තම වර්ගයා රැක බලා ගන්නේ කෙසේදැයි සිංහල මැති ඇමැතිවරුන් දෙමළ හා මුස්ලිම් නායකයන්ගෙන් පාඩමක් ඉගෙන ගත යුතුව ඇතැයි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (24) පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
උතුරේ යළි පදිංචිකිරීම් කටයුතු සිදුකිරීමේදී යුද්ධයෙන් අවතැන්වූ සියලු දෙනාම පදිංචි කිරීම ඩී.එම්. ස්වාමිනාදන් ඇමැතිගේ වගකීම බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුවෙන්ම ඔබ බුදුන්වහන්සේගෙන් පාඩම් රාශියක් ඉගෙන ගත යුතුව ඇති බව බෞද්ධයකු වශයෙන් මම කියනු කැමැත්තෙමි. චීවරය ආරක්ෂක සන්නාහයක් හැටියට යොදා නොගෙන ගිහියෙකු හැටියට ඉදිරිපත් වෙන්න.(බ)
ඔන්න ආයේ පටන් අරන්. (බ)
අනේ ඔක්කොම නායකයෝ එකයි. එයාල බලන්නේ එයාලා ගැන විතරයි(කෞ)
සහතික ඇත්ත, එට්ක එක ගහල ලංකාවට රට ගැන හිතන දේශපලකොයෝ ගෙන්න ඕන මුලින්ම.(කෞ)
ආයෙත් වැඩ පටන්ගෙන වගෙයි (නි)
සම්පුර්ණ ඇත්ත. දෙමල දේශපාලකයින් කවදත් පෙනී ඉන්නේ දෙමළ ජනය වෙනුවෙන් පමණයි, මුස්ලිම් දේශපාලකයොත් ඒ වගේ. සිංහල දේශපාලකයොත් පෙනී ඉන්නේ ඒ දෙගොල්ලෝ වෙනුවෙන් - සිංහලයන් ගැන බලන්න ඉන්නේ හාමුදුරුවරුන් කීප දෙනෙක් පමණයි! ඉස්සර අපි සිංහලයින් වෙනුවෙන් පෙනී ඉන්නවා කියල හිතන් හිටපු දේශපාලකයොත් කරලා තියෙන්නේ (කෞ)
මගේ යාලුවෙක් කිව්වා එයා සිංහල හාඩ්වෙයාර් වලට ගිහින් මොකක්ද ඇහුවම කන්න වගේ කතා කරනවා ලු, දෙමල මුස්ලිම් කඩ වලට ගියාම ‘සර්ට මොනාද ඕනේ‘ හොඳට කතා කරනවාලු. (බ)
කැලේ රජා සිංහයා කවදාවත් නරි වගේ හැම වෙලාවේම හූ තියන්නේ නැහැ. අනික සිංහ වෙස් ගත් නරි, හු කියන්න කියන පලියට සිංහයාට එහෙම හූ කියන්නත් බැහැ. සමහර නරි හිතන්නේ නරි කරන වැඩම සිංහයොත් කරන්න ඕන කියලනේ.ඕකනේ මෙතන ප්‍රශ්නේ? (බ)
ප්‍රබාකරන් කියපු කතාව ඇත්ත තමයි. සිංහලයා හැමදේම ඉක්මනට අමතකවෙනවා. මෙයාටත් වෙච්ච දේවල් අමතකවෙලා ආයෙත් පටන් ගත්තද (අ)
පුෂ්පකුමාරගේ අදහස පැහැදිලි මදි. සිංහයන්ට හා නරින්ට සමාන කළේ කවුද? මට හිතෙන විදිහට බහුතරයක් සිංහල දේශපාලකයින්ගේ අරමුණ වන්නේ මීළඟ ඡන්දය ජයගන්නේ කෙසේද හා තමන්ගේ පවුල් වල අය දේශපාලනයට යොමුකරන්නේ කෙසේද යන්නයි. (නි)
