කොළඹ වෝඩ් පෙදෙසේ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයේදී ශෂිනි සන්දීපනී සිසුවියට පහරදුන් පොලිස් පරික්ෂකවරයාට පොලිස් කොමිසමේ නිර්දේශය මත චෝදනා පත්‍රයක් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
එම චෝදනා පත්‍රයට ඔහු පිළිතුරු ලබාදුන් පසු ඔහුට එරෙහිව ගැනීමට යන විනය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයකට එළඹීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට සිසුන්ගේ විනය හදන්න අයිතියක් නැහැ එ්ත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතියේ සීමාව තුළ (බ)
කැම්පස් ළමයින්ට ගහන්න මෙයාල බය නැහැ අපරාධරයෝ අල්ලන්න මේ තරම් සක්‍රිය නැහැ (බ)
හොඳ වැඩක් (නි)
පොලිසියෙන් ගුටිකන තත්වයකට පත්වෙනවානම් උගත්කමෙන් වැඩක් නැත (ම)
දැන් ඉන්න ළමයි මෙහෙම නම් මොවුන් අනාගතේදී වැඩිහිටියෝ වුන කලෙක ලංකාවට අබසරණයි, පාරවල් වහගෙන උද්ගෝෂණ කරන එකට මම නම් විරුද්ධයි ,හැකි නම් සාමකාමී රැස්වීමක් තියන්න පිට්ටනියක් ලෑස්ති කරන්න ජන ජීවිතයට බාධා නොවෙන්න, මමත් එදින වැඩකට කොළඹ ආවා,අාපු වැඩේ කරගන්නත් නැහැ ගෙදර යන්නත් නැහැ (බ)
ඈයි අර උසස් පොලිස් නිළධාරියෙකුත් වරදක් බාර අරගෙන සෑහෙන ළකුණුත් දාගත්තා නේද? එයාට විනය පරීක්ෂණ නෑද්ද? (නි)
මදැයි මේ ප්‍රශ්නය ගිය දුරක්! (නි)
අනේ ඉතින් පොලිස් නිලධාරියෙකුට වෙච්ච දෙයක්? ගහලා සද්ද නොකර හිටියා නම් කමක් නැහැ තව. කොහෙද කිවුවනේ ගැහුවේම නැහැ කියලා (නි)
මෙතන සිසුවියට වරදක් වුණා තමා. නමුත් සිසුන් වුණත් දැනගන්න ඕනෑ උසස් අධ්‍යාපනය කියන්නේ රටේ මහජනතාවට අපහසුතා ඇතිකරන්න බලය දෙන ලයිසන් එකක් නෙමෙයි කියලා. මේ කලබලය දවසේ රෝහලේ නේවාසිකව සිටි මගේ නැන්දාගේ ඇසේ ශල්‍යකර්මය කල්ගියා. මිතුරෙක් කිව්වා ඔහුගේ අසල්වැසියෙකුට පපුවේ අමාරුවක් හැදී රෝහලට ගෙනෙන අතරේ බාධා වුණා කියලා. මේවා උගතුන් විසින් "අනේ කමක් නැහැ අපේ වැඩේ හරිගියානේ" කියලා සතුටු වෙන්න පුළුවන් කාරණා නෙමෙයි. (නි)
පොලිස් නිලධාරියාට විතරක් අච්චුව දීලා හරියනවද? විනයක් නැති උගතුන් කොට්ඨාශයක් රටේ බිහිවී තිබීමත් බොහොම නරක කාරණාවක්. පාරවල් අවහිර කිරීම, මහජනයාට ගමනාගමන බාධා ඇතිකිරීම , පොදු දේපල හානිය වැනි දේවල් උගත්කමට ගැළපෙන වැඩ නෙමෙයි. මේ නිලධාරියා ගෙදර යැව්වා කියලා පාරේ කාලගෝට්ටි කර මාධ්‍ය වලින් ප්‍රසිද්ධ වීමේ අනාගත ප්‍රතිඵල කාන්තාවකට හොඳ වේවි කියලා සිතනවාද? මේක තවමත් ලංකාව මිසක් බටහිර රටක් නෙමෙයි (නි)
මෙතන විනය ගැන කතා කරනවා නම් දෙපැත්තක් තිබෙනවා. පොදු මහා මාර්ග අවහිර කර මහා රෝහලට යන පාරට බාධා වන ලෙස උද්ඝෝෂණ පැවැත්වීම ගැන මොකද කියන්නේ? වෙනත් රටවල නම් අත්‍යාවශ්‍ය සේවා වැළැක්වීම සිරගතවෙන වරදක්. (නි)
විනය නීතිරීති මිටි තැනින් වතුර ගලා ගියා සේ සළකා බලන එක වැරදියි. දැන් මේ මිනිසුන්ට පාරේ යන්න බැරි ලෙස උද්ඝෝෂණ කර අවහිර කළ පාර්ශවය රටේ පොදු විනය නීතිරීති ආරක්ෂා කළාද? සිසුවියට සහ අනෙක් උදවියට පහර දෙන්න කියලා පොලිසියට විධාන දුන් උදවිය කවුද? (නි)