එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද (8) මහනුවර දළඳා මාළිගාවට ගොස් අනතුරුව මල්වතු අස්ගිරි මහ නාහිමියෝ හමුවිය.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඉහළම මට්ටමින් පවතින බවත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයා එකමුතුව කටයුතු කරන බවත් ජනපති මරා දැමීමට පැමිණි ත්‍රස්තවාදියාට පවා සමාව දී ජනපති මෙරට සංහිඳියාව පිළිබඳ ආදර්ශ ලබාදී ඇතැයිද තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ සෙයිද් කුමරු හමුවූ අවස්ථාවේ පැවසූහ.
මේ අතර ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමට සෙයිද් අල් හුසේන් කුමරු එම විහාරයට ගිය අතර එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ නිලධාරීන් මාධ්‍යවේදීන්ට එහි ඇතුළුවීමට ඉඩ නොදුන් බව මාධ්‍යවේදීහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ කියන කතාව හරි. ඉස්සරත් අපි දෙමළද, සිංහලද, මුස්ලිම්ද බලන්නේ නැතුව සංහිඳියව තිබුණා. දේශපාලකයන්ට විශේෂයෙන් නායකයන්ට නම් ඔය සංහිඳියාවක් තිබුණෙම නැහැ.(ම)
අනේද කියන්නේ සංහිදියාව උතුරනවා .(හේ)
[එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ නිලධාරීන් මාධ්‍යවේදීන්ට එහි ඇතුළුවීමට ඉඩ නොදුන් බව මාධ්‍යවේදීහු කියති.] ඔන්න සංහිඳියාව ඕකට අපි කියන්නේ ප්‍රෝඩාව කියල (බ)
අස්ගිරියෙන් නම් පොඩ්ඩක් හරි ඇත්ත පෙන්වල දෙන්න ඇති. (බ)
ජාතින් අතර සංහිදියාව කොහොම වෙතත් එකම , සිංහල අය එක එකාට විරුද්ධව කුලල් කා ගන්න එකයි ලොකුම ප්‍රශ්නේ.(හේ)