දැරනියගල කොස්කන්ද කැන්දලන්ද පාර වාහන ගමනාගමනයට සකසා දෙන්නැයි ඉල්ලමින් දහසකට වැඩි පිරිසක් දැරනියගල නගරයේදී අද උද්ඝෝෂණයක් කළහ.
මේ නිසා ප්‍රධාන මාර්ගයද අවහිර විය.
මෙම මාර්ගයේ ලංගම හා පෞද්ගලික බස් ටික දුරක් ධාවනය කරන බවත්, ඊට හේතුව පාර අබලන් වීම බවත් උද්ඝෝෂකයෝ කියති.
පාසල් දරුවනට අඩු ගණනේ කිලෝමීටර් හය හමාරක්වත් පයින් යෑමට සිදුවී ඇත.
රබර්, කුරුඳු හා තේ නගරයට රැගෙන ඒමට ක්‍රමයක් නැතැයි ද ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභාවට ඕවා ගැන හොයන්න වෙලාවක් නැහැ. වෙන වැඩ ඕනෙ තරම් තියනවනේ. සභාපතිවරුන්ට උදේ පාන්දරම කාර්යාලයට අවහම ගමේ ජනතාවගේ වැඩවලට වඩා තමන්ගේ වටේ ඉන්න කට්ටියට කොන්ත්‍රාත්ටික බෙදල දෙන්න, ඒවල කොමිස් ගැන හොයල බලන්නයි තියෙන්නෙ. මහ ආණ්ඩුව කෝටි ගණන් මුදල් ප්‍රාදේශීය සභාවට දුන්නට වැඩක් නැහැ එවයින් ඇත්තටම බලාපොරොත්තුවෙන වැඩ සිද්ධ වෙනවද කියල බලන්න රජය මීට වඩා හොද වැඩ පිළිවෙළක් යොදන්න ඕනේ. ගමේ චන්ඩින්ටම ගම භාරදීලා හරියන්නැහැ.(නදී)
අනේමන්ද පාරවල් හදාගන්න උද්ගෝෂණ අනිවාර්ය වෙලාද.(ස)
මුල්ම කාලයේ සීතාවකට සිදුවුණු පරංගි ආක්‍රමණ නිසා මායාදුන්නේ රජු රාජසිංහ කුමාරයවත් රැගෙන කීපවතාවක්ම දැරනියගලට පසුබැස්සා. ඒ දැරණියගල අවට තිබෙන කැලෑබද කඳුකරය උපක්‍රමිකව යොදාගෙන ගරිල්ලා සටන් මෙහෙයවන්න. නිතර වර්ෂාව ඇදහැලෙන කඳුකර ප්‍රදේශවල මාර්ග ඉදිකිරීම සඳහා නව තාක්‍ෂණික උපක්‍රම යොදාගැනීමෙන් ඒවා කල්පවතිනසේ නිමවා ගතහැකියි. ප්‍රාදේශීය දේශපාලකයන් හා ඔවුන්ගේ කොන්ත්‍රාත් කරුවන් ඉවත්කොට මෙවැනි දුෂ්කර පළාත් සංවර්ධනයට මධ්‍යම රජය මැදිහත්වීම අවශ්‍යයි. (අ)
ළමයින්ගේ ඇඟට හොඳයිනෙ (අ)
මේ මිනිස්සු ඉල්ලනේ සහනාදාර නොවෙයි. ගමට යන පාර කෝ ප්‍රාෙද්ශීය සභාව ? (ස)