නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන ජයන්ත ජයසූරිය මීළඟ නීතිපති වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවාලු.
යුවන්ජන් විජේතිලක මහතා පසුගිය 10 වැනිදා ඉසිඹු ගැනීමෙන් පසු මාසයකට ආසන්න කාලයක් ඒ පදවිය හිස්ලු. නීතිපති වෙනුවෙන් වැඩ බලන සුහද ගම්ලත් ශ්‍රී ලංකාවේ එතෙර රාජ්‍ය දූතයකු වන ලකුණු තිබෙනවාලු.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂත් ගම්ලත්ට කැමතිලු. නීතිපති පදවියට ඉදිරිපත්වූ නම් ව්‍යවස්ථා සභා රැස්වීමේ සාකච්ඡා කළාලු. කථානායක කරු ජයසූරිය, ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයායි. කමිටු සාමාජික තරුණ ඇමැතිවරයකු ගම්ලත්ගේ නමට විරෝධය පෑවාලු. මෛත්‍රිපාල සිරිසේන ජනපති මේ සතියේදී තීරණයක් ගන්නවාලු. අවසන් පත්වීම කරනුයේ ව්‍යවස්ථා සභාවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්ලත්ට,සිරිසේන මහත්තය පෙන්නුවේ මොනාද? (බ)
රාජපක්ෂට එරෙහිව රාජපක්ෂ නාට්ටිය බලන්න වෙන්නේ නැහැ වගේ, (බ)
ඔන්න යහපාලනය (බ)
හරිදේ කරන්න. පරණ අකාර්යක්ෂම අය අයින් කරලා හරි .එ්ක යහපාලනයට අත්‍යවශ්‍යයි (බ)
මෙයාට හොද සිරියාව තමයි .එක එක ඇමතින්ට ඕනේ තමන්ගේ ගොට්ටන්ව පත්කරගන්න .ඩබල් ගේම් ඇමතිලා ලැජ්ජාවක් සදාචාරයක් තියෙනවනම් අස්වෙලා යනවා නම් රටේ වාසනාවක් .කොහොමත් ඕනවට වඩා පන්සල් මල්වට්ටි පෙන්වාගෙන ඉන්න දේශපාලුවෝ අන්තිම හොරු .(කෞ)
මෙයා කොහොමටත් නීතිපති තනතුරට වටින්නේ නැහැ (අ)
කවුරු හෝ වේවා රටට අවශ්‍ය වෙන්නේ ස්වාධීන නීතිපතිවරයෙක් (නි)
තනතුරක වැඩ බලන්න ඊළඟ එක්කෙනාට දුන්නම සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඒ තනතුරේ ඊළඟට ඔහුව ස්ථිර කිරීම. මෙතන ඊට වෙනස් දෙයකින් පෙන්නන්නේ තමන්ට කීකරු හෙන්චය්යකු පත් කිරීමේ උවමනාව. (කෞ)
ඒකත් එහෙමද? (නි)
දහම් ඔයා වගේ ක්ෂීරපායි එක්කෙනෙක් සුදුසු අපේ කොකනට් විපක්ෂෙට තමයි .මෙපමණ දවසක් කොහෙද හිටියේ ? ඔය තනතුරේ බැංකුවල වැඩ කරපු අයත් හිටියා. මිනිස්සු බලෙන් ගස්වල බැදගන්නවා .පෙළපාලි උද්ගෝෂණ කරලා තමන්ටම වෙඩි තියාගන්න නිසා දුකේ බැරුව හිටපු පොලිස්පතිතුමා රස්සාවෙන් අයින්වෙලා රටෙනුත් ගියා. .ඔය ඒ කාලේ කොහෙද අනේ හිටියේ .ගහක බැදලවත්ද? (බ)
මෙතන පෙන්නන්නේ තමන්ට කීකරු අයකු පත් කිරීමේ උවමනාව. (අ)
මොන ආණ්ඩුව තිබුනත් කොමිෂන් සභා තිබුනත් අවසානයේ තනතුරුවලට පත් වෙන්නේ දේශපාලනික අවශ්‍යතා අනුවයි, කොමිෂන් සභා වලින් කෙරෙන්නේ ඒ ක්‍රමවේදයට නීත්‍යානුකූල මුහුණුවරක් ලබාදීම පමණයි. (බ)
දහම්" ඕනෙම තැනකට තමන්ට කීකරු හෙන්චයියකු පත් කිරීමේ උවමනාව තිබුනේ ඔයාලගේ අප්පච්චිට නේ .පව් ඔයාලා (බ)
සුවච කීකරු අය පත්කිරීම ඉස්සර ඉඳලා තිබුනා. ඒක විධිමත් කළේ 1977 ආණ්ඩුව, මන්ත්‍රීගේ චිට් එකට රජයේ රැකියා පත්වීම් දීම පටන්ගත්විටයි. (නි)
තුරුම්පු ටික ඔවුන් අතේ, කොල ටික අපි අතේ. (නි)
කවුරු ආවත් කමක් නැහැ රටේ පවතින නීතියට පක්ෂග්‍රාහී නොවී යුක්තිය ඉටු කිරීමට හැකි වේවා (බ)