ලෝක ළමා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙවර සංහිද ළමා නිවාසයේ දරුවන් 33 දෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කැඳවාගෙන ආහ.
කොළඹ සිට ඩබල් ඩෙකර් බස් රථයක පැමිණි දරුවෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඒ 330 දරණ විශේෂ ගුවන් යානය වෙත කැඳවාගෙන ගිය අතර එහිදී ගුවන් කාර්ය මණ්ඩලය ඔවුන්ට සත්කාර කරමින් ආහාර පිළිගැන්වුහ.
මීට අමතරව ගුවන් ගමනක වගකීම මෙන්ම ගුවන් ගමනක යෙදීමට අවශ්‍ය සියළු දේ පිළිබඳව දැනුම එහිදී ඔවුනට ලබා දුන්හ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රජා සත්කාරක අංශය විසින් මෙය සංවිධානය කර තිබුන අතර ඊබට් සිල්වා හොලිඩේස් සමාගම සහ ගාලුමුවදොර හෝටලය මේ සඳහා අනුග්‍රාහකත්වය දැරීය.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයි පොඩ්ඩක් උඩ එක්කරගෙන ගියේ නැද්ද? බිම තියෙන ප්ලේන් එකේ විතරක් ද තෙබ්බේ? (ර)
මත්තලටවත් එක්කගෙන ගියා නම් තවත් හොඳයි නේද? (නි)
මහත්වරුන්ගේ මහත් සද්ක්‍රියාවක්! සමහර රටවල ළමා ක්‍රීඩා පිටි වල සේවයෙන් ඉවත්කළ ගුවන් යානා දරුවන්ගේ හුදු විනෝදය පිණිස තබා තිබෙනවා (නි)
හොඳ වැඩක් (නි)
මේකනම් හොඳ වැඩක්. ඒ වගේම යානයේ රවුමක් එක්කගෙන ගියා නම් වඩාත් හොඳයි (නි)
නියම වැඩක්නේ. මේ දවසේ කළ හොඳම වැඩක් මේක නම්. (නි)
මේක නම් කියලා නිම කරන්න බැරි හොඳ කටයුත්තක් , ළමා දිනය වෙනුවෙන් මෙවැනි අර්ථවත් දෙයක් කිරීම ගෙන ලංකා ගුවන් සේවයට බොහෝ තුති පුදමි (අ)
වසරකට වරක්වත් මෙසේ කිරීම හොඳ දෙයකි (නි)
ඔයගොල්ලො නම් කියයි වටයක් එක්ක යන්න කියලා. වියදම කීයක්ද? (නි)
ඉතාමත් පින්වත් වැඩක්. සංවිධායක කණ්ඩායමට සහ සියලු සේවකයින්ට මගේ ප්‍රණාමය (බ)
මේ පැටවූ ටික පොඩි රවුමක් අරගෙන ගියා නම් හරිම අගෙයි. (නි)
ඉතාම හොඳ වැඩක් (නි)
ආදර්ශවත් වැඩපිළිවෙලක්. අගය කළ යුතුමයි. (අ)
විනාඩි 10 කවත් ගුවන් ගමනක් ගෙන ගියා නම් ඉතා වටිනවා. (නි)
අගය කළ යුතුමයි.සංවිධායක කණ්ඩායමට සහ සියලු සේවකයින්ට මගේ ප්‍රණාමය! (නි)
ආනේ මත්තලට එක්ක යන්න තිබුනා නේ. (බ)
උතුම් ක්‍රියාවක්. අනේ රවුමක් එක්ක ගියා නම් පොඩ්ඩෝ ටික කොච්චර සතුටු වෙයිද? (නි)
ගුවන් ගමනක අත්දැකීම දරු දැරියන්ට ලබාදුන්නා නම් ඔවුන් සතුටු වෙනු ඇත (නි)
හරිම වටිනා දෙයක් මේ දරුවන්ට ලබාදීලා තියෙන්නේ (නි)
හරිම වැදගත් දෙයක් ළමයි ටික පුදුම සතුටකින් ඉන්නේ. මටත් සතුටක් දැනුනේ දරුවන්ගේ හිනා මුහුණු දැක්ක නිසා උද උදේ පාන්දරම (බ)
ගෞරවනීය ජාතික අභිමානය ජාත්‍යන්තරයට ගෙනයන ගෞරවනීය මිනිසුන්ට අපේ උත්තමාචාරය! (නි)
සුන්දර ළමා ලෝකය මොනතරම් සුන්දරද? පිවිතුරුද? (නි)
හොඳම දේ දරුවන්ට. උතුම් ක්‍රියාවක්. ඈත ගම්බද දිළිඳු දරුවන්ට දුක හිතේවිද මන්දා? (ස)
ඇත්තටම හොඳ වැඩක් (නි)
පොඩ්ඩෝ ටික හරිම සතුටින් වගෙයි (නි)
මල් වගේ දරුවන් අපි පණමෙන් සුරකිමු (නි)
මේ සද්කාර්යයට දායකවුණ සැමට පින්! (නි)
අපිටත් හරිම සන්තෝෂයි (නි)
බොහොම හොඳ වැඩක් (නි)
හරීම හොඳයි. අපිට සතූටූයි (නි)
නියමයිනේ! මෙවන් කටයුතු තවත් කිරීමට හැකිවේවා! (නි)
මේ කාර්යයට අතදුන් සැමට සුබ පැතුම්! (නි)
දරුවන් සතුටින් සිටිනවා නම් මේ ලෝකයම ලස්සනයි (නි)
හරිම හොඳයි (නි)
දරුවන් තමයි අපේ අනාගතය (නි)
ගුවන් සවාරියක් එක්කගෙන ගියේ නැද්ද? (නි)
දරු පැටවුන්ගේ සිනාව වාසනාවන්! (නි)
දෙවියනි, මේ පැටවුන්ට ආදරය,කරුණාව,ආරක්ෂාව ලබාදුන් මැනවි! (නි)
දෙවියනේ මේ පැටව්ට ආදරය කරුණාව ආරක්ෂාව ලැබදෙන්න (බ)