය කියාවි හාමුදුරුවෝ කරගත්තේ මෝඩ වැඩක් කියලා. ඒත් මෝඩයන්ට හාමුදුරුවෝ කළ කැපකිරීම තේරුම් ගන්නකොට සියල්ලෝම ප්‍රමාද වැඩියි. නිවැරදි දැක්මක් නැති දේශපාලුවෝ නිසා රටේ ජනයා ඔහේ යනවා. හාමුදුරුවරු නිවැරදි මග පෙන්නුවත් එය තේරුම් ගන්න තරම් මොලයක් අද රටේ ජනයාට නැහැ. ඒ තරමටම පක්ෂ විපක්ෂ දේශපාලුවෝ මිනිසුන්ගේ මොලේ කුරුවල් කරලා. මොන්ටිසෝරි ළමයි තව හොදයි. දේශපාලුවන් කාටවත් කඩේ නොයා ඇත්ත තේරුම් ගෙන හරිදෙයට සහයෝගය දෙන්න අධිෂ්ඨාන කරගන්න ඕනෑ හැමෝම (නි)
මේ වගේ දේවල් නිසා බුදු දහමට තමා පහර වදින්නේ (නි)
අවුරුදු 30 කට පසු ලැබුන නිදහසින් අයුතු ඵල ලබන එක වැරදියි. රට බෙදීමට නැවත වාතාවරනයක් සැදීමට මේ පිරිස් පසු පස විදේශ බලවේග තිබේ.බෞද්ධයෙක් වශයෙන් මම මේ දේවල් හෙලා දකිමි (නි)
ප්‍රශංග, මුස්ලිම් මිනිස්සු විතරද හරක් මස් කන්නේ? සිහලුන් ෂොට් එකක් දාද්දි ඩෙවල්, බීෆ් කෑවොත් ඒවා හරක් මස් නෙවෙයිද? අනෙක පණ තියෙන්නේ හරක්ට විතරද? එළු මස්, ඌරු මස්, මාළු කෑවොත් පවු නැද්ද? මොනවද මේ දෙපිට කාට්ටු කතා? (නි)
මේකත් එන්.ජී.ඕ වැඩක් වෙන්න බැරිද?(නදී)
සහෝදරවරුනේ, කොහොම හරි හරක් මරණ එක නවත්වන්න ඕනේ මේ වාහන එන්න ඉස්සර ගමනට බිමනට ගොවිතැන් බතට උදව් කලේ මේ සතා තමා. ඒ කල ගුණ වත් තියන්න ඕනේ අම්ම තාත්ත අදුරන්නේ නැති අය ඉන්න රටක ඔය සතා ගැන හිතාවිද. අනාගතයේදී ඉන්දන ඉවර උන දවසක වාහන සේරම පැත්තකට දාන්න වෙනවා. එදාට ඔය සතා ලෝකයෙන් තුරන් වෙලා තිබුනොත් ඒ සතා ගෙන් ගත් වැඩ ගන්න වෙන්නේ ඔය මස් කාපු අයගෙන් තමයි.(නදී)
මේ ස්වාමින්වහන්ස කරපු වැඩේ වැරදියි. එයාට අයිතියක් නැහැ ජීවිතය නැති කරගන්න. මුස්ලිම් මිනිස්සු විතරක් නෙමෙයි ගව මස් කන්නේ. හැම ආගමකම මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා මස් කන. ගව මස් කන එක 100%ක් නැති කරන්න බැහැ. එහෙත් ඒ ස්වාමින් වහන්සේට මුළු රට පුරාම ප්‍රචාරය කරලා මිනිස්සු දැනුවත් කරලා, ඒකෙන් 80%ක මස් කන පිරිස 50% දක්වා අඩු කළත් ඒ පින හරි එයාට තියනවා. අනික ඒ මගින් එයා යම්කිසි දෙයක් සමාජයට කරලා තියනවා කියලා හරි සන්තෝස වෙන්න තිබුණා. බන කියන සාදුලම මේ වගේ දෙයක් කළහම ගිහියන් කොහොම කරයිද? එහෙම නේද? (නි)
ප්‍රබාකරන්ගේ කාලේ අපේ රණවිරුවන් මරනවිට කවුරුවත් පාරට බැස්සද? කෙහෙල් කොට සීල් කරලා එනවිට කෙහෙල් කොටේට ගරු බුහුමන් කරලා අපේ දෙමව්පියෝ කෙහෙල් කොටේ වළදැම්මා. අපිට මේවා මතකයි (නි)
