11 වසරේ ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරිමට තැත් කළැයි විදුහල්පති සරත් කුමාර වික්‍රමසිංහ සහ බුද්ධාගම විෂය භාර අනුර ලියනගේ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා විසින් මේ මස 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබිණි.
බුද්ධාගම විෂය භාර ගුරුවරයාද ළඟ සිටින විට විදුහල්පති ඇයට තමා සමග පැමිණෙන ලෙස කියා ඇතැයිද එම සිද්ධියෙන් තමා ලැජ්ජාවට හා බියට පත් වු බවත් ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
ඉන් කිහිප දිනකට පසු පාසල් වත්ත පිරිසිදු කරමින් සිටියදි බුද්ධාගම ගුරුවරයා විසින් ‘උඹට විදුහල්පති එක්ක යන්න පුළුවන්නම් මාත් එක්ක එන්න බැරි කමක් නෑනේ‘ කියා පැවැසු බවත් නැවත මෙම ගුරුවරයා හා විදුහල්පති දිගින් දිගටම කරදර කළ බවත් ඇය පවසා ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන විදිහට පොලිසිය කරන්න ඕනෑ බුද්ධිමත් ලෙස සියල්ල පරික්ෂා කිරීම මිස එකවරම මේ වගේ අත්අඩංගුවට ගන්න එක නෙමෙයි (නි)
මේ සිදුවීම සත්‍යයක්නම් මොවුන්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි.නමුත් අසත්‍යයක්නම්?..මේ ළමය කුමක් හෝ පුද්ගලික අමනාපයකට තරහකට මෙහෙම කිව්වනම්?...කවුරුවත් ගෑනු ළමය කියන දේ මිසක් ගුරුවරුන් නිවැරදියි කිව්වට පිළිගනීවිද? සාක්ෂියකට තියෙන්නේ අැගේ කට උත්තරය පමණයි.පොලිසිය කළ යුතුව තිබුනේ මේ දේ නෙමෙයි..ළමය ලවාම උපාය මාර්ගිකව මෙය සත්‍යයක් බව තහවුරු කරවා ගෙන ඉන් පසු ඔවුන් අත් අඩංගුවට ගැනීමයි. (බ)
නීතියෙන් සමහර විට මේ දුෂ්ටයන්ට නියම දඬුවම් ලැබෙන්නේ නෙහැ , සල්ලි වියදම් කරලා නිදොස් වන්නත් ඉඩ තියෙනව . මොවුන්ගේ මුහුණු ප්‍රසිද්ධියේ පෙන්නුවානම් එකම ලොකු දඬුවමක් , කෝ එ්කත් නැහැ (බ)
මුහුණු නොපෙන්නුවට නම් දාල තියෙනවනේ. (අ)
රෝසි සේනානායක කොහෙද? මේ දෙන්න එල්ලන ඕනි. (අ)
ආදරණීය දෙමව්පියෙනි....ඔබ සමාජයේ කුමන තලයක හිටියත්,වැජඹුනත් ....දරුවන් ගැනත් මොහොතක්...සිතන්න...දඬුවම් දීම ...සිරමැදිරියට බාරයි.(හේ)
මුහුනු පෙන්වන්න පුලුවන් නමුත් එවිට ගුරුවරු හදුනා ගත් විට ඒ පාසල් දරුවාව ඈදින ගත හොත් ඒ පාසල් දරුවාට තවත් ලෑජ්ජාවක් ඈති වෙනවා නේද ?(හේ)
අපරාදේ මෙයාලගේ මුහුණ කෝ (බ)
