මාර්තු 02 වෙනි සඳුදා සවස 4 සිට 7 දක්වා ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අභියස පැවැත්වෙන ජන හමුව සඳහා සිංහ කොඩියක් රැගෙන සහභාගිවන ලෙස සංවිධායකයෝ ඉල්ලති.
මෙම ජනහමුව සංවිධානය කර ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගනිමින් සිදුකළ යුද අපරාධ ඇතුළු සියලුම සාපරාධි ක්‍රියා පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති ඇතුළු රජය දැනුවත් කිරීමේ අරමුණෙනි.
මේ සඳහා බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි පිරිසක් සහභාගී වන බව දැනටමත් දැනගැනීමට ඇතිබව ජන හමුව සංවිධානය කරන බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවීම් කරු ජනක අලහප්පෙරුම කියයි.
බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව යටත් කළ අවස්ථාවේදී සිදුවූ අසාමාන්‍ය මිනිස් ඝාතන, දේපළ විනාශ කිරීම් වැනි අපරාධ පිළිබඳව බ්‍රිතාන්‍යයේ වර්තමාන දේශපාලඥයින් දැනුම්වත් කිරීම සඳහා පැවැත්වෙන මෙම ජන හමුව විරෝධතාවයක් නොවන නිසා සටන් පාට හෝ විරෝධතා පුවරු භාවිතා නොකරන බවත් දේශාභිමානි ගීත වාදනය කෙරෙන අතර ඒ සඳහා සහභාගිවන සියලුම දෙනාට සිංහ කොඩියක් අතැතිව පැමිණෙන ලෙසත් සංවිධායකයෝ ඉල්ලති.
මේ අතර1815 දී මහනුවර මඟුල් මඩුවේදී "උඩරට ගිවිසුම" අත්සන් කළ සිංහල ප්‍රභූන් සංකේතාත්මකව සිහිපත් කරමින් මුල් ඇඳුමෙන් සැරසුණ කණ්ඩායමක් සුදු ජාතීන් කළ අපරාධ පිළිබඳ සියලු සාක්කි සහ විස්තර ඇතුළත් සංදේශයක් බ්‍රිතාන්‍ය අගමැති වෙතටත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් භාරදීමට ද කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මෛත්‍රී ජනාදිපති තුමා බ්‍රිතාන්‍ය බලා යන කේන්තියටද මේක කරන්න හදන්නේ. ගෙවල් වල වැඩ නැති අයට මේවා හොඳයි. ජාතික ගීයටත් නටන මිනිස්සුනේ අන්තිමට කියයි ජය වේවා කියා (නදී)
නියමයි මිත්‍රවරුනි. ආඩම්බරයි (නදී)