මේ කතාව නම් සහතික ඇත්ත. මම නම් හිස්මුදුනින් පිළිගන්නවා (නි)
මේකෙ උන් හාමුදුරුවන්ට බැන්නට හාමුදුරුවෝ හිටියේ නැත්තම් ඉන්න රටකුත් නෑ බොලව්.(බ)
හිමියනි, ඔබවහන්සේ සමඟ අපි ඉන්නවා. ඔබ වැනි අය සිටියොත් මේ රට ගොඩගැනීම අමාරු නැහැ (නි)
සුසන්ත, ඔබ කියන දැන් ඉන්න සමහර හාමුදුරුවරු සිංහලයින් ගැන හිතනවා කියලද ඔබ කියන්නේ? ඔබට වැරදිලා. ඒ හාමුදුරුවරු තමන්ගේ සුව පහසුව, ලොක්කන්ගේ ප්‍රශ්න ගැන නම් හිතනවා. සිංහලයන් ගැන හැබැවට හිතපු මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, කුඩාපොළ හිමි වැනි ශ්‍රේෂ්ට යතිවරයන් දැන් නැහැ.(බ)
මම කතෝලික, මගේ සැමියා බුද්ධාගමේ. ඔබවහන්සේගේ කතාවට අපිත් එකඟයි. සිංහලයා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනීහිටියොත් ජාතිවාදියා. අපි ඉන්න මේ රටෙත් හැමදාම මහජාතියට තමයි පළමු තැන.අපි බොහොම කුඩා, දියුණුවෙමින් පවතින ආසියාවේ රටක්. අපේ සිංහලයා ළඟ එකමුතුකමක් නොමැතිවිමත් අපේ අවාසනාව. (නි)
භික්ෂුව කියන්නේ සිව්රු කාරයාට නොවේ. පළමුව භික්ෂුවක් වෙන්න. (බ)
චන්දී, ඔබගේ කතාව සම්පූර්ණ ඇත්තයි සත්තයි. ඒ වගේ රට පාලනය කරන අය නැති නිසාත් සිංහල ජාතිය වෙනුවෙන් නැගිටින්න අය නැති නිසාත් තමයි ස්වාමීන් වහන්සේලාට අදත් එදා වගේම ජාතිය ගැන දිවි පුජාවෙන් වැඩ කරන්න වෙන්නේ. (නි)
සුසන්ත ඔබේ අදහස හරි. අද වැඩියෙන්ම ඉන්නේ ධර්මපාල තුමා පැවසුවා වගේ කෙහෙල් මල් සිංහලයන්. තම වාසිය සිතන අය. බල පෙරේත කමට, සිංහල අයිතිය පාවා දෙමින් මනාපය , රැක ගැනීමට , බලය ලබා ගැනීමට රාජ්‍ය දේපල සහ අනුන්ගේ තාප්ප විනාශ කරන අයට ගැතිකම කරන අය. (බ)
ඔබ වහන්සේත් තව බොහෝ පාඩම් ඉගෙනගත යුතුයි. (නි)
අායෙත් ඇතුළට යන්න හිතිලාද? (නි)
චන්දි ඔබේ අදහස මමත් හිස් මුදුනින් පිලි ගන්නවා . නමුත් එහෙම දෙසපාලකයන් නම් ඇත්තෙම නැහැ. උසස් නිලධාරීන් නම් ඉඳ හිට හෝ සිටිනවා. එක දූශිතයකු හැර එවැනි මහත්ම නිලදාරීන් කිහිප දෙනෙකු යටතේ සේවය කළ කෙනෙක් මම. ඉතිරි විස්තර කියන්න ගියොත් රෝගී නාකි මගේ ශරීර සෞඛ්‍යට සහ මගේ දරුවන්ට හොඳ නැහැ.අපි කළ යුත්තේ ඔබ කියන පරිදි එවැනි පන්තියක් බිහි කර ගැනීමයි .එහෙත් එවැනි තැනකට යාමට පෙරමුණ ගත යුතු මහා සංඝරත්නය තවම ඇහැරිලා නැහැ.(අ)