නීතියෙන් වරදකරුවන් වෙනතුරු කිසිවෙකුට දොස් කියන්න බැහැ. වැරදිකරුවන් වුණොත් දඬුවම් දියයුතුයි.තමන්ගේ පහත් ආශාවන්ට ළමුන්ගේ අනාගතයම ගොදුරුකර ගැනීම බරපතල වරදක්.දඬුවම් හිමි වියයුතුයි අනිවාර්යෙන්ම. මිනිස්සුත් මේවට ප්‍රතිචාර දක්වන්නේ කිසිම දවසක කිසිම වරදක් තුන් හිතකින්වත් නොකරපු අය වගෙයි. (නි)
මරු ගුරා. (ර)
මොකද මේගොල්ලන්ගේ මුහුණු පෙන්නන්න බැරි ? (ම)
මෙවැනි අයගේ මුණ පෙන්නුවාට පව් නෑ මෙවැන් ජඩ වැඩ කරන්න පුළුවන් නම් (ම)
මේ වගේ මිනිස්සු ගුරු වෘත්තියේ ඉන්න අනෙක් අයටත් ලැජ්ජයි (නි)
කරුණාකරලා මේ වගේ ජයාරූප පලකරනවා නම් මුණත් එක්කම පළකරන්න් , මොකද මෙයාලට ලච්චාවක් නැති හින්ද (අ)
නියම ආදර්ශය, බලන්න තිබ්බ මේක වෙන කෙනකේ කරා නම් (අ)
ඔව් ඔව් මේ වගේ අයගෙ මූණු එලිකරල දන්න ඔන මොකද මේ වගේ අය තමා සමජෙට විස ගුරු කියන නාමයටත් කැතයි (අ)
ගුරු වෘර්තිය කියන්නේ රස්සාවකට වඩා පුජනිය සේවාවක් මිහිපිට අපි දකින දෙවිවරු . පාසැල කියන්නේ දෙවියලෝකයක් ඇසට කඳුළු එනවා එහෙම තැනකට ගියකලක් . අපට උගන්වපු අය නම් බුදු වෙන්න ඕන. (ර)
ලැජ්ජයි අපේ රටේ ගුරුවරුන් ගැන.(හේ)
අනේ පවු අපේ අහිංසක දරුවන්! (නි)
මෙහෙම ගුරුවරු තවදුරටත් මෙම ගෞරවනීය වෘත්තියට සුදුසුද? (නි)
රජ කාලේ දඩුවම් දෙන්නේ නැතිව තව නඩුත් අහනවානේ .ඇප දීල නිදොස් කරයි .අර කෙල්ල වැරදි කියලා (හේ)
මේවගේ පහත් වැඩකරන අයගේ මුහුණ පෙන්විය යුතුමය. මතක ඇතිකලෙක නැවතත් නොකරන්න (අ)
11 වෙනි පන්තියක ළමයෙක් කියන්නේ පොඩි දරුවෙක් නෙමෙයි. හොඳට මොළය තිබෙනවා (නි)
මුණ පෙන්නන්න බැරි මොකෝ? (අ)
තව ඉදිරියට දෙමාපියන්ට දරුවෝ ඉගෙනගන්නකල් පාසලෙත් මුරකරන්න වෙගෙයි.(හේ)
කෝ අර සංවිධාන. (ර)
හැම ආගමකින්ම කියාදෙන්නේ හොඳ සහ නරක. ඒ වුනාට ආගම නිසා කොයිතරම් නම් අපරාද, යුද්ධ, කලබල වෙනවද.? මේ ගුරා වුනත් ඉතින් කකුලුවෙක්නේ. සියලු ආගම් අහෝසි කරලා දැම්මොත් ලෝකය මෙයිට වැඩිය සාමකාමී වේවි. මොකද ගහ මරාගන්න තියෙන දේවල් වලින් එකක් අඩුවෙන නිසා. (ර)
මොවුන් උගන්වලා තියෙන්නේ මොනවද දන්නෙ නැහැ දරුවන්ට? (නි)
අනේ පොඩ්ඩක් මේගොල්ලන්ගේ මුණු ටික පෙන්නකෝ. (අ)
සිරකරුවෝද මිනිසුන්ය ... අධමයන්ට බන්ධනාගාරයේදී බුද්ධාගම හා විදුහල්පති කම් කරන සැටි කියා දෙනු ඇත. එවිට ලැජ්ජාවට හා බියට පත් නොවුනු මැන.(අ)
කඳ විතරක් පෙන්වන්නේ මොනවටද? (අ)
අසහනය වැඩිවෙලා. (ර)
නීතියෙන් බැරිවුවත් මෙවැනි ගුරුවරුන් හට දෙමාපියන් එක්වී හෝ මතක හිටින දඩුවමක් දියයුතුය. සමහරවිට රිමාන්ඩ් බන්ධනාගාරයේදී එය සිදුවිය හැක. (නි)