ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට රට පාලනය කරන්නේ ඊළඟ අගමැතිවරයා බවත් පරිවාස ආණ්ඩුවක් හැදූ චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ රට පාලනය කළේ ඇය නොව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු 10 දෙනා බවත් ස්වාධීන පුරවැසියන් බල ගැන්වීමේ ජාතික සංවිධානය අද (23) කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේ පැවති සංවාදයකදී පැවසීය.
මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය රටේ ජනතාව දන්නා බවත් ආණ්ඩුවේ පළමු දින 10 දෙමළ බෙදුම්වාදය ශක්තිමත් කළ බවත් අපේ රටේ අනාගතය ගැන සිහින බොඳ කිරීමට එක්සත් ජාතික පක්ෂයට ඉඩ නොදෙන ලෙසත් ගම්මන්පිල මහතා එහිදී කීවේය.
එම අවස්ථාවට ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, ආචාර්ය නාලක ගොඩහේවා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන පිරිස එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ ට ජය වේවා! (නි)
අර කවුදෝ පොඩි ළමයෙක්ගෙනුත් හොඳට අහගත්තා නේද බොරුවට කිඔුල් කඳුලු හෙලන්න ගිහින් ඡන්දෙ කාලේ. එහෙට පැනලා මෙහෙට පැනලා ආයිත් එහෙට පැනලා තිබ්බ වාර්තාව මදැයි. අපිට ඒක අමතක නැහැ. (බ)
ජයවේවා! නියම කතාව (නි)
මහින්ද මහත්තයට ජයවේවා! (නි)
මේ වගේ කල්ල කපටි දේශපාලඥයො දැකිමත් අප්‍රසන්නයි. (ස)
සමහරු නම් ඉතින් වැඩකරන්නේ ලිච්ඡවි රජවරු ආදර්ශයට අරගෙනනේ (නි)
ඔයාගෙ යාළුවා අර වයස වෙනස් කරලා පාස්පෝට් 2-3 තියා ගත්තා. කේස් එකට ගෑවුනේ අර විමලෙගෙ ගෙදර විදුලි බිල ලක්ෂ ගානක් කියලා එයාම පිලිගත්තාලු. කොටුවත් ඒසී කරලා ඇති. ඔන්න දේශහිතයිශියො කරන වැඩ. (ස)
පසුගිය සන්ධාන ආණ්ඩු කාලයේ කළ බලතල කප්පාදුව ගැන එහෙමත් කියන්නකෝ (නි)
ගම්මන්පිල මහතාට ජයවේවා! (නි)
යම්කිසි දෙයක් ව්‍යවස්ථාවේ වෙනසක් කරනවා නම් එය මැතිවරණයට ප්‍රථම කිවයුතුය ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න දෙනවා නම් එය ජනාධිපතිවරණයේ දී කිවයුතුය. (නි)
ඔයාලා ඒ කාලේ හදපු වැව් වල දැන් වතුර පිරිලද? (නි)
මෑත ඉතිහාසයේ ලංකාවේ බිහිවුණ මෙවැනි දේශපාලකයෙක් තවත් නම් මා දැක නැත (නි)
අනේ ඇත්තද? පහුගිය අවුරුදු දහයේ රට පාලනය වුණේ දසරාජ ධර්මයෙන් වෙන්න ඇති. (නි)
