පශ්චාත් යුද සමයේ අවසානය දක්වා මහින්ද රාජපක්ෂ රජය ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් සිදුකළ වැඩ රාශිය දෙස බැලූවිට මේ රජය එයින් සියයට දශමයක්වත් ජාතික සංහිඳියාව වෙනුවෙන් සිදුකර නැතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (6) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වූ රණවිරු උපහාර උත්සවයට සහභාගී වෙමින් රාජපක්ෂ මහතා එසේ කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාව කියන එකට තව තේරුම් තියනවද දන්නේ නැහැ. (නි)
තවම අවුරුදු දෙකක්වත් නැහැ. පවුලේ සැවොම උසාවි ගානේ යනවා. ආණ්ඩුවට මෙපමණ මුදල් ඉතිරි කෙරුවේ කොහොමද කියන්න. (නි)
ජය වේවා ...! (නි)
විචාර බුද්ධියෙන් බැලුවොත් මේ කතාව ඇත්ත. උතුරේ පාලම්, පාරවල්, රජයේ ආයතන, පාසල්, රෝහල් මේ හැමදේම ගිය ආණ්ඩුවෙන් හැදුවා. නමුත්, මීට වසර 30කට කලින් සිටි සිංහල මිනිසුන්ව එහෙ පදිංචි කරවනකොට, පන්සල් එහෙ හදනකොට උතුරේ අයට සංහිඳියාවක් තිබුනේ නැහැ. ඔවුන් ඒවා දැක්කේ ආක්‍රමණ ලෙසයි. (නි)
මම දන්නේ නැති නිසා අහන්නේ මහත්තයෝ.අර විල්පත්තුව සහ කේ.පී.ට සම්බන්ද සිද්ධිත් සිදුවුණේ සංහිඳියාවටමද? (නි)
එ්ක ඇත්ත. ඔහොම යමු (නි)
රටට කරපු හරිය මදිද? (නි)
සංහිඳියාව හොඳටම බලාගන්න තිබුණා මෙයාලා තුන්වෙනි පාරටත් දිනුවා නම් (නි)
සර්, නැවතත් ඉක්මණින්ම ඔබගේ ඉදිරියට පැමිණීම අපි බලාපොරොත්තු වෙමු (නි)
නීතියක් ක්‍රියාත්මක නොමැති සමයක සංහිඳියාවක් පැවතිය නොහැකිය. එදා කවුරුත් බියෙන් සහ සැකයෙන් ජීවත්විය. සුදු වෑන් සංස්කෘතියක සංහිඳියාවක් ඇති කළ හැකි වන්නේ නැත. නීතියක් ක්‍රියාත්මක වී ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් දැනෙන්නේ නම් එය සංහිඳියාවකට පෙර ගමන් මඟකි. එදා ජනතාවට නම් එවැන්නක් දැනුනේ නැත. (නි)
දැන් ඔය සුදු වෑන් වලින් කොමෙන්ට් දාල තියෙන අයගේ කි දෙනෙක් උස්සල තියෙනවද? ගුණමකුවෝ (බ)
මේ මහත්තයා හිතා ඉන්නේ අපි මැරිලා උපන්නා කියලද? සංහිඳියාව වෙනුවෙන් කරන්න අවුරුදු කීයක් තිබුනද යුද්ධය ඉවරවෙලා පසුගිය ආණ්ඩුවට. මේ ආණ්ඩුවට තවම අවුරුදු කීයද? (නි)
අද අපේ නායකයෝ කතාව විතරයි, කිසිම වැඩක් නැහැ. පොදු විපක්ෂය බිලිගැනීම අරඹා ඇති අතර ජාතික ආරක්ෂාව බින්දුවට වැටි ඇත. ඔබ වැනි දුරදර්ශී නායකයන් නැති එකේ රටට වෙන විපත! (නි)
ජය නියතය ඔබතුමාට! (නි)
අපි ඔබගේ කතාවට එකඟයි (නි)
60% ක බහුතරයකට ඔබතුමා ශ්‍රී ලංකාවට කළ සේවය නොවැටහේ (නි)
අපේ වීරයා ඔබයි (නි)
සංහිදියාව කියන වචනයත් ඔය අයට ඇහුනේ මේ අලුත් ආණ්ඩුව අවාට පසුවයි. (හේ)
අනේ ඉතින් මෙයාලා යුද්ධය තිබුන වෙලේ ලොකු සේවවක් කළා තමා. නමුත් ඉතින් මෙතුමාත් තමන් වීරයා යැයි මානසිකත්වය ඉහළින්ම තිබුන කෙනෙක්. (නි)
එහෙම තමයි ඉතින්. හැමෝටම එක වගේ බැහැනේ (නි)
2009 යුද්ධය ඉවරකළාට 2015 වෙනකම් ජනතාවට මොනවද ලැබුනේ? (නි)
සුදු වෑන් වලින් ලැබුන සංහිඳියාව එහෙමත් අපිට මතකයි (නි)
ජයවේවා! ඔබතුමාගේ අගය දැන් තේරෙනවා (නි)
පියවි සිහියෙන්ද මේවා කියන්නේ? නැති වෙලා තිබුණු එකම දේත් සන්හිදියාවම නෙවෙයිද? (ම)
නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා (ම)
දේශපාලනික වශයෙන් කව්රු කොහොම අදහස් පල කලත්, ඔබ තුමා හැබෑ වීරයෙක්. අද වෙන දේවලුත් එක්ක, තව ඉදිරියට මොනවගේ දේවල් වලට අපි වගේ සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න වෙයිද කියා සැකයක් පවතිනවා. (ම)
ඔබ තුමාගේ සංහිදියාව තමයි අපි දැක්කේ අර අලුත්ගම සිද්දියේදී (ම)
සිංහල ජාතිය ලෙහෙසියෙන් රැවටීමට හසු වී තිබෙන දියුණුව සහ ස්ථායිතාවය නැති කර ගත් ජාතියක්. බලන්න වසර කීයක් රට සන්සුන්ව තිබුණද කියල (ම)
සංහිඳියාව වෙනුවෙන් රාජපක්ෂලා තරම් වැඩ කරපු කවුරුත් නැතුව ඇති. ඒකට හොඳම නිදසුන තමයි මෙයාලා වෙනුවෙන් පෙනීසිටින විමල් සහ උදය ගම්මන්පිල. (නි)
ඔබ කියන තාලේ ප්‍රායෝගික සංහිඳියාවක් අපට වැඩක් නැහැ. අපට අවශ්‍යය ජාත්‍යන්තර ප්‍රජාව කියන තාලේ සංහිඳියාවක්. (නි)
ඇත්ත නේන්නම්. අර මොකක්ද සේනාවේ කට්ටිය එහෙම මොනතරම් සංහිඳියාවට සහයක් දුන්නද (නි)