ගම්පහ පාසැලක 11 වසර සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටියි.
සිසුවා ප්‍රථිකාර ලබා ගැනීම සඳහා ගම්පහ මුලික රෝහලට ඇතුලත් කර ඇත.
ගම්පහ පාසැලක 11 වසර සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටියි.
සිසුවා ප්‍රථිකාර ලබා ගැනීම සඳහා ගම්පහ මුලික රෝහලට ඇතුලත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් කිරීමයි රෝහල්ගත වන්නට පහරදීමයි දෙකක්. මේ බණ කියන කට්ටියගේ ළමයෙකුට ඉස්පිරිතාලේ යන්න ගුටි කන්න වුනොත් ඒ අය කරන්නෙත් මේකම තමයි. (නදී)
මම ඉස්කෝලෙදි ගුටිකාපුවට එහෙනම් මං හැමදාම ඉස්පිරිතාලෙ නතරවෙලා ගුරුවරු සේරම පොලිසියේ ඉන්න ඕන ....(බ)
ගුරු සිත නොරිදවා..වෙලාව නොවරදවා..බැති පෙම් උපදවා..අකුරු උගනී කුමරු සොඳවා. සිසුවා රෝහලට ඇතුළු වුනේ මාලක සිල්වා ආදර්ශයට ගැනීමෙන් බව හැඟේ. (බ)
ඔය විදියට ගුරුවරුන්ව සෑම දෙයකටම පොලිසි ගෙනියනවා නම් ගුරුවරුන්ට තියෙන්නේ පැත්තකට වෙලා නිකන් ඉන්න. (නදී)
ඔය විදියට ගුරුවරුන්ව සෑම දෙයකටම පොලිසි ගෙනියනවා නම් ගුරුවරුන්ට තියෙන්නේ පැත්තකට වෙලා නිකන් ඉන්න. ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉගෙන ගත්තාවේ නැති එකෙක් නිකන් හිටියාවේ. ගහල බැනල උගන්නාපුවම අන්තිමට දෙමව්පියෝ දෙන තෑග්ග තමා ගුරුවරුන්ව හිරේ දාන එක. මොකටද අනුන්ගේ දරුවන්ගේ අනාගතයට ඔච්චර මහන්සි වෙන්නේ. මේ රටේ දෙමව්පියෝ දැන් හරි කැමති ගුරුවරුන්ව හිරේ දැම්ම කියල උජාරුවට කියන්න. (නදී)
හැත්තෑවේ දශකයේ රාජකීය කනිෂ්ඨ විදුහලේ අපිට ගණිතය උගැන්වූ ගුරුතුමාගෙන් ගුටි කන්න බැරි නිසා අපි හැමදාම ගණන් පාඩම උනන්දුවෙන් ඉගෙන ගත්තා හැමදාම ගෙදර වැඩ හරියටම කළා. මාත් ඇතුළුව බහුතරයකට විශිෂ්ඨ සම්මාන ලැබුණා. අපිත් ගුටිකන පාරක් ගානේ පොලිසි ගියානම් මම අද මේ ඉන්න තැන නැහැ. ගුරුතුමාට දීර්ඝායුෂ පතමි.(දිල්)
ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් ළමයින්ට දඬුවම් කරන්න එපා. ඔහේ ඉබාගාතේ හැදෙන්න ඉඩ හරින්න. (ර)
අපි ඉස්කෝලේ යන කාලේ අපිට ගහපු ගුරුවරුන්ට අපි තාමත් ආදරෙයි. කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ඊ. සී. ගුණසේකර මහතාගෙන් බැනුම් ඇහුවේ නැති ගුටි කෑවේ නැති කිසිම ශිෂ්‍යයෙක් හොයාගන්න අමාරුයි. එ්වුනාට අපි අදත් එතුමාට ගෞරව කරනවා. එතුමා ගේ අවමගුලට දස දහස් ගණන් ආදී ශිෂ්‍යයින් පැමිණියා. මේ සටහන දෙමවුපියන් කියවනවානම් කරුණාකර මේ වගේ දේ වලට පොලිසි යන්න එපා. තමාගේ ළමයව අවවාද කර හදා ගන්න. (බ)