IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිංහ මසුත් ගිනි ගණන් යයි

සිංහයින් ,වළසුන් සහ කොටියන්ගේ  මස් විකුණන ආපන ශාලාවක් ප්ලොරිටා  ප්‍රාන්තයේ පසුගිය  පෙබරවාරී මාසයේදී විවෘත  කර ඇත. සිංහ මස් රාත්තලක මිල ඩොලර් 225  කි. (රුපියල් 28575   )  සිංහ මස්  ව්‍යංජනයක්  ඩොලර් 35 කි . (රුපියල් 4445 )

 ප්ලොරිටාවේ  වෙසෙන සත්ව හිංසා විරෝධින්  රැසක්  ආපන ශාලාව ඉදිරිපිටදී සිංහ මස් විකිණිමට එරෙහිව  උද්ඝෝෂණය කළහ.

 එහිදී කළමනාකරු  කියා සිටියේ  සිංහ මස්  අනුභවයට අකැමති  නමි නොකා සිටින ලෙසය.

 එහෙත් එල්ල වු දැඩි විරෝධතා මධ්‍යයේ  පසුගිය සතියේ  සිට සිංහ මස් විකිණිම අතහැර දැමීමට කළමනාකරුට සිදු විය.

 මීලඟට හදුන්වා දෙන්නේ  සීබ්‍රා මස් බවත් කළමනාකරු කියයි.



අදහස් (0)

සිංහ මසුත් ගිනි ගණන් යයි

සේරම් පැරිස් Monday, 13 May 2013 06:16 PM

අපේ රටින් මේ අරින්න බලු මස් හරි මේ රටට. විදේශ විනිමය හොයන්න හොඳ වෙලාව. අයාලේ පාරේ දුවන බලු කරදරෙත් නැති වෙනවා (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 13 May 2013 06:28 PM

හොඳ වෙලාවට අපේ සිංහයො ටික ගමන නතර කරලා ආපහු ආවෙ. නැත්නම් තවත් කරදරයකට මූන දෙනවා. හැබෑවටම මේ කඩේ කරන්නෙ මුස්ලිම් කට්ටියක්ද? (නි)

:       0       0

ෂාෆික් Monday, 13 May 2013 06:56 PM

මිනිස්සු වල්මත් වෙලා තිබෙන තරමක් (නි)

:       0       0

ශිරළ් Monday, 13 May 2013 07:45 PM

චතුල වෙරෝනා, ඔයාට යම් කිසි ප්‍රශ්නයක් ඇති. ඒකයි කිසිම තේරුමක් නැති අදහස් දාන්නේ. (නි)

:       0       0

රනිල් Monday, 13 May 2013 08:20 PM

එහේ ඕක මොකක්ද? මෙහේ ඉන්න සිංහයෝ කන්නේ මිනී මස්. (නි)

:       0       0

සේරම් පැරිස් Monday, 13 May 2013 09:33 PM

බෝදු බල සේනා සාදුලා එහෙ ගිය වෙලාවේ මේකට මුකුත් කියල නැහැ වගේ. (නි)

:       0       0

බණ්ඩා Monday, 13 May 2013 10:39 PM

මිනි මස් කඩයක් දැම්මොත් සිරියාවෙන් මස් දෙන්නම්... (නි)

:       0       0

මනෝජ් Tuesday, 14 May 2013 11:36 AM

මම නම් හිතන්නේ "සත්ව හිංසා විරෝධින්" කියන්නේ දේව වචනයට විරුද්ද වෙන පිරිසක්. දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ සතුන් ඉන්නේ මිනුසුන්ට කන්න කියලනේ.(නදී)

:       0       0

ආනන්ද ආර් Monday, 13 May 2013 04:41 PM

ඔය කළමනාකරුත් කවදා හරි වන සතුන්ට බිලිවුණා කියලා අහන්න ලැබෙයි. (නි)

:       0       0

වරුණ Monday, 13 May 2013 04:45 PM

තව ටික කාලෙකින් මිනී මසුත් හදුන්ව දෙයිද දන්නේ නෑ නේ? කමක් නෑ අපේ මොකෝ ඇමරිකාවෙනේ....(ස)

:       0       0

උපාලි Tuesday, 14 May 2013 03:44 AM

ඔය වැඩේ ලෝකය පුර පැතිරී ගියත් අපට හානියක් නැහැ, මේ රටේ සිංහයෝ නැති නිසා. සිංහ වෙස් ගත් අයට ඕක අදාළ නැහැනේ. (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 14 May 2013 03:56 AM

කියල වැඩක් නෙහ ශාපික් , මේවත් හලාල්ද දන්නේ නැහැ නේද ?(නදී)

:       0       0

අමිල Monday, 13 May 2013 04:55 PM

හැමදාම අපි වගේ පොඩි රටවල් වලට මානවහිමිකම්, සත්ව හිමිකම් ..... ගැන කියකිය චෝදනාකලාට , මේ සුද්දෝ තරම් වනචාරී ජාතියක් තවත් නැහැ. (ස)

:       0       0

ලසන්ත Monday, 13 May 2013 05:12 PM

සමහරුත් හරක් මස් වලට කෑ ගහ ගහ යද්දී කට්ටිය කියන්න බැරි නම් නොකා ඉන්න කියලා. (නි)

:       0       0

නිසාර් Monday, 13 May 2013 05:41 PM

ඔය තොරතුරු ඇමරිකාවේ ඉඳල ගෙනාවේ අපේ කට්ටියක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 122 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site