සිංහලේ සංවිධානය අද සවස තුනට හෝමාගම බස් නැවතුම්පොළ අසල ඇරැඹීමට නියමිතව තිබූ රැස්වීම පස්වරු 4.45ට පමණ ආරම්භ විය.
හිමිවරු 20 නමක් පමණ සහ ගිහියෝ 200ක් පමණ ඊට සහභාගී වී සිටිති.
ආරක්ෂාවට විශේෂ පොලිස් බළඇණිද යොදවා තිබේ.
නගරයේ අනෙකුත් කටයුතුවලට බාධා වන ලෙස අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකර සාමකාමීව වැඩ කටයුතු කරගෙන යන ලෙස පොලිසිය උපදෙස් දුන්නේය. ඊට එරෙහිව පිරික් අදහස් දක්වනු දක්නට ලැබිණි.
දේශපාලකයන් රට ජාතිය පරිහානියට ගෙන යතියි කියන සිංහලේ සංවිධානය විකෘති කළ ජාතික කොඩියක් ද ප්‍රදර්ශනය කරමින් හෝමාගම බස් නැවතුමේ රැලියක් පවත්වයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලේ, දෙමලේ, මුස්ලිම් ලේ, නැතුව "ලංකා ලේ" නමින් සංවිධානයක් බිහිකරන්න. (නි)
ජනප්‍රිය වෙන්න කරන වැඩ (නි)
ලැජ්ජයි සිංහලයා වෙනුවෙන් පෙනීසිටින සංවිධානයකට සිංහලයෝ දා තිබෙන අදහස් දැක්කහම... (නි)
වැඩක් ඇති දේ කරන්න, නිකන් ප්‍රශ්න ඇතිකරන්නේ නැතුව (නි)
මෙතන ඉන්න සමහරු මොකට ආවද, කොහේ යනවද, දෙයියෝ තමයි දන්නේ (නි)
මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයලා බලන්න (නි)
බොරු සෝබන එපා (නි)
ඔහොම යමු. කට්ටිය තව මඟ එනවා. සිංහලයා ඇත්ත දැනගන්නේ වැරදුනාමයි (නි)
ඔබේ සටනට ජයවේවා! (නි)
මේ ගමන එච්චර හොඳ එකක නොවෙයි, නැවතත් ලේ විලකට පාර පෙන්වන වැඩක්. (හේ)
පසුගිය කාලේ නම් මේ රැස්වීමට හම්බන්තොටින්, අනුරාධපුරින් එහෙම බස් 1000කින් විතර සෙනඟ අදියි. (නි)
මේ මොනවද මේ වැඩ ..? සියලුම ජාතින් එක කොඩියේ, එක අම්මාගේ දරුවෝ වගේ. සමගි වී රජයට සහයෝගය දියයුතු මොහොතේ, මේ මොන වැඩද? මනුස්සයින්ට තියෙන්නේ මනුෂ්‍ය ලේ. (නි)
ඉවසලා ඉන්න.(හේ)
මේ වගේ කට්ටිය ප්‍රශ්න ඇතිකරලා රට අවුලනවා. යුද්ධ කාලේ හමුදාවට කොල්ලෝ බඳවාගන්න තිබුනේ ලොකු අමාරුවක්. දැන් ඔක්කොම ජාතික වීරයෝ වෙන්න හදනවා. කොළඹ ඉඳලා යුද්ධයෙන් බැට කාපු පැතිවල අය තමයි මේකේ නියම තත්වය දන්නේ (නි)
කට්ටිය නෑනේ.(හේ)
ඕක ෆේස්බූක් එකේ තිබුණා නම් සමහරවිට මීටවැඩිය කට්ටිය හොයාගන්න තිබුණා. (නි)
බොරු වැඩක්.(හේ)