ඔය හරක් මැරුවේ අද ඊයේ නෙමෙයිනේ (නි)
හරක් මැරීම නැවත්තුවට කමක් නැත. හැබැයි කුකුල් මස් කිලෝවක් රු. 2000 වෙයි.(නදී)
ප්‍රසංග , ලංකාව බහු ආගමික රටක් වුණේ කවදද? නුඹලා වගේ අය නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. ඉතිහාසය විකෘති කරන්න එපා. සිංහල මනුස්සයාගේ තියෙන මනුස්සකම නිසා තමය අනිත් ජාතිනුත් අද එකට ඉන්නේ. මාලදිවයින කියන්නේ එක රැයින් සියලු බෞද්ධයන්ව මරපු රටක්. එහෙම වෙනවා දකින්න ඕනෑද ලංකාවටත්. (නි)
ගව ඝතනය හොඳ නැහැ. මම ඉස්සර ගොඩක් මස් කන කෙනෙක්. මම දැන් අවුරුදු 2ක පමණ කාලයක සිට මස් කන්නේ නැහැ මාලු නම් කනවා එයත් නැවත්විය හැකිය. සෑම ප්‍රාදේශීය සභාවකින් නගර සභාවකින් අපි ඉල්ලනේ මස් කඩ එක මාසයකට නවත්වමු. සත්ව ඝතනය අපි වැනි බෞද්ධ රටකට හොඳද?.(නදී)
හරක් මැරීම නැවත්තුවොත් මම ගිනිතියාගෙන මැරෙනවා. මට මස් නැතිව කන්න බැහැ (නි)
මෙය තනිකර ගවයා වෙනුවෙන් කරපු සටනක්. මෙයට බුදු දහම සම්බන්ද නැහැ. සිවුරක් ඇඳපු කෙනෙක් එයාගේ මතය ප්‍රකාශ කිරීමක්. හරක් මස් කන කට්ටිය කනවා නොකන අය නොකා ඉන්නවා . ඌරු මස් කන අය කනවා , නොකන අය නොකා ඉන්නවා . ප්‍රජා අයිති වාසි කම. එයට විරුද්ධ ෆැසිස්ට් පාලනය අපට එපා. මේ එක එක රාවය බලය එන්නේ හොඳකට නෙමේ. මේකත් තලේබාන් ලංකාවක් වෙනවා.(නදී)
ගිනි තියාගෙන ඉන්නකම් මොන රාවයක්වත් රාවය නැගුවේ නැහැ.දැන් මොකද මේ හීනෙන් බය වෙලා වගේ? (නි)
ගිනි තියාගෙන ඉන්නකම් මොන රාවයක්වත් රාවය නැගුවේ නැහැ. දැන් මොකද මේ හීනෙන් බය වෙලා වගේ.(නදී)
ලංකාවේ දැන් තියෙනවා විවිධ සංවිධාන
මම දන්නැති නිසයි අහන්නේ දැන් මේ රටේ මුස්ලිම් මිනිස්සු විතරද හරක් මස් කන්නේ? එතකොට රටේ මිනිස්සු, ඇමති වරුන් සහ පොලිසියේ මහත්තුරුන් කන්නේ එළවලු විතරද?(නදී)
ප්‍රදීප්, මොක්කක්ද ඔයාට හැදිලා තියෙන පිස්සුව. හැම දේටම ආගම් භේද ඇදගෙන මාත් එක්ක කෑගහන්නේ. ඔයා ඔය කෑගහන්නේ රටට ආදරයට නෙමේ පුහු මාන්‍යට යමක් පිලි ගැනීමට ඇති අකැමත්තටයි. ඔයා සිතින්, කයින්, හැගීමෙන්, දැනීමෙන් සිංහල වෙලා අන්‍යන්ට ඒ හරය දෙන්න එය ගොඩාක් වටිනවා. මනුස්සයෙක් හැටියට එහි වටිනාකම රැකෙන විදිහට කතා කරන්න. විහිළුවට ලක්වෙන්නේ නැතුව. සමාජය කුපිත කරන ඔයාලවගේ අයගෙන් තමා මේ සමාජය පිරිහෙන්නෙයි වැනසෙන්නේ. ඔයා වගේ කෙනෙක්ට වග උත්තර බැඳීමට මම කොහෙත්ම ලැස්ති නැහැ.(නදී)
