සිංහයින් ,වළසුන් සහ කොටියන්ගේ මස් විකුණන ආපන ශාලාවක් ප්ලොරිටා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරී මාසයේදී විවෘත කර ඇත. සිංහ මස් රාත්තලක මිල ඩොලර් 225 කි. (රුපියල් 28575 ) සිංහ මස් ව්‍යංජනයක් ඩොලර් 35 කි . (රුපියල් 4445 )
ප්ලොරිටාවේ වෙසෙන සත්ව හිංසා විරෝධින් රැසක් ආපන ශාලාව ඉදිරිපිටදී සිංහ මස් විකිණිමට එරෙහිව උද්ඝෝෂණය කළහ.
එහිදී කළමනාකරු කියා සිටියේ සිංහ මස් අනුභවයට අකැමති නමි නොකා සිටින ලෙසය.
එහෙත් එල්ල වු දැඩි විරෝධතා මධ්‍යයේ පසුගිය සතියේ සිට සිංහ මස් විකිණිම අතහැර දැමීමට කළමනාකරුට සිදු විය.
මීලඟට හදුන්වා දෙන්නේ සීබ්‍රා මස් බවත් කළමනාකරු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටින් මේ අරින්න බලු මස් හරි මේ රටට. විදේශ විනිමය හොයන්න හොඳ වෙලාව. අයාලේ පාරේ දුවන බලු කරදරෙත් නැති වෙනවා (නි)
හොඳ වෙලාවට අපේ සිංහයො ටික ගමන නතර කරලා ආපහු ආවෙ. නැත්නම් තවත් කරදරයකට මූන දෙනවා. හැබෑවටම මේ කඩේ කරන්නෙ මුස්ලිම් කට්ටියක්ද? (නි)
මිනිස්සු වල්මත් වෙලා තිබෙන තරමක් (නි)
චතුල වෙරෝනා, ඔයාට යම් කිසි ප්‍රශ්නයක් ඇති. ඒකයි කිසිම තේරුමක් නැති අදහස් දාන්නේ. (නි)
එහේ ඕක මොකක්ද? මෙහේ ඉන්න සිංහයෝ කන්නේ මිනී මස්. (නි)
බෝදු බල සේනා සාදුලා එහෙ ගිය වෙලාවේ මේකට මුකුත් කියල නැහැ වගේ. (නි)
මිනි මස් කඩයක් දැම්මොත් සිරියාවෙන් මස් දෙන්නම්... (නි)
මම නම් හිතන්නේ "සත්ව හිංසා විරෝධින්" කියන්නේ දේව වචනයට විරුද්ද වෙන පිරිසක්. දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ සතුන් ඉන්නේ මිනුසුන්ට කන්න කියලනේ.(නදී)
ඔය කළමනාකරුත් කවදා හරි වන සතුන්ට බිලිවුණා කියලා අහන්න ලැබෙයි. (නි)
තව ටික කාලෙකින් මිනී මසුත් හදුන්ව දෙයිද දන්නේ නෑ නේ? කමක් නෑ අපේ මොකෝ ඇමරිකාවෙනේ....(ස)
ඔය වැඩේ ලෝකය පුර පැතිරී ගියත් අපට හානියක් නැහැ, මේ රටේ සිංහයෝ නැති නිසා. සිංහ වෙස් ගත් අයට ඕක අදාළ නැහැනේ. (නි)
කියල වැඩක් නෙහ ශාපික් , මේවත් හලාල්ද දන්නේ නැහැ නේද ?(නදී)
හැමදාම අපි වගේ පොඩි රටවල් වලට මානවහිමිකම්, සත්ව හිමිකම් ..... ගැන කියකිය චෝදනාකලාට , මේ සුද්දෝ තරම් වනචාරී ජාතියක් තවත් නැහැ. (ස)
සමහරුත් හරක් මස් වලට කෑ ගහ ගහ යද්දී කට්ටිය කියන්න බැරි නම් නොකා ඉන්න කියලා. (නි)
ඔය තොරතුරු ඇමරිකාවේ ඉඳල ගෙනාවේ අපේ කට්ටියක්ද? (නි)