අයියෝ එක 1,000ක් වත් හොයා ගන්න බැරිද? (හේ)
බොහොම පොඩ්ඩනේ ඉන්නේ (නි)
සිංහලේට ජයවේවා.....! (නි)
අනගාරික ධර්මපාලතුමා වර්ෂ ගණනාවකට පෙර මේ දේ මේ විදියටම වෙන බව ප්‍රකාශ කළා. (නි)
ඈයි මේ අය අත්අඩංගුවට ගන්නේ නෑත්තේ? (නි)
සිංහලේ ඉන්නේ කා වෙනුවෙන්ද කාගේ උවමනාවටද කියලා මොළය තිබෙන බුද්ධිමත් ජනතාව හැමෝම දන්නවා.. (නි)
මේ අයට කරන්න වෙන වැඩක් නැද්ද හැබෑටම? (නි)
අජිත් ,ඉසුරු,ලලිත් සිල්වා රන්ජිත් ගමගේ අස්විද ඔයාලා හරි කවදා හරි සිංහලයා ඇත්ත දැනගන්නා විට සියල්ල සිදු ව් හාමරයි . කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල විතරයි . (කෞ)
ඒක අපේ පරණ කොඩිය නේද? (නි)
ලේ වර්ග කරන්න පුලුවන්ද ඔ පොසිටිව් (එස්)සිංහල ලේ ,ඔ පොසිටිව් (ටි)දෙමල ලේ කියා. (කෞ)
සිංහලේට ජය වේවා! (නි)
ඉන්න කට්ටිය නම් හොඳටම මදි (නි)
රට ජාතිය පරිහානියට ගිය බවට හොඳම සාක්ෂිය තමයි මේ අය මෙහෙම ඉදිරිපත්වීම (නි)
මොනවද මේ ලෝකයා හිනස්සන වැඩ? (නි)
මේපාර නම් කටු කන බල්ලෝ මේ හාමුදුරුවරුන්ට බයවෙලා බව පේනවා. රැස්වීමක් පැවැත්තුවා කියල අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි කියලත් සමහරුන් අහලා. මෙහෙමත් බයක් ! බුරාගෙන පැන්නට හෝමාගම මිනිස්සු නම් බය වෙන්නේ නැහැ. (කෞ)
මම මේ කල්පනා කළේ මේ හාමුදුරුවරු පසුගිය යුගයේදී කොහෙද හිටියේ කියලයි. (නි)
කට්ටියට උද්ඝෝෂණ නැතුවම බැහැ නේද? (නි)
විකෘති කළ ජාතික කොඩියක් ප්‍රදර්ශනය කරමින් නිදහස් දිනයේදී ජාතියට විරුද්ධව කළ අපහාසයට මෙහි සංවිධායකයින් අත්අඩංගුවට ගතයුතුව තිබුනා නේද? (නි)
ජාතික ගීය ගැන ප්‍රශ්නයක් නැද්ද එතකොට? (නි)
ඔය සිංහ වැඩ නොකර, කරලා බලන්නකෝ අම්පාරේ, වලතාපිටිය, මල්වත්ත හන්දියට එහායින්..! සමන්තුරෙයි, කල්මුනේ, අක්කරපත්තු, පොතුවිල් වගේ පැතිවල..! නිකම් ලේසියට හෝමාගම, මහරගම, නුගේගොඩ පැතිවල ඕවා කරන්නේ නැතුව. (නි)
නැවත රට ගිනි තියන්න නම් එපා (නි)
බුදුන්ගේ කාලේ කවුරුවත් උද්ඝෝෂණ කරන්න ගියේ නැහැ. උන්වහන්සේලා ඒක රටේ පාලකයන්ට බාරදීලා නිර්මල බුද්ධ ධර්මය දේශනා කරමින් සිටියා. (නි)
සමහරු කොහොමහරි කවුරුහරි බිල්ලට දීලා වැරදි වහගන්න හදනවා (නි)