මේ රට,සිංහලය රැකගන්න කවදත් කෙලින් හිටියේ හාමුදුරුවෝ. දේශපලකයන් සහ සමහරුන් තමන්ගේ බඩ රැකගන්න රටත්,සිංහල ජාතියත් හැමදාම පාවාදුන්නා. මේ හාමුදුරුවන්ට විරුද්දව ප්‍රතිචාර දාපු අයට මහා විපත් සිදුවේවා !(අ)
හාමුදුරුවනේ, අපිට නම් අපේ දේශපාලකයන් කරපු දෙයක් නැහැ. හැම අතින්ම පිහිටවන්නේ සිංහල මන්ත්‍රීතුමන්ලා. මළ ගෙදරට, විවාහ උත්සව වලට එන්නේ, ප්‍රතිපාදන ලබා දෙන්නේ එතුමන්ලා (නි)
සිංහලයා විනාශ කරන්න වෙන කවුරුවත් මහන්සි වෙන්න ඕනෑ නැහැ. සිංහලයාගේ ආවේණික කුහක ගති නිසා ඔවුන් විසින්ම තමයි විනාශය ළඟා කරගන්නේ. අන් අයගේ දියුණුවක් හෝ හැකියාවක් දැක සතුටු වෙන්න බැරි කුහක ජාතියක්නේ අපි. පුහු ගෝත්‍රික ආකල්ප ඔලුවේ දරාගෙන විහින් විඳවන ජාතියක්නේ අපි. මහා ජාතිය කියලා හිතේ උඩඟුකම විතරක් තිබුනට වැඩක් නැහැ. (නි)
ප්‍රශ්නය මේකනේ අපේ හාමුදුරුවනේ. සිංහලයින් වෙනුවෙන් පෙනී සිටිවිට ජාතිවාදීන් කියලා සමහරු අපිව හංවඩු ගහනවනේ. (නි)
මම කතෝලික , බුද්ධාගමට ගොඩක් ආදරෙයි , හාමුදුරුවනේ ඔබ හරි (අ)
මම නම් කියන්නේ මුලින්ම ඔබවහන්සේ ජනතාවට කතා කළයුතු විලාශය ගැන අවබෝධයක් ලබා ගතයුතු බවයි (නි)
ඇත්ත කතාව අපේ හාමුදුරැවනේ අපි ඔබ වහන්සේ සමගයි...(බ)
අනේ හාමුදුරුවනේ, පින් අයිතිවෙයි, සිවුරට නිගානොකර ඔය කරන දේවල් කරගෙන යන්න. ශාසනයට අගෞරව කරන්න එපා (නි)
තවමත් සිංහල නායකයෙක් මේ රටට බිහිවෙලා නැහැ. ඥානසාර හාමුදුරුවෝ සිවුර ගලවලා දේශපාලනය කරන්න අවොත් සිංහල අපට නිර්භය නායකයෙක් ලැබෙයි නමුත් අවංකකම ගැනනම් පැහැදීමක් නැහැ (අ)
සුසන්ත සහ නිමල් ජාතික හැගීමකින් උන්වහන්සේ කී වදන් තේරුම් ගත්තා වුණත් අනෙක් අය එහි බැරෑරූම් පැත්ත ගැන නොසිතා වෙන දේවල් කියන්නේ. ජාතියේ අවාසනාව. උන්වහන්සේ කියපු දෙය කොතරම් කලෝචිකද එහි ඇති ඇත්ත තත්ත්වය තේරවි ටික කලකින්. (අ)
පළමුවෙන්ම ඔබ බුදුන්වහන්සේගෙන් පාඩම් රාශියක් ඉගෙන ගත යුතුව ඇති බව වශයෙන් මම කියනු කැමැත්තෙමි. චීවරය ආරක්ෂක සන්නාහයක් හැටියට යොදා නොගෙන ගිහියෙකු හැටියට ඉදිරිපත් වෙන්න.(බ)