හරි හරි අපි ඒවා ගැන 17 වෙනිදට බලාගන්නම් (නි)
ඔය අපේ සිහින ගැන කරදර වෙන්න එපා. ඔබගේ සහ ඔබේ නඩේ කට්ටියගේ සිහින තමයි 17 වැනිදට බොඳ වෙන්නේ. (බ)
ඒක ඇත්ත එන්නෙම බෙදුම්වාදය කර පින්නා ගෙනයි.(ම)
මගේ සිහිනය මට දකින්න ඉඩහරින්න, මගේ සිහිනෙන් මා මුදන්න ඡන්දෙ දෙන්න (නි)
හර්ෂ සිල්වා මහත්තය ඉන්න තැනම කනේ පාරක් ගහල..වැඩේ කැතයි ගම්මන් පිල මහත්තයෝ..ගහනවානම් කන් දෙකටම දෙන්න ඕන අත දිග ඇරලා..නැත්නම් ඕවයේ තියෙන කලාදුරු කැඩෙන්නේ නැහැ..(බ)
මේ මහත්තය ගණන් හද හදා ලේඛන ඉදිරිපත් කර කර එදා කිව්වෙත් ඔය ඩයස් පෝරාවයි, බෙදුම් වාදයයි ගැන මයි . ඒත් ඒවා ජනතාව ගණන් ගත්තේ නැහැ. මහින්ද මහත්තයව පරදවල ගෙදර යැව්වා. ඕකම කියා කියා හිටියොත් මෙදා සැරෙත් වෙන්නේ ඔය ටිකම තමයි. ඒක නිසා වෙනින් බොරුවක් හදල කියන්න .ටික දෙනෙක් හරි රැවටෙයි. (අ)
බුලත් කොළය 17 වෙනිදාට ජය ගන්නවා! (නි)
උදය මහත්තය මේ දවස්වල අනාගත සිහින දැකල . (අ)
ඒක තීරණය කරන්නේ අපි (නි)
බලයට එන්න දරන වෑයම? (නි)
සිහින කුමරා සහ සිහින රජා..ඇතුළු සිහින ලෝකේ කස්ටියටම ලබන 17 වෙනිදාට, ඇහැරෙනකොට තේරේවි (ම)
දන්නා හින්දා තමයි මහින්දව ගෙදර යවලා රනිල්ව පත්කර ගත්තේ.ආයේ ගෑවිච්ච කෙනෙකුටවත් අපි ඡන්දෙ දෙන්නේ නැහැ. බයවෙන්න එපා (ම)
මොනවා වුනත් පරිවාස ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරු එදා මේ රටට කෙටි කාලයක් තුළ ඔවුන් පාලනය කළ අමාත්‍යංශ වලට අත් කර දුන් දියණුව අගය කළ යුතුයි.(ම)
ස්වාධින පුරවැසියන්ට ගම්මන්පිල එකතුවුණේ කොහොමද.? (ම)
ගම්මන්පිල මහත්තයෝ අපි බබ්බු නෙමෙයි . හිතාගෙන ඉන්නේ අපි තණකොළ කන ගොන්නු කියලද. හොර නඩේට ඕනේ මණ්ඩිය ලොකු කරගන්න මිසක් අපිටවත් රටටවත් හොඳක් කරන්න නෙමෙයි (බ)
ගම්මන්පිල මහත්තය ගැන කියන්න උපමා අලුතෙන්ම හදන්න ඕනේ. (ම)
කොහොමටත් මෙයාලගෙ සිහින බොඳවෙලා යනව. අනේ පව්!(ම)
ඹයාගේ වැදි බණ අපිට වැඩක් නැහැ උත්තරය ජනවාරි 8. ඵ්කම තමයි බුද්ධිමත් ජනතාව රැවටිය නොහැකියි (නදී)
ගම්මානපිල මහත්තයෝ මෙදා ඇමතිකමක් ලැබෙන්නේ නෑ. ගොඩක් මහන්සි වෙන්න වෙයි ආසන ගන්නත් මෙදා පාර නම් (ම)
ගම්මන්පිල ඔහේ ඔච්චර දේශප්‍රේමියෙක් නම් ලංකාවේ පුරවැසි භාවයට අමතරව ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවයත් ගත්තේ ඇයි? ඒ කියන්නේ ඔහේ එක කකුලක් ලංකාවෙත් එක කකුලක් ඕස්ට්‍රේලියාවේත් තියෙන දෙපිටකාට්ට්ටුවෙක්. ඔහේගේ සිහිනය අගෝස්තු 17 දා බොඳ කරනවා, ඒ එජාපය නෙවෙයි මේ රටේ ජනතාව. එදාට ඔහේට කකුල් දෙකම ඔස්ට්‍රේලියාවට අරන් යන්න පුළුවන් වෙයි. (නදී)
දැන් නම් මෙයා හීනෙන් නැගිටලා ඔහේ කටට එන දෙයක් කියල දානවා (බ)
ඔය කවුරුත් වැදි බණ කිව්වට වැඩක් නැහැ ගිහිල්ල වාඩිවෙන්න කෝ .රටට වැඩදායි පක්ෂයක්තොරාගෙන ඒ පැත්තේ අපි කවුරුත් දන්නවා දැනට සුදුසු පක්ෂය මොකක්ද කියල..(බ)
ජයවේවා නුබට ! බුලත් කොලේ ජය නියති ! (බ)
උපරීම බලය බෙදීමක් කරනවා කියල දීපු පොරොන්න්දුවෙන් කියවෙන්නේ මොකද්ද? ස්වයං පාලනයකට පාර කැපීම නෙමෙයිද? අපේ මිනිසුන්ට මොලේ කලඳක් හරි තියෙනවනම් තේරුම්ගන්න. ඇයි අපි පක්ෂ බදාගෙන උගුරට හොරා බෙහෙත් කන්න හදන්නේ. ඕක මුලින්ම කෙරුවනම් සිංහලයන් මෙච්චර මැරෙන්නේ නැනේ. (බ)
මේ වනවිට ඇත්තේ මැතිවරණ සමයක් බැවින් ජනතාවට හොඳම අදහස් තෝරා ගන්න පුලුවන් දේශපාලන කතාවලින් (නි)
අපි දැක්කා කව්ද කියලා සතියක් ඇතුළත ප්‍රතිපත්ති මාරු කරලා හීන හැබෑ කරන්න ගිහින් ජන 8 හොස්ස බිම අනාගත්තා (ම)
ඔය පරණ තැටියට මිනිස්සු රැවටුණු කාලය හමාරයි. (නි)
දැන්නම් අපිටත් එපාවෙලා තමයි තියෙන්නෙ (නි)
කාගෙ කාගෙත් සිහින බොඳවෙන දවස වැඩි ඈතක නැහැ (නි)
කතාව සම්පුර්ණ ඇත්ත. ඔය ඇමති මණ්ඩලයට කිවුවේ නවත්තපු තැනින් පටන්ගන්න කියලනේ (නි)
ගම්මන්පිල ,අනේ කට වහගෙන ඉන්නවද ,කරන්න ඕන දේ අපි දන්නවා 17 වෙනිදට මහින්ද සමග හොරු රැල එලවනකොට ඔයත් ගෙදර තමා (බ)
දන්නා හින්දා තමයි මහින්දව ගෙදර යවලා රනිල්ව පත්කර ගත්තේ.ආයේ ගෑවිච්ච කෙනෙකුටවත් අපි ඡන්දෙ දෙන්නේ නැහැ. බයවෙන්න එපා (නි)
බංකොලොත් බව ඔප්පුකර අවසානයි දැන් නම් (නි)
මේවා අහන්න එන අය කොච්චර හිටියද දන්නෙ නැහැ (නි)
අපි දැන් කවුරු කියන ඒවද අහන්න ඕනෑ? (නි)
යහපාලන මැතිවරුන් බයේ ඉන්නවා දවස් 200 යේ ජොලිය මෙදා පොටේ ඉවරයි කියලා. සන්දානෙට පොල්ලෙනුත් ගහනවා පොල් කෙන්දෙනුත් ගහනවා (නදී)
අනේ උදය ගම්පිලට වෙච්ච දේ අන්තිමට? එතුමා යහපාලන ප්‍රතිපත්ති සකස් කරන්න මුලිකවුණ කෙනෙක් නේද? (නි)
ඔන්න යහපාලනය! එදා ඔහොම කතාකළා නම් ... (නි)
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න (නි)