කාත්තන්කුඩියේ වළ දමා සඟවා තිබූ කඩු 36ක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
සහරාන් හෂීම්ගේ සන්නද්ධ අංශය භාරව කටයුතු කළ බව කියන මොහොමඩ් මිල්හාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්රශ්න කිරීමෙන් පසු මෙම කඩු තොගය සොයා ගෙන තිබේ.
මීට අමතරව තවත් අවි ආයුධ රැසක් ඊයේ සොයා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද වැඩිදුරටත් කළ සෝදිසියේ දී මෙම කඩු තොගය ද හමුවී ඇත. විශාල ප්රමාණයේ ප්ලාස්ටික් බටවල බහා මෙම කඩු තොගය වළ දමා තිබුණු බව ද පොලිසිය පවසයි.
වවුනතිව් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මරා දමා ඇත්තේ මෙම සැකකරුගේ උපදෙස් පරිදි බවත් පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන කරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ලොකු දෙයක්ද...? හමුදාපතිවරු තුන් හතර දෙනෙක්ගේ ගෙවල්වලින් ගන්න පුළුවන් තොගයක්නේ..
දැන් ආණ්ඩුවට කියයි සීයට 100ක්ම තර්ජන ඉවරයි කියලා... දැන් නම් ඕනම ගොනෙකුට තේරෙනවා..
අනේ එහෙම කියන්න එපා. ඒ පැතිවල තියෙන ලඳු කැලෑ එළි කරන්නනේ... මේවා ගෙනිහිල්ලා තියෙන්නේ. මේ රටේ ජාතිවාදය, ආගම්වාදය වගේ දේවල් තුරන් කරන්න නම් ඉස්ස ඉස්සෙල්ලාම කළයුත්තේ මෙවැනි දේ වලින් ජීවත්වෙන කාලකන්නි දේශපාලුවෝ ටික නැති කරන එක...
කාත්තන්කුඩියේ පමණක් නොව මුලුරටේම සෝදිසි මෙහෙයුමක් කරන්න. LTTE ත්රස්තවාදීන් සිටියේ රටේ පළාත් කීපයක පමණි. නමුත් මුස්ලිම් ත්රස්තවාදීන් අල්ලපු ගෙදරත් ඉන්න පුළුවන්. එමනිසා සිංහලයාගේ ආරක්ෂාවට හැම ආයුධයක්ම ළඟ තියාගනිමු...