මුදල් ඔට්ටුවට බුරුවා ගැසු එකම පවුලේ පස්දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියය බැගින් දඩ නියම කළේය.
දුලානි මහේෂිකා,මංජුලා ප්‍රියදර්ශනි,සුගන්දි පෙරේරා,සාලිය පෙරේරා හා අසිත කුමාර යන සහෝදර සහෝදරියන්ට මෙසේ දඩ නියම විය.
මුදල් ඔට්ටුවට බුරුවා ගැසු එකම පවුලේ පස්දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියය බැගින් දඩ නියම කළේය.
දුලානි මහේෂිකා,මංජුලා ප්‍රියදර්ශනි,සුගන්දි පෙරේරා,සාලිය පෙරේරා හා අසිත කුමාර යන සහෝදර සහෝදරියන්ට මෙසේ දඩ නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කැසිනෝ සූදුව . ඒවා හොඳයිද? එකම පවුලේ අය මෙහෙම එකතුවෙලා ඕන තරම් සල්ලි ඔට්ටුවට සෙල්ලම් කරනවා. (දිල්)
මේ ගොල්ලන්ගේ නම් ගම ඔක්කොම දානවා. එත් ලොකු කෙනෙක්ගේ නම් ඒ මුකුත් දන්නේ නෑ.(දිල්)
අනේ මන්දා ඔහොම ගියොත් ලංකාවත් ඉවරයි.. (ස)
චන්දී හොදට බලන්න මේ නම් දෙස. දෙදෙනෙකුට නම් වලට වාසගම් තිබෙනවා.අනිත් අයගේ නම් වලට වාසගම් නැහැ. මේ ගොල්ලෝ එකම පවුලේ කට්ටිය වෙන්න බැහැ. අහළ පහළ අය වෙන්න ඇති. එකම පවුලේ අය , තමන්ගේ ගෙදර බුරුවා ගහනකොට කවුද පොලිසියට ඔත්තුව දෙන්න යන්නේ? පිට අය බුරුවා ගහනකොට නම් ඔත්තු දෙන්න ගමකට කට්ටිය ඉන්නවා. බොරුද මම කියන්නේ. (නි)
පුදුම පවුලක්නේ (නි)
චන්ද්‍ර කියනදේමයි මටත් කියන්න තියෙන්න. මේක නම් විහිළුවක්. මං අහලා තියෙන්නේ නම් "පොදු ස්ථානයක" සුදු ක්‍රීඩාව තහනම් බවයි. 'පොදු ස්ථානයක්' කියන්නේ 'මහජනයාට ඇතුළුවිය හැකි' තැනකට. තමන්ගේ ගෙදර කියන්නේ "පොදු ස්ථානයක්" නෙමෙයි. මේකට නීතිඥයෙක් කතාකළේ නැද්ද දන්නේ නැහැ. (නි)
ලැජ්ජයි ! මෙච්චර දූෂණ, හොර මැරකම් වෙන රටේ වෙන වැඩ නැතුවාටද? (නි)
මේ දේ මට වුණා නම් මම පොලිසියට විරුද්ධව නඩු දානවා.1 .අනවසරයෙන් නිවසට ඇතුළුවීම 2.වරෙන්තුවක්,උසාවි නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගැනීම 3.සුලු මුදලක් නඩු භාණ්ඩයක් කිරීම 4.තමන්ට සිදුවූ අවමානය,ලැජ්ජා... පොලිසියට බැහැ උසාවි නියෝගයක් නොමැතිව නිවසකට ඇතුළු වීමට (නි)
අපේ පොලිසිය ඉතින් ලෝකයේ තිබෙන හොඳම පොලිසි වලින් තුන්වෙනි තැනනේ! (නි)
මේ විදියට පවුලේ සහෝදරන් එකතු වුණාම අරක්කු ටිකක් බොන්නත් බැරුව යයිනේ. ඒකටත් නඩු දාලා උසාවි ගෙනියන්න පුළුවන් (නි)
මෙතන ගැටලුවකට තියෙන්නේ, මුදල් ඔට්ටුවට ඔය කාඩ් ක්‍රීඩාව කිරීමම නොවේ, ඔය වැටලීමට හා දඬුවම් දීමට සම්බන්ධ අයට හිමි විශේෂ ගෞරව නාමය මෙම ක්‍රීඩාවට යොදාගෙන තිබීමයි. (ස)
පුංචි පවුල රත්තරන්.... (ස)
පොලිසියටත් ඔන් නැති දෙයක් නැනේ.(නදී)
අපිත් ලංකාවට ගියාම ගෙදර අය සමග එකතු වෙලා 31 අදිනවා ,ඕමි බලනවා, විනෝද වෙනවා. (නි)
අපේ අර මහත්තයාගෙ දරුවො වෙන්න ඇති. (නි)
මේක හරි වැඩක්නේ. අපි මොන තරම් සල්ලි ඔට්ටු තියනවද සහෝදර සහෝදරියෝ එකතුවෙලා ගෙවල් වලදී.කෝ මේ අයිතිවාසිකම් සුරකින ආයතන. බූරුවා ගසනවා කියන්නේ කොළයක් ඉල්ලන එකනේ.අපි සල්ලි ඇතුවත් නැතුවත් ඕක ගෙවල් වල කරනවා. (නි)
කැසිනෝ ගැහුවට කමක් නැහැ, හැබැයි බුරුවා ගහලා නම් අහුවෙන්න එපා (නි)
අම්මෝ!! මෙච්චර ගානක් දඩ ගැහුවේ ඇයි..? මේ කට්ටියට මේ ගණන ගෙවන්න පුළුවන් වෙයිද...? (නි)