සහන මිල යතුරු පැදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් බෙදා දීමට එරෙහිවීමට ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කළු කොඩි රැගෙන පා පැදි වලින් තුන්කම දක්වා පැමිණ විරෝධය පළ කළහ.
සභා රැස්වීමේදී එජාප මන්ත්‍රීවරු හතර දෙනා ද ජවිපෙ මන්ත්‍රීවරයා ද විරෝධයට එක් වුහ.විපක්ෂයටද යතුරුපැදි ඕනි නම් ආණ්ඩුවට එක්වන්නැයි ආණ්ඩුපක්ෂය කී විට සභාව නොසන්සුන් වීය.ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නව දෙනකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් රටේ එක එක පළාත් පාලන ආයතන වැඩ කරන්නේ තම තමාට අවශ්‍ය විදියට. කොළඹ පැත්තේ සමහර ත්‍රීරෝද වලට මීටර් සවිකළා. ශිෂ්‍යත්වය සමත් සමහර පළාත්වල ළමයින්ට ලැප්ටොප් පවා දුන්නා. රටේ මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් සම්මතයක් නැහැ වගෙයි පෙනෙන්නේ (නි)
බයිසිකලයක් නිසා පක්ෂය පාවා දෙන්නේ මොකටද නේද.අඩුම තරමේ ප්‍රාඩෝ ලැම්බෝගිනි වගේ වාහනයක්වත් දෙනවා නම් තව හිතා බලන්නවත් තිබ්බා!(හේ)
ඔය කොයි පක්ෂේත් මුලින් එනකොට ආවේ පා පැදියේ තමයි. ටික කලක් යනකොට පැජරෝ ප්‍රාඩෝ ඩිෆෙන්ඩර් හෙලිකොප්ටර් වලින් ආරක්ෂකයෝ පිරිවරාගෙන ඉගිල්ලෙනවා. (හේ)
එදා යතුරුපැදියෙන් ගමන්කළ මහජන සේවයේ නියැලී සිටි ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට සුඛෝපභෝගී වාහන පහසුකම් සළසා ඇති මෙම යුගයේ විපක්ෂයේ මහජන නියෝජිතයන්ට යතුරුපැදියක් ලබා නොදීම මහත් අසාධාරණයකි (නි)
පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ. විපක්ෂයට ප්‍රාඩෝ වුණත් දෙන්න පුළුවන් මේ යන විදියට (නි)
ඔවා එතරම් ගණන් ගත යුතු නැත. එකට එක කාර්යාලයේ වැඩ කරන අයට දුන්නත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට දුන්නෙත් නෑනේ. (ර)
සහන මිලට දෙන යතුරුපැදි රජයේ සේවයට පමණක් නේද දුන්නේ? මන්ත්‍රි වරුන්ට දීල නැහැ නේද? (ර)