කොටදෙණියාව දැරිය ඝාතනය සම්බන්ධයෙන් සාක්කි නොමැතිව නිදහස් කළ සිසුවාගේ ලැප්ටොප් පරිගණකය මොරටු සරසවියට යවා වාර්තාවක් රහස් පොලිසියට බාර දෙන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (2) නියෝග කළේය.
සේයා දැරියගේ මරණය සම්බන්ධ සාක්කි සටහන් කරගැනීම අද අවසන් විය. දැරියගේ මව අද සාක්කි දුන්නාය. කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා සිසුවාගේ ලැප්ටොප් පරිගණකය මොරටු සරසවියට යවා වාර්තාවක් ලබාගැනීමට අවසර දෙන ලෙසයි.
ඊට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එම වාර්තාව රහස් පොලිසියට බාරදිය යුතු බවයි. එහි පිටපතක් කොටදෙණියාව පොලිසියට යවන්නැයි මහේස්ත්‍රාත් මොරටු සරසවියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන්නේ පරිස්සමෙන්, පේනවනේ යනදුර.(ම)
ළමයාගේ පරිගණකය මොරටුව විශ්ව විද්‍යාලයට දෙන්නේ ඇයි? (නි)
ළමය නිදහස් කර නම් සාක්කි නැතුව, ලැප් ටොප් එක ආයේ මොකටද පරීක්ෂා කරන්නේ, කොහොම හරි ළමයාව පටලන්නද, මහේස්ත්‍රාත් සාදාරණය ඉටු කරන්න, පොලිසියේ සම්බන්ධ සියලු දෙනාගේ වේද තහනම් කරන්න, (ම)
මට පෙනෙන විදිහට දැන් මේ නඩුව යන්නේ තොරතුරු තාක්ෂණ පැත්තට.අපි මොහොතකට හිතමු කොටදෙනියාවේ පොලිස් පරීක්ෂක හරි කියලා. එහෙමනම් මේ ඝාතනයට සම්පුර්ණයෙන් වගකියන්න ඕනෑ බිල්ගේට්ස් සහ ගුගල් සමාගමයි. (නි)
ඔය තව තවත් ලොක්කන්ගේ ළමයින්ගේ පරිගණක එහෙමත් පරීක්ෂා කරලා බැලුවොත් නරකද? මේ විදිහට ගියොත් රටේම තියන පරිගණක පරීක්ෂා කරන්න වෙනම පොලීසියක් ඕනෑ වේවි. (නි)
පරිගණකය පරීක්ෂා කරන්නේ කුමන අරමුණකින්දැයි නොතේරෙන නිසා කිසිවක් කිව නොහැක. (ර)
ළමයා නිදහස් කරලා ඉවරයි. අනේ මන්ද පොලිසියත් ඉවරයකුත් නෑ ? (ර)
මට අර දීපාල් සිල්වාගේ මනරම් සිංදුව මතක් උනා... (ර)
හොඳ වෙලාවට ඔය ළමයාගේ විතරක් පරිඝනකය පරික්ෂා කරන්න යන්නේ. (ර)
මම නම් කියන්නේ තරුණ වයසේ මේවා සාමාන්‍ය දේවල් (නි)
පොලිසිය මොකක