කිලිනොච්චිය පාසලක 9 වසරේ සිසුවියකට ලිංගික අපයෝජනය කළැයි විද්‍යාලයේ විදුහල්පති අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
දැරිය විදුහල්පති කාමරය වෙත කැඳවා බිය ගන්වා ඇයට ලිංගික අතවර කර ඇති බවට දැරියගේ දෙමාපියෝ පොලිසියට පැමිණිලි කර ඇත.
45 හැවිරිදි එම විදුහල්පතිවරයා අද(23) කිලිනොච්චිය අධිකරණය වෙත ඉඳිරිපත් කිරීමට නියමිත අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න දෙයක් නෑ. එම විදුහල්පතිවරයාට දැන් ඡන්දය ඉල්ලන්න සුදුසුකම් තියෙනවා (අ).
අපේ රටේ සමහර මිනිසුන්ට නම් තියෙන්නේ පුදුම අසහනයක්. මෙම අසහනයට උගත් නුගත් කියලා ප්‍රබේදයක් නැති ගානයි.පුංචි දරුවෙකු,ආච්චි අම්මා කෙනෙකු පමණක් නොව සතෙකුට වත් නිදහසේ ඉන්න දෙනවාද මේ මිනිසුන්...?රටකට ගිය කලක්..! (බ)
ලිංගික අපරාධකරුවන්ට නැවත එවන් වැරදි නොකරන ආකාරයට දඬුවම් කළයුතුමය (නි)
මෙවැනි ගුරුවරුන් කියාගන්නා පුද්ගලයන් ,කිසිසේත්ම ගුරු වෘත්තියට සුදුසු නැතිවාක් මෙන්ම, උතුම් ගුරු වෘත්තියට නිගා දෙන්නන්ය.මොවුන් සේවයෙන් නෙරපා හැර දැඩි දඬුවම් පැමිණිය යුතුය. (බ)
අතට අහු වුණු නිසා හොදයි..නැත්තම් ඕවත් හමුදාවට බැර කරන්න බැරි නැහැ. (බ)
විද්‍යා විෂයක් වෙනුවෙන් තිබුන ප්‍රයෝගික පන්තියක් වෙන්න බැරිද ? කොහොම වුනත් හොඳින් පරීක්ෂණ කරලා මූව යවන්න රජයේ බෝඩිමට. (බ)
මම අදුනන මහා ඉදුරුවේ ගුරුවරිය, සමලිංගික සැමියාට එයා උගන්වන පාසලේ පිරිමි ළමුන්ව සපයනවා, කිසිම කෙනෙක් ඇයට විරුද්දව යන්නේ නැ, ගුරුකම් කරාවී කියා බයට (බ)