ඔක්කොටම කලින් සිවුරේ ගෞරවයත් බුදු දහමේ ගෞරවයත් රකින්න. එවිට අනෙක් දේවල් යහපත් වේවි. අවිහිංසාවාදී, වෛරය පිටුදකින, කාටත් එකසේ නිදුක් නිරෝගී බව සුවපත් බව පතන, බෞද්ධ දර්ශනය විකෘති නොකරන ලෙස කටයුතු කරන්න (නි)
එතකොට මේ හාමදුරුවන්න්ට කාගෙන්වත් ඉගෙන ගන්නට දෙයක් ඉතුරු වෙලා නැතිද?(අ)
ලංකාසිරි ඔබ සමග එකගයි. ලෝකයේ රටවල් තුල නොයෙකුත් ජාතීන් ජීවත් වෙනවා, කෑලි කෑලී වෙන්කරලා දෙන්නේ නෑ. අපේ රටේ තමා මෝඩ වැඩ තියෙන්නේ ,,ජාතික ගීය බාසා දෙකකින් ගායනා කලා. රටේ මිනිසුන් අවුස්සන්නේ පාලකයොයි.(අ)
ලංකාවේ හරියට රස්සාවක් කරන්න ඉගෙන ගත්තේ නැති කෙනා ඊළඟට කරන්නේ දේශපාලනේ. (අ)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා ඉදිරියට... (නි)
නාරද මහතාණනි ; කවුරු කළත් ඒවා වැරදිය බෞද්ධ දර්ශනයේ හැටියට , මගේ අපගේ කියා කිසිවක් කිසිවකු නැත , මේ ලෝකයේ සියල්ල තාවතලිකය , මැරුනට පසු කිවකු කිසිවක් ගිනියන්නේ නැත , (අ)
සිංහල බෞධයගේ සිංහල කම බෞධකම රට කරවන පාලකින් විසින් දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතුයි. අනෙක් ජාතීන් අන්‍ය ආගමිකයන් පසු කලක අපේ රටට පැමිණි අයයි. ඔවුන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය පමණක් තිබිය යුතු අතර වැට කොටු ගසා වෙනම පාලන අයිතීන් නොදිය යුතයි . සිංහල බෞධයගේ රටේ පාලන නීතියට යටත්ව ජීවත් වීම ස්ථාපිත කළ යුතුයි . සුළු ජාතීන් මෙවැනි වරප්‍රසාද ඉල්ලා සටන් කරන ලෝකේ එකම රට ලංකාවයි. අනෙක් හැම රටකම පිටරැටියන් පදිංචි වී ඇතත් ඔවුන් එකී රටේ නීතියට යටත්ව ඒ රටේ භාෂාව පවා කතා කළ යුතුවේ. අපිට නීති උගන්නන්න එන එංගලන්තය පවා පිටරැටියන්ට පුරවැසි භාවය ලබා දෙන්නේ ඔවුන්ගේ භාෂා පරීක්ෂණයකින් සමත් අයට පමණි. තම තමගේ ආගම ඇදහිය හැකි වුවත් ඒ රටට නොගැලපෙන ආගම් චාරිත්‍ර තහනමට ලක් කර ඇත. ලංකාවේද මෙවැනි නීති තදින්ම ක්‍රියාත්මක විය යුතුයි සිංහල බෞධකමට නිගා වන සියලු සුළු ජාතික ක්‍රියාවන් සපුරා තහනම් කළ යුතුයි. සිංහල බෞධයා ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් රාජ්‍ය මට්ටමින් අත්‍යවශයි.(අ)
හිරේ ගිහින් අවට පස්සේ මොලේ කචල් වලා වැඩි වගේ (අ)