ස්වාමින් වහන්සේට නිවන් සුව පතනවා. ඒත් මේ පෙලපාලි ගිහින් ලකුනු එකතු කරන අය මේ රටේ අහිංසක දරු පෑටව් දූසනය කරන කොට අහිංසක අම්මලාව කපල කෑලි වලට වෙන් කරන කොට මිනිස්සුන්ව බල්ලො වගේ දවස ගානෙ පාරවල්වල මරල දාල තියනකොට කට අරින්නෙ නෑත්තෙ ඒ වගේ දේවල් වලින් ලාභ ප්‍රයෝජනයක් ගන්න බෑරි හින්දද?. කරුනාකර අපවත් වෙච්ච ස්වාමින්වහන්සේට අපහාස නොකර ගෙදර යන්න.(නදී)
ප්‍රසංග, ඔබේ අදහස 100% ක් හරි. ලංකාවේ හරක් මරණ එක සම්පුර්ණයෙන්ම තහනම් කලොත් හරක් මස් කිලෝවක මිල 200 දක්වා අඩුවෙනවා. හේතුව කඩවලට ටෙන්ඩර් නැති නිසා හරක් මිල අඩුවන නිසා. තහනම් කලා කියන්නේ බෝතල් වලටත් වැඩි වැඩියෙන් ඉල්ලුමක් ඇති වේවි.(නදී)
ප්‍රශංග, ආවේග වුනාට වචන බාවීතයේදී ප්‍රවේසම් වෙන්න. අවංකවම කියනවනම් අපේ ගෙදර මාළු ඇරෙන්න මස් වර්ග බාවීතය ඉතා අඩුයි. ඒ වගේම මාංශ වර්ග ආහාරයට එකතුකරගැනීම කොයි ජාතීන් අතරත් ඉන්නවා. මිශ්‍ර ජාතීන් අතර ජීවත් වෙන මම එය හොදින් දන්නවා. (නදී)
මෙයාලා සිංහල රාවය නම්, රාවනා කාණ්ඩ එක්ක පැහෙන්න බැනේ, රාවනාල ලංකාවේ මුල්ම කාන්ඩේ, සිංහල ආවේ අර විජයගේන්ලු නේ, ලොකු කාල පරතරයක්, අනේ මෙයාලට මතක නැති හැටි අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියලා. (නදී)
උපාලි, සේරටම කලින් ඔයාගේ ගෙවල් වටේට ඉන්න අය හරක් මස් කන එක නවත්තන්නකො. ඊට පස්සේ අනිත් අය ගැන බලාගන්න පුළුවන් වෙයි. (නි)
ජීවිතයක් කියන දෙයට ජීවයක් පවතින බොහෝ දේ අයිතිය. සත්වයින් තුලත් එක සතෙකු පමණක් වටියි යැයි සැලකීම පවකි. තව කෙතරම් මිනිසාට හිතකර ප්‍රයෝජනවත් සත්වයින් ඉන්නවාද? සෑම සත්වයෙක්ම මෙලොවට අවශ්‍ය නිසයි නිර්මාණය කර තිබෙන්නේ. කෙසේ හෝ මෙම හිමිනමගේ ඉල්ලීම හොඳයි ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකියි(නි)
බලාගෙන යනකොට සිංහල රාවය තමයි පිටිපස්සේ ඉන්නේ.(නදී)
දේහය තමන්ට නොදන්වා රෝහලෙන් රැගෙන ගියා කියලා තවකෙනෙක් ගිනිතියා ගනීද දන්නෙ නැහැ (නි)
දෙමළ මිනිස්සු හරක් මස් කන්නේ නැහැ. ජාති බේද ඇති කරන්න එපා. වරාය සිද්ධිය යටගියාද?(නදී)
බලාගන යනකොට සිංහල රාවය තමයි පිටිපස්සේ ඉඳලා තියෙන්නේ.(නදී)
