රටේ ජාතික සමගිය සහෝදරත්වය සංහිඳියාව ඇති කිරීම පාසල් දරුවන් හරහා කළ යුතු බවත් රටේ ජීවත්වන සියලු ජනතාවගේ සහෝදරත්වය සමගිය විශ්වාසය ඇතිකර බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමේ විශ්වාසය තහවුරු කිරීමේ පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (24) හාලිඇල දී පැවසීය.
සහෝදරත්වයේ ක්‍රීඩා උළෙලට එක්වෙමින් ජනපති එම අදහස් පළ කළේය.
COMMENTS
අපි බලමු මේ කියන දේවල් වෙයිද කියලා (නි)
සංහිඳියාවට සහාය ලැබිය යුත්තේ සුළු ජාතීන්ගෙනුයි. සමහර ද්‍රවිඩ පිරිස් ශ්‍රී ලංකාවේ ජීවත් වුණත් ඔවුන් තමන්ගේ මවුබිම වශයෙන් ආවඩන්නේ තමිල්නාඩුවට. සමහර මුස්ලිම් පිරිස් සළකන්නේ ඔවුන්ගේ මවුබිම අරාබිය කියලයි. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලදී වුණත් මේගෙල්ලෝ පිළිවෙලින් චියර් කරන්නේ ඉන්දියාවටයි, පකිස්තානයටයි. අපි මේ රටේ පුරවැසියන් නේද කියා කිසිම ලෙන්ගතුකමක් නැහැ. මේ රට අපේ මවුබිම කියලා සුළු ජාතීන් කවුරුත් අවංකව සිතනතුරු අපි මොනවා කළත් ජාතික සංහිඳියාවක් ඇතිකරන්න බැහැ. (නි)
රටේ තියෙන පාසල් බෞද්ධ පාසල් ක්‍රිස්තියානි පාසල්, හින්දු පාසල්, මුස්ලිම් පාසල් කියලා වර්ග කරන එක නවතන්න ඕනෑ. හැමෝටම හැම පාසලකටම යන්න පුළුවන් විදියට කටයුතු සළසන්න ඕනෑ. සංහිඳියාව ඉබේ හැදේවි. (නි)
සරත්,රොකී, උදිත්, හසන්ත, ඔයාලගේ අදහස් හරි. දෙමළ මුස්ලිම් සහෝදරයෝ විඳින සංහිඳියාව උතුරේත්, නැගෙනහිරත් පදිංචිවෙලා ඉන්න සිංහල අයටත් ලබාදෙමු. දෙමළ මුස්ලිම් පාසල් වලින්ම සංහිඳියාව පටන්ගනිමු (නි)
මේ කතාවට මමත් එකඟයි (නි)
ඔය කතාව උතුරේ පාසල් වල ළමයින්ටත් කියන්න ඕනෑ (නි)
ඉතින් ඔය පටන්ගත්තේ විශ්ව විද්‍යාලයෙන්ම (නි)
එතකොට යාපනය විශ්ව විද්‍යාලයට එය අවශ්‍ය නැද්ද? (නි)
ජනාධිපති තුමනි දකුණේ පාසල් වල ළමයින්ට අලුතින් සහිදියාවක් කියල දෙන්න ඕනේ නෑ.අපි පුංචි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ ද්‍රවිඩ මුස්ලිම් ළමයි එක්ක අපි එක බත් එක අනාගෙන කාපු අය.උතුරේ ද්‍රවිඩ ළමයින්ට සිංහල ළමයි සමග එහෙම හැසිරෙන්න කියල දෙන්න ඕනේ නැතුව සංහිදියාව කියල නිකන් බයිලා කියල වැඩක් නෑ.(බ)
අපි සංහිදියාව පටන් ගත්තා. යාපනය විශ්ව විද්‍යාලයෙන් (බ)
සෑම හොඳ දෙයක්ම අපි පාසැල් වලින් පටන්ගත යුතුයි. මේ විදිහට පටන්ගත් කිසිම දෙයක් තාම වැරදිලා නැහැ. හොඳ අත්තිවාරමක් මත නිමවූ නිවසක් පහසුවෙන් කඩා නොවැටෙයි (නි)
උතුරු පළාත් සභාවෙන් යාපනය සරසවියට සිංහල සිසුන් ගන්න එකට විරෝධය පානකොට රජය මොකක්ද ගත් පියවර? ලංකාවේ ඕනෑම විශ්ව විද්‍යාලයකට යාමට සිසුන්ට අවසර තියෙනවා. මොකද යාපනයේ ඉන්න බහුතර දෙමළ සිසුන් ඉගෙනගන්නේත් දකුණේ. මේවාට සිංහල දේශපාලකයෝ බයේ ඉන්නේ, කටක් අරින්නේ නැහැ (නි)
සංහිඳියාව, සහෝදරත්වය අපිට විතරද ඕනෑ. (නි)
හරියට හරි. උතුරේ පාසල් වලට සිංහල ළමයින්ද ඇතුළත් කරමු. උතුරේ සිංහල ජනතාව පදිංචි කරමු. දැනට කොළඹ ඇතුළු අනිත් ප්‍රදේශ වල ඉන්න දෙමළ මුස්ලිම් සහෝදරයෝ විඳින සංහිඳියාව උතුරේ පදිංචිවෙන සිංහල අයටත් ලබාදෙමු. ඕක කළොත් ඔබතුම තමයි අපේ වීරයා! (නි)
රජයක වගකීම වෙන්නේ හැම ජාතිවාදී වැඩකටම එකසේ ප්‍රතිචාර දැක්විමයි. එහෙම නොකළොත් වෙන්නේ ජාතිවාදී කණ්ඩායම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එකයි. එවැනි දේවල් අතීතයේ ඕනෑතරම් වෙලා තියෙනවා. (නි)
සිංහල අපේ පාසල් වල අපි මුස්ලිම් දෙමළ ඔක්කොම එක්ක ඉගෙනගත්තා. ඒත් දෙමළ කට්ටියගේ තැනට යන්න තමයි අපිට බැරි. සහජීවනය එයාලට කියාදෙන්න ඕනෑ. (නි)