දැරනියගල කොස්කන්ද කැන්දලන්ද පාර වාහන ගමනාගමනයට සකසා දෙන්නැයි ඉල්ලමින් දහසකට වැඩි පිරිසක් දැරනියගල නගරයේදී අද උද්ඝෝෂණයක් කළහ.
මේ නිසා ප්‍රධාන මාර්ගයද අවහිර විය.
මෙම මාර්ගයේ ලංගම හා පෞද්ගලික බස් ටික දුරක් ධාවනය කරන බවත්, ඊට හේතුව පාර අබලන් වීම බවත් උද්ඝෝෂකයෝ කියති.
පාසල් දරුවනට අඩු ගණනේ කිලෝමීටර් හය හමාරක්වත් පයින් යෑමට සිදුවී ඇත.
රබර්, කුරුඳු හා තේ නගරයට රැගෙන ඒමට ක්‍රමයක් නැතැයි ද ගැමියෝ කියති.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුහු කිලෝමීටර හයක් පයින් යති
කසුන් Thursday, 20 June 2013 05:20 PM
ප්‍රාදේශීය සභාවට ඕවා ගැන හොයන්න වෙලාවක් නැහැ. වෙන වැඩ ඕනෙ තරම් තියනවනේ. සභාපතිවරුන්ට උදේ පාන්දරම කාර්යාලයට අවහම ගමේ ජනතාවගේ වැඩවලට වඩා තමන්ගේ වටේ ඉන්න කට්ටියට කොන්ත්‍රාත්ටික බෙදල දෙන්න, ඒවල කොමිස් ගැන හොයල බලන්නයි තියෙන්නෙ. මහ ආණ්ඩුව කෝටි ගණන් මුදල් ප්‍රාදේශීය සභාවට දුන්නට වැඩක් නැහැ එවයින් ඇත්තටම බලාපොරොත්තුවෙන වැඩ සිද්ධ වෙනවද කියල බලන්න රජය මීට වඩා හොද වැඩ පිළිවෙළක් යොදන්න ඕනේ. ගමේ චන්ඩින්ටම ගම භාරදීලා හරියන්නැහැ.(නදී)
පෙරේරා Thursday, 20 June 2013 01:43 PM
අනේමන්ද පාරවල් හදාගන්න උද්ගෝෂණ අනිවාර්ය වෙලාද.(ස)
නීල් Thursday, 20 June 2013 02:08 PM
මුල්ම කාලයේ සීතාවකට සිදුවුණු පරංගි ආක්‍රමණ නිසා මායාදුන්නේ රජු රාජසිංහ කුමාරයවත් රැගෙන කීපවතාවක්ම දැරනියගලට පසුබැස්සා. ඒ දැරණියගල අවට තිබෙන කැලෑබද කඳුකරය උපක්‍රමිකව යොදාගෙන ගරිල්ලා සටන් මෙහෙයවන්න. නිතර වර්ෂාව ඇදහැලෙන කඳුකර ප්‍රදේශවල මාර්ග ඉදිකිරීම සඳහා නව තාක්‍ෂණික උපක්‍රම යොදාගැනීමෙන් ඒවා කල්පවතිනසේ නිමවා ගතහැකියි. ප්‍රාදේශීය දේශපාලකයන් හා ඔවුන්ගේ කොන්ත්‍රාත් කරුවන් ඉවත්කොට මෙවැනි දුෂ්කර පළාත් සංවර්ධනයට මධ්‍යම රජය මැදිහත්වීම අවශ්‍යයි. (අ)
නුවන් Thursday, 20 June 2013 09:21 PM
ළමයින්ගේ ඇඟට හොඳයිනෙ (අ)
ලාල් Thursday, 20 June 2013 04:02 PM
මේ මිනිස්සු ඉල්ලනේ සහනාදාර නොවෙයි. ගමට යන පාර කෝ ප්‍රාෙද්ශීය සභාව ? (ස)