හාමුදුරුවනේ හරකුන්ට විතරද පන තියෙන්නේ? ඔබ වහන්සේලා අනෙකුත් සතුන් අනුබව කිරීම අනුමත කරනවද? උදා: මාළු ,කුකුලන්, බිත්තර ,එළුවන්, උරන් මේ සතුන්ට පන නෙවෙයිද තියෙන්නේ? තමන්ට ඕන විදියට අද අගම හදාගෙන ඉන්නේ. ඇයි පෝය දවසට තැබෑරුම් වහන්නේ? එදාට විතරද සිංහල ජනතාව පන්සිල් රකින්නේ? මොනවද මේ කියන්නේ ? කන කෙනාට කන්න දීල නොකන ඔබල ඔබලාගේ සීලය රකින්න. එතකොට සේරම හරි.(නදී)
බුද්ධි, සිංහළ රාවය යුද්දෙ කාළයේදී ඔය සාම හොරුන්ට විරුද්ධව ලොකු වැඩක් කොළා. ඔයා ඒ කාළේ පිටරටද හිටියෙ.(නදී)
බොහෝ විට සිදුවෙන්නේ අපි නොහිතන දෙයක් (අ)
පෙට්ටිය කරගහගෙන කොටුවේ දුම්රියපොළ ලගට එන්න හිතාගෙන හිටිය වෙන්න ඇති.(නදී)
හරක් විතරක් නොවෙයි කුකුළ්ලු , එළුවො, ඌරො ඔය හැම එකක්ම මරණ එක නවත්වමු. මොකද මොකා මැරුවත් පව්නෙ. අනේ හාමුදුරුවනේ ඔය හැමතැනම තියන තැබෑරුම් ටිකත් වහමු මොකද හොද නැද්ද?(නදී)
අන්තිමේ මොකද්ද මේ වැඩ වලින් වෙන්නේ
අයියෝ ලංකාව
තවත් මේ වගේ පුවත් එනකොට රජයට සතුටු ඇති නේද. මේවා පටන් ගත්ත අය සතුටින් ඉන්නවා.(නදී)
ප්‍රශංග, ඔය ඇත්තමද කියන්නේ ? අදනේ දන්නේ මුස්ලිම් මිනිස්සු විතරක් හරක් මස් කන බව.ඇත්තටම ඔය ලංකාවේද ඉන්නේ? කොහෙන්ද අප්පා මේ ආගම වලට සත්තු රිංගුවේ ? (නි)
ලංකාවේ මිනිස්සු වැඩිපුර බොන්නේ නිව්සීලන්තයේ සහ ඖෂ්ට්‍රෙලියාවේ ගවයින්ගේ කිරි. ඔය උත්ඝෝෂණ ඒ රටවල් වලට ගිහින් කලොත් නරකද?(නදී)
ප්‍රසංග මහත්තයා, ඔයා කියපු දේවල් වල තේරුම හරි. එහෙත් කියපු විදිහ හොඳ නැහැ නේද? (නි)
කුමාර්, ඔබ පැවත එන්නෙ විජය රජ්ජුරුවන්ගෙන් වෙන්න ඇති ඒ බව කියන මෝඩ කතා වලින්ම පෙනෙනවා. සිංහලයගෙ සම්භවය පැවත එන්නෙ යක්ෂ, නාග යන ජන ගොත්‍ර වලින්. සිංහලයා විජය රජ්ජුරුවන්ගෙන් පැවත එනවා කියන කතාව නිර්මාණය කලේ සිංහලයට මෙරට හිමි තැන අහිමි කරන්නයි. මේ විස්තර අති පුජ්ය ගරු සෝම ස්වාමීන් වහන්සේ ඉතා තර්කනූකූකව පෙන්වා දුනනා. (නදී)
රට නැවතත් පාපකර්මයකට යන්න දෙන්න නරකයි.සියලු දෙනා සමගියෙන් සිටිය යුතුයි. මේ ප්‍රශ්න වලට රජය වහාම මැදියත් විය යුතුයි. (නි)
මේවායින් එතකොට විදුලිබිල යට ගැහිලද? දැන් තේරෙනවා මේවා කාගේ වැඩද කියලා අනේ අනිච්චන්.(නදී)
අපරාදේ මේගොල්ලන්ට මිනිය නැතිවුනේ. එකෙන් රට අස්ථාවර කරන ගේමක් දෙන්න පුළුවන්කම තියෙද්දී. දැන් ඉතින් තනියම ගිනි තියාගන්න වෙන කෙනෙක් හොයාගන්න. වංස වීර විමලුත් එන්න බැරි නැහැ.(නදී)
මේ හරක් මස් ප්‍රශ්නය බුදු දහම එක්ක සම්බන්ධයක් නැහැ. මේක හින්දු ආගම නිසා අපිට ලැබුන දායාදයක්. මේක තනිකර ජාතිවාදී ප්‍රශ්නයක් කරගෙන අපේ අය. අපි අවිහිංසාවාදී විය යුතුයි. (නි)
අර හාමුදුරුවෝ ගිනි තියා ගත්ත එක නම් මම අනුමත කරන්නේ නැහැ
අයියෝ ජිවිතයක්
අනේ මන්දා මෙහෙමත් අවස්ථාවෙන් ප්‍රයෝජන ලබාගන්න අය. ඉන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ සිරුරරට ගිණිතබා ගන්න පෙර උන්වහන්සේව ආරක්ශාකර ගන්නවා වෙනුවට උන්වහන්සේගේ දේහයට පොරකනවා. ඇයි මේ තරම් පහත් තත්වයකට වැටෙන්නේ. ඔය එක් අයෙක්වත් ඔය අවස්ථාවේ නුවර හිටියෙ නැහැ නේද? (නි)
ඕනෑම විරෝදය පාන්න අනෙක් මිනිස්සුන්ට කරදරයක් නොවන පරිදි
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිය සිරුරට ගිනි තියාගත්තේ අන් අයගේ ඇස් අරවන්න මිසක් බොරු ප්‍රදර්ශනයට නෙවෙයි. බොරු ප්‍රදර්ශනයක් කිරීමට අවශ්‍ය නම් උන්වහන්සේ බොහෝ දෙනා කරන ලෙස මාරාන්තික උපවාසයක් කරනු විනා ඉතා බරපතල හානි සිදුවන ගිනිතියා ගැනීමක් සිදුකරන්නේ නැති බවද අමනයන්ට වැටහී යා යුතුයි. පොත පතින් පෙරලා පෙරලා උන්වහන්සේ කළ ක්‍රියාවේ හරි වැරැද්ද සෙවීමට යන වෙලාවේ උන්වහසේ මතු කළ ප්‍රධාන කාරනා දෙක සිහිපත් කල යුතුය. එමෙන්ම එය ක්‍රියාවට නැගීමට එක්විය යුතුයි. (නි)
මෙයාලා කොහෙන්ද මෙතනට ආවේ? (නි)
බොහෝ දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කරපු දෙයට සහයෝගය දෙමු. උන් වහන්සේගේ අදිෂ්ඨානය අනුව කටයුතු කරමු. සාමය තමයි ලොකුම දෙය. (නි)
සිංහලයා ලග රාවවල් නැහැ. (සිංහ නාද , බලු කෙදිරිලි ) ප්‍රශ්නයක් ආවොත් කෙලින් මුහුණ දෙනවා. වුවමනා නැති දේවල් කරන්න ගිහිල්ලා සිංහල ජාතිය බලු කරන්න එපා.(නදී)
ජනපති තුමනි ඔබගේ අවදානය ඔබටත් ඔබ රජයටත් පින් ලැබෙන වැඩක්.(නදී)
මට පෙනෙන විදිහට අපි ආයේමත් කලු ජුලියකට යනවා වගෙයි (නි)
අයියෝ මොනවාද මේ වැඩ
දිවින්සාගත් හිමියන්ගේ ඉල්ලීම් සාධාරණයි.එහෙත් එය ඉටුකර ගැනීමට ගත් ක්‍රියාමාර්ගය කිසිසේත් අනුමත කරන්න බැහැ. එමෙන්ම මෙම සිද්ධියෙන් පසු භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම ඉතාමත් පිලිකුල් සහගතයි. (නි)
මේවා පලකට නැති දේවල්.අපේ හාමුදුරුවෝ 100 ක් ගිනිතියා ගත්තත් මුස්ලිම් මිනිහ හරක් මස් කන එක නවත්තන්න බැහැ...එක උන්ගේ ආගමෙන්ම එන දෙයක් ..අපි තේරුම් ගන්න ඕන මේක බහු ආගමික රටක්.ආහාර ගන්න ක්‍රමය විවිද බව(අ)...