අන්‍ය ජාතින් සීයක් ගත්තොත් තම ආගම ජාතිය ගැන හිතන්නේ එකම ආකාරයට. ලෙන්ගතු හැගීමක්. එත් සිංහල බෞද්ද අපි අතරේ සීයක් ගත්තොත් අනුවක්ම හිතන්නේ තම ජාතිය ආගම මකබෑවිලා ගියත් කමක් නෑ කියල. (අ)
මඩු වල්ගෙන් තලන්න තිබුනේ.(ම)
නැවත රට යුද්ධයකට තල්ලු කරන්නද හදන්නේ? (නි)
මම නම් සතුටුවෙනවා සිංහලයා වෙනුවෙන් මෙහෙමවත් කට්ටියක් ඉන්න එක ගැන (නි)
හොඳ වැඩක්නම් කමක් නෑ.(හේ)
අයියෝ සල්ලි කියලා තමයි කියන්නේ වෙන්නේ.(හේ)
බඩු මිල අඩුකරන්නේ නැතුව මොනවා කලත් වැඩක් නැහැ. බඩු මිල සැලකිය යුතු ලෙස අඩුකරන තුරු මේවගේ උද්ගෝෂණ දිගටම පවතීවි. (ම)
ජාතික කොඩිය ගැන කෑ ගහන අයට ජාතික ගීයට කරපු හරිය අමතක වුණාද? (නි)
නිකන් සෝබන ඊට වැඩ කොච්චර කරන්න පුලුවන්ද (හේ)
කලින් බොදු බලේ දැන් සිංහලේ්.(හේ)
බණක් භාවනාවක් කරගෙන හිටියා නම් හරිනේ.(හේ)
ජය වේවා ! (හේ)
සිංහලේ කොඩිය විකෘති කියන මානසික විකෘති කාරයෝ ටිකක් මේකේ කමෙන්ට් දාලා තියනවා
මොවුන් ටිකත් දෙම්මනම් හරි කුඩුවට . රස්තියාදු කාරයෝ වගේ හැසිරෙන අයද? (බ)
අනේ මෙහෙමත් විකාර වැඩ! (නි)
මිනිසුන්ට වෙන වැඩ තියෙනවා මුන්ට පිස්සු වෙන වැඩක් නැද්ද මන්දා (කෞ)
මේ වැඩේ සාර්ථක වෙයිද? (හේ)
රට වෙනුවෙන් එක්කෙනෙක් හරි පෙනීසිටින එක කොච්චර අගය කළයුතුද මේ මර්දනකාරී තත්ත්ව යටතේ? (නි)
මොනවද මේ කරන වැඩ ඇත්තට? (නි)
නැවතත් රටේ ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)
මොනවද මේ විහිළු? (නි)
සිංහ කොඩිය විකෘති කළේ කවුද මුලින්ම? (නි)
මම සිංහල, මම මුස්ලිම්, මම දෙමළ, මම කතෝලික, මම බර්ගර්, මම මැලේ... එතකොට ලාංකික කියලා ජාතියක් නැද්ද? අතක් පයක් කැපුනහම වැක්කෙරෙන්නේ එකම ලේ.. ඒකේ ආගමේ නමත් ගහලා තියෙනවද...? ආගම් නම ගහගෙන දඟලනවට වඩා මහන්සි වෙන්න ශ්‍රි ලංකා කියලා ජාතියක් හදන්න. (නි)
මේවා ලැජ්ජා නැති වැඩ. (නි)
මෙතුමන්ලා කියනදේත් සිහිකල්පනාවෙන් අහගනිමු. එකවරම බැහැර කරන එක නුවණට හුරු නැහැ වගේ (නි)
මිනිස් ලේ තිබෙන ශ්‍රී ලාංකිකයන් මේ වගේ දේවල් වලට සම්බන්ධ නොවීම රටට වාසනාවක්. (නි)
මේවා අපිට නම් බොරු වැඩ (නි)
චානක, මේ ඉන්න කට්ටිය ඔබට පෙනෙන්නේ නැද්ද? (නි)