ජාතික සංහිඳියාව සඳහා යන ගමනට මුල් පියවර තැබිය යුත්තේ උතුරේ ජනතාව නොව දකුණේ ජනතාව යැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපති මේ බව කියා සිටියේ යුද්ධය හේතුවෙන් සිය මුල් ඉඩම් අහිමිව සිටි යාපනය තෙලිප්පලෙයි හා කෝපායි ප්‍රදේශයේ අවතැන් ජනතාවට සිය මුල් ඉඩම් අක්කර 750 ක් නැවත පැවරීම හා යාපනය අධි ආරක්ෂිත කලාපයේ වසර 26 ක් වසා දමා තිබු යාපනය, කන්කසන්තුරය,නඩේශ්වරා විද්‍යාලය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නැවත පවරාදීම සඳහා එම පාසලේදී පැවති උත්සවයක එක් වු අවස්ථාවේදිය.
‘විශේෂයෙන්ම අපි ජාතික සංහිඳියාව ගැන නිතර නිතර කතා කරනවා. මේ ගැන කතා කරන කොට ඒ කතාකරන හැම කෙනෙක්ම උතුරට තමයි එන්නෙ. මම හිතනවා එතන පොඩි වැරදීමක් වෙලා තියනවා. සංහිඳියා ගැන අත්‍යවශ්‍යයෙන්ම දැනුම්වත් විය යුත්තේ දකුණේ ජනතාව කියල මම විශ්වාස කරනවා. බොහොම වැරදි අදහස් ඇතැම් අන්තවාදී පිරිස් විසින් ඇති කරනවා. අපි සමානාත්මතා සමාජයක් පිළිබඳව නිතර කතා කරනවා. සෑම කෙනෙක්ම එක වගේ ජීවත් විය යුතුයි කියල කතා කරනවා. එහෙමනම් සෑම කෙනකුටම සමානාත්මයෙන් සැලකිය යුතුයි නේද? ඒ නිසා මම ඉතා ගෞරවයෙන් මේ රටේ සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සමානාත්මතාවයේ ජීවත් විය යුතු සමාජයක් බිහි කරන්න අපි එකට එකතු වෙලා වැඩ කරමු කියලා.‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට එකයි දකුණට එකයි (බ)
බඩගින්න නිවෙනකොට ඔය සංහිඳියාව නිකන්ම ඇතිවේවි. බඩු මිල අඩු කරදෙන්න. කන බොන දේවලට බදූ ගහන්න එපා. මන්ත්‍රී පර්මිට් අහෝසි කරන්න. (නි)
අපේ ද්‍රවිඩ සහෝදරවරු ඉඩකඩම් මිලදීගෙන, ගෙවල් දොරවල් හදාගෙන, රස්සාවල් කරගෙන, දරුවෝ ඉස්කෝලේ යවාගෙන රට පුරා ජීවත්වෙනවා. අපිටත් ඒ වගේ උතුරේ ජීවත්වෙන්න පුලුවන්ද? ඔබතුම මේ කතා කරන්නේ මොකක් ගැනද? (නි)
කතාව විතරයි (බ)
මේ අන්වර්ලා වගේ අයට පුදුම කැක්කුමක්නේ දකුණේ නෑදෑයෝ ගැන තිබෙන්නේ... (නි)
මගේ අදහස කොහොමද දඩුවම් දෙන්නේ හොරු ටික වටේ තියා ගෙන (බ)
ජනාධිපතිතුමාගේ හැටිද ? (බ)
ජනපතිතුමා මොනවද කිව්වේ කියලා තමන්ගේ මොළෙන් හිතුවානම් අදහස තේරෙයි. වපර ඇසින් නොබලා කොමෙන්ට් කරන්න කලින් හිතන්න (බ)
අන්වර් මොලයක් තිබුනානම් ඡන්දෙ දෙනවද හලෝ, (බ)
සංහිඳියා මළ ඉලව්වක් ගැන කතා කිරිල්ල නවත්තලා කොයි කාටත් කාලබීල ඉන්න පුළුවන් වෙන විදියට බදු අඩු කරන්න (බ).
සහතික ඇත්ත දකුණේ වපුරනකොට කොහොමද සංහිඳියාව ඇති කරන්නේ. මුලින් දකුණේ අපි හැදෙමු. පසුව උතුර ජයගමු. (බ)
අන්වර් වගේ අය දන්නවද දන්නෙ නැහැ මොකක්ද සංහිඳියාව කියන්නේ කියලාවත්. (නි)
දැන් කියනවා ඔක්කොම කරගන්න කියල අපිටම! (බ)
මගේ අදහසනම් දංකොටුවෙන් ආරම්භය කළා කියලයි (බ)
දැන් දැන් සිද්ධවෙන දේවල් වලින් රටේ සංහිඳියාව බොහොම හොඳින් තිබෙන බව අපිටත් පෙනෙනවා (නි)
ඔවු ඉතින් ඔබ රටේ සියලු ජනතාවට සමානව සලකනවා කීවට කාටද ප්‍රමුඛත්වය දෙන්නේ කියල ඔබගේ මේ කතාවෙන් පෙනෙනවා. ඔය විධියට කියා කියා ගියොත් වෙන්නේ 4 නෙවේ දින හතරකින් යන්නයි වෙන්නේ. (බ)
දැන් රටෙන් කෑල්ලක් ඉල්ලුවේ දකුණේ අපිද? සියල්ලටම පෙර විග්නේශ්වරන්ලා වගේ අයට මේ රටේ සංස්කෘතියට ගරුකරන්න ඉගැන්නුවා නම් ප්‍රශ්නය විසඳෙයි. ඉතා සුළු ජන කොටසක් වන සිංහලයා ඉතිහාසය පුරාවට කළේ තම පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් නැඟීසිටීම පමණයි. (නි)
මගේ නම් අදහස ඊටකලින් පක්ෂ හෝ පාර්ශව නොබලා සියලු හොරුන්ට එක වගේ දඬුවම් දියයුතුයි කියායි. (නි)
මම මෙතුමාට ජන්දේ දුන්නා. එත් දැන් රටේ තත්වය ගැන බලනකොට මෙතුමා ගැන ලොකු වෛරයක් ඇතිවෙන්නේ. (ම)
අපොයි ඔව්. හැම නරක දෙයක්ම දකුණේ මිනිස්සු තමයි පටන්ගත්තේ. උතුරු නැගෙනහිර අය හරිම අහිංසකයි (නි)
ප්‍රභාකරන් හිටියා නම් සංහිඳියාව ගැන මේ වෙනකොට ලස්සනට කියාදීලා තියෙයි. අනේ මන්දා මොනවද කියලා මේවා? (නි)
ශ්‍රී ලංකාවේ අඥාන ඡන්දදායකයින් සිටිනතුරු දේශපාලුවන්ට රජ මඟුල්! (නි)
දකුණේ අපි කළ වැරැද්ද මොකක්ද කියාත් පහදා දෙන්න (නි)
එසේනම් අවුරුදු 30 ක්ම රට විනාශකළේ දකුණේ අයද? කතාව පමණයි රට එක තැන පල්වෙයි! 20 ගුණයේ කියපු සංවර්ධනය කොහෙද ?මෙලෙස රට ඉදිරියට ගියොත් ඉදිරි පරම්පරාවට නිදහස් නිවහල් සංවර්ධිත ශ්‍රී ලංකාවක් ලැබේවිද? (නි)