බුදු හමුදුරුවන්ට එහෙම ජාතිවාදී හැගීම් තිබුණා නම් අපට කවදාවත් මේ උතුම් ධර්මය ලැබෙන්නේ නැ, මේ ලෝකේ ඉන්න මිලේච්ච තත්ත්වයට අපටත් වටෙන්ටද මේ කියන්නේ, (අ)
ඔබ වහන්සේ නම් තවම පාඩමක් ඉගෙන නැති හැඩයි (අ)
ලංකාසිරි, ඔබගේ අදහස් හරි. එයට තුති. බද්‍රානි, මහා ජාතිය කියලා සිතාගෙන සිංහලයා උඩඟු ජාතියක් විදිහට වැඩකරන බවක් ඔබ ප්‍රකාශකර තිබෙනවා. සිංහලයා එසේ කළා නම් අද මේ රටෙන් වෙනම කොටස් ඉල්ලන කිසිවෙක් මේ රටේ නැහැ. අඩුම වශයෙන් දැන්වත් එසේ සිතාගෙන කටයුතු කරනවා නම් මේ රටේ ඉතිරි ටිකවත් සිංහලයා වෙනුවෙන් ඉතිරිවේවි. (නි)
මනෝජ් කුමාර, බඩගෝස්තරවාදයට නැගිටින සිංහලයන් නම් පරාජය, දඬුවම් ඉදිරියේ දණ ගහනවා. නමුත් නියම සිංහලකමට නැගිටින අය එසේ කරන්නේ නැහැ. ඔබ සිංහල අපේ ඉතිහාසය කියවා නැත්නම් කියවා බලන්න. මම සිංහලකම නිසා රැකියාව නැතිකර ගත් කෙනෙක්. නමුත් සිංහලකම නිසා, වෙනත් කිසිවක් කරගත නොහැකිකමට මෙසේ හෝ අදහස් දක්වනවා. (නි)
සීයට දාහක් සත්‍ය කතාවක් අපේ ගරුතර හාමුදුරුවනේ... (නි)
නැවතත් මිනිස්සු අවුස්සන්නෙ නැතුව බණක් භාවනාවක් කරගත්තා නම් හොඳයි නේද? ජාතිවාදය, ආගම්වාදය ඇවිළී ඇති හැම රටම අද විනාශයි. මිනිස්සු බඩගින්නෙ, රටේ යුද්ධ. අපේ රටටත් එහෙම කරන්න එපා (නි)
කියන කතා සියල්ල ඇත්ත නමුත්, ඒවා ප්‍රකාශකරන ආකාරයයි වෙනස් වියයුත්තේ (නි)
රවී බාලසුරිය මහතාණෙනි, ඔය අර්ථයෙන් බැලුවොත් කුඩාපොළ, ශ්‍රී සුමංගල වැනි හාමුදුරුවන් කළදේත් ඔබගේ කතාව අනුව වැරදිද? (නි)
ඔය කියන ඔබවහන්සේලත් ඉතින් ඒගොල්ලන්ගෙන් හරි පාඩමක් ඉගෙනගන්නවා නම් හොඳයි නේද? (නි)
අස්ලි ඔබට සියලු දෙවි රකවරනයි නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා! කතෝලික ඔබ බුද්ධාගමට ආදරෙයි කියන්නේ රටටයි ජාතියටයි ආදරය කරන කෙනෙක්. ඔබ කතෝලික ගොඩක් පිරිසක් වගේ ආගම නිසා ජාතිය අමතක කර නැහැ(කෞ)
ආයෙත් සුපුරුදු හැසිරීම පටන් අරගෙන වගේ. (නි)
සැබෑ භික්ෂුවකට මෙසේ වියහැකිද? බුදුහාමුදුරුවෝ මුළු ලෝකයටම කරුණාව පෑවා නේද? (නි)
ඔබ වහන්සේ රටට ජාතියට බරක් නැහැ තම වගකීම ඉටු කරමින් ඉන්නවා ඔබ වහන්සේට දිරඝායුෂ ලැබෙවා.! (ර)
මෙතන හාමුදුරුවන්ට බනින අය ඇත්ත දන්නේ නැහැ (නි)
සියලු දෙනාටම සමාන අවස්ථාවන් කියන තත්වයට රටක් පත්විය යුතුයි (බ)
සිංහලයාට ඉක්මනින් අමතක වෙනවා නොවේ. මේ ඔවුන්ගේ ස්වභාවයයි. බුද්ධාගම චිරාත් කාලයක් ලංකාද්වීපයේ වැජඹෙන බව බුදුන් දේශනා කළා. සිංහල බෞද්ධකම රැකගන්න සංඝයා වහන්සේලා විසින් අතීතයේ සිටම විශිෂ්ට කාර්යභාර්යයක් දිවි හිමියෙන් ඉටු කළා. රට කරවන පාලකයින් වහ වහා සිංහල බෞද්ධයාත් ඔවුන්ගේ දේශයත් ආරක්ෂා කළයුතුයි. (නි)
සිංහල දරුවන් 70% කට මන්දපෝෂණය. සිංහල පවුල් 50% වඩා දෛනික ආදායම රුපියල් 450 කට වඩා අඩුයි. හාමුදුරුවනේ, අපිට දැන් රැකගන්න තියෙන සිංහලය කියන්නේ මහා පොළොවේ පස් ටිකටද? (නි)
අනිත් අයට විපත් සිදුවෙන්න කියලා පතන්න හොඳ නැහැ (නි)
හාමුදුරුවනේ, නිමල් ලලිත් මහතාණෙනි, ලංකාසිරි මහතාණෙනි, අවසරයි, සිංහලය රැකගන්න සිංහලයගේ ඉහ මොළ සුරා අතගාගන්න කපටි දේශ පාලුවන් එක්ක එකතුවෙලා ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍ර වලට වැඩකරලා බැහැ. සිංහලයා ( සහ මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ම ) ආර්ථික වශයෙන් සංවර්ධනය කළ හැකි ආර්ථික දැක්මක් සහිත අවංක ,කැපකිරීම,දැනුම හා පළපුරුද්ද යන සියලු කාරණා සැලකිල්ලට ගෙන පක්ෂ වගකීම පවරන පක්ෂ යාන්ත්‍රණයක් සහිත කණ්ඩායමක් රට කරන්න ඕනේ.(බ)
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ කියන්නේ ඇත්ත. (නි)
ඇත්ත අපේ හාමුදුරුවනේ. (බ)
එදා අංගුලිමාල, දේවදත්ත වැනි චණ්ඩාලයන් සිල්වත් භික්ෂුන් බවට හැරවූ බුදුන් අදත් වැඩ හිටි යානම් ? (බ)
අායෙත් වැඩ වරද්දාගන්න වගෙයි යන්නේ. (නි)
නාරද, කුඩාපොළ, ශ්‍රී සුමංගල වැනි හාමුදුරුවන් කළේ වර්ගවාදී ජඩ වැඩ නොවෙයි, මුළු මහත් රටේම නිදහස දිනා ගැනීමයි. (බ)
හාමුදුරුවනේ වඳින්නම් ඔබ වහන්සේ නිවන් දකින්න. නැත්නම් අපට නිවනක් නෑ (බ)
සිංහල අපට තමා ගහලා තියෙන්න , අනිත් ආගම වලට බලාගන්න පල්ලි නායකයෝ ඉදිරිපත් වෙනවා , මේ හමුදුරුවෝ කියන කතාව හරි , (බ)
එලියට ආවම ඔක්කොම අමතකයි වගේ ආයෙත් කට ඇරලා තියෙන්නේ (බ)
රොකී ඔයා බුදුදහම දන්නවාද ? (බ)
ඇත්තටම අපිට ඔබවහන්සේ ගැන ආඩම්බරයි. (නි)
ඕක අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ.(බ)