ගල්ගමුව ගිරිබාවේ පාසල් ශිෂ්‍යාවක (16) පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඇය ඝාතනය කළැයි කියන විසි හතර හැවිරිදි තරුණයකු ගසකින් බිමට වැටී රෝහල් ගත කරනු ලැබ සිටී.
ඔහු කඹයකින් එල්ලී සිය දිවි නසා ගැනීමට තැත් කළේදැයි පොලීසිය සැක කරයි.
කඹය කඩා වැටී ඔහු බිමට වැටී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැදෙන ළමයින්ට පාසල් යන කාලයේ අදාළ කටයුතු හොඳින් අවසාන කරන්න නෙමෙයි සිහිය තියෙන්නේ. කසාද ජීවිතය ගැන තමයි සිහින මවන්නේ. අඩුගානේ බැඳලා ගිහින් තුන්වේල කන්නේ කොහොමද කියලාවත් හිතන්නේ නැහැ. (නි)
ඇනපු පිහිය හොයන්න සැකකරු රැගෙනයන්නේ නැද්ද? (නි)
නූතන තරුණ පරපුරද මේ? (නි)
එක දිගට පෙන්වන ළමා සිත් , තරුණ සිත් දුෂණය කරන බොළඳ ආදර ටෙලිනාටක දකින අපේ ඉදිරි පරපුර නිකන්ම වැරදි මඟට යොමුවෙනවා (නි)
විරාජ්, හොද ප්‍රශ්නයක් (නි)
ආදර සම්බන්ධයක් වෙන්න ඇති (නදී)
හේරත් ඔබ හරි. එක ටෙලි නාටකයක් තිබෙනවා, තරුණ ගැහැණු ළමයෙක්ව දෙමව්පියන් නාකි හුරතල් කරනවා. එයාගේ වැඩේම මස්සිනාගේ පස්සෙන් ආදරය හිඟමන් යදිමින් යන එක. ඒ චරිතයට පුදුම වටිනා කමක් ටෙලි නාට්‍යයේ ලැබෙන්නේ. මෙන්න මෙහෙම තමයි තරුණියෝ ඉන්න ඕන කියල. ඉතින් අපේ ගැහැණු ළමයිනුත් ඕවා තමයි ආදර්ශයට ගන්නේ. හැබැයි මේ පුවතේ නම් මොනවා වුනාද දන්නේ නැහැ. (ස)
ආදර සම්බන්ධතාවයක් මුල් වෙලාද?(හේ)
මෙවැනි අපරාධ කවදා නැති වෙයිද?(හේ)
ආලයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහකට සමයි කියන්නේ ඕකයි. තරුණ ගැහැණු ළමයින්ට හොඳ පාඩමක්.(හේ)
සමාජය අන්තයටම පිරිහිලා. හේරත් මහතා ගේ කතාව ඇත්ත පෞද්ගලික රුපවාහිනී සහ ගුවන් විදුලිය හැමෝගෙම මනස කනවා. යම්කිසි ප්‍රමිතියක් තියන වැඩසටහන් අඩුමගානේ රාත්‍රී 10.00 වෙනකල් වත් පෙන්නන්න. (ස)
කුමාරි, මේක පිරිමින්ට හොඳ පාඩමක් නොවේද? (නි)
කුමාරි, මොකක් ද මේකෙන් ගැහැණු ළමයින්ට තිබෙන පාඩම? (නි)