ඉන්දීය ජාතික කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයන් සහ ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු සහභාගී වූ සුහද පාපන්දු තරගයක් පසුගියදා මුම්බායි නගරයේදී පවත්වනු ලැබුණා. මෙම සුහද තරගයේ ජය හිමිවුයේ ඉන්දීය ක්‍රිකට් තරු ක්‍රීඩා කළ පාපන්දු කණ්ඩායමටයි. ඒ ගෝල 2-0ක් ලෙසය. මෙම තරගයේ ඉන්දීය ක්‍රිකට් තරු කණ්ඩායමේ නායකත්වය විරාත් කෝලි විසින්ද, බොලිවුඩ් සිනමා තරු කණ්ඩායමේ නායකත්වය අභිෂේක් බච්චන් විසින්ද හොබවනු ලැබු මුත්, විරාත් මෙම තරගයට ක්‍රීඩාකළද, අභිෂේක් සිය කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරනු දක්නට ලැබුණා.
විරාත්ගේ කණ්ඩායමට මහේන්ද්‍ර සිං දෝනි, හර්බජාන් සිං, යුවරාජ් සිං, අජින්ක්‍යො රහනේ, රවිචන්ද්‍ර අශ්වින්, බුවනේෂ්වර් කුමාර්, මනිෂ් පාණ්ඩේ, උමේෂ් යාදෙව් හා වරූන් අරොන් ක්‍රීඩා කළ අතර, අභිෂේක්ගේ කණ්ඩායමට රන්බීර් කපූර්, ආදිත්‍ය රෝයි කපූර්, අර්ජූන් කපූර්, ඩිනා මෝරායා, සචින් ජෝෂි, රාජ් කූන්දර් (ශිල්පි ෂෙට්ටිගේ සැමියා), කරන් මෙහෙරා, ෂර්මන් ජෝෂි, ජෝන් ඒබ්‍රහිම් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එමෙන්ම මෙම තරගය නැරඹීමට බොහෝ බොලිවුඩ් සිනමා තරු පිරිසක්ද පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සුහද පාපන්දු තරගයේ ජය ක්‍රිකට් තරුවලට