IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්

(සුජිත්  හේවාජුලිගේ )

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය  දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට  රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර්  191කින්  5ක්   දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙසේ අස්ථානගත වී ඇත්තේ  අම්පාර අනුරාධපුර මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යවලට දී තිබූ  ට්‍රැක්ටර් බවුසර්ය.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මෙම ට්‍රැක්ටර් බවුසර් පසු විපරමක් නොමැතිව දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට පවරා තිබීම හේතුවෙන් පානීය ජල පහසුකම් සැපයීමේ අරමුණු නිසියාකාරව ඉටු වී නැතැයි විගණන අංශ පෙන්වා දෙයි.



අදහස් (1)

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්

ඉන්දික ලියනගෙදර Saturday, 20 April 2024 04:24 PM

ලංකාවට ලෝකය වටේ හිඟමනේ යාමට සිදුවුණේ කිසිම වැඩක් කළාට ඒ ගැන පසු විපරමක් නොකිරීම හා ආණ්ඩු මාරුවක් වුණාම හිටපු එවුන් ඔක්කෝම හකුලාගෙන යාම නිසා තමයි. ඇමැතිවරයා වෙනස් වුණාම එම කටයුතු විගණනයක් නොවීමත් හේතුවක් වෙනවා. එවැනි දේවල් නැතිවීමට නම් අලුතින් ඇමැති මණ්ඩලය පත්වුණාම රජයේ නිලධාරින් හා සේවකයින් වැඩ බාර දෙන ආකාරයට ඇමැතිවරු රාජකාරි බාර දීම අනිවාර්ය කරන්න ඕන අඩුපාඩුවක් ඇත්නම් එයා හිටපු ඇමැතිගෙන් අධිභාර කරන්න ඕනෑ..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැයි රැලිවල වියදම කෝටි 200යි
2024 මැයි මස 02 263 0

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය.


කුලියාපිටිය අතුරුදන් තරුණයා ගැන අධිකරණය දුන් තීන්දුව
2024 මැයි මස 02 1247 0

අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරයකු හොර


යුක්රේනයට AI ප්‍රකාශිකාවක්
2024 මැයි මස 02 480 0

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්


බසයේ බැරි වූ රන් පාර්සලය අහුලා දෙයි
2024 මැයි මස 02 480 0

ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ


මහසයුරේ රත්තරන් සමග අයෙක් මාට්ටු
2024 මැයි මස 02 760 0

රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක


හෝමාගම හෝටලයක් යුද පිටියක් කළ සරසවි සිසුන්ට ඇප
2024 මැයි මස 02 623 0

හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 456 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1879 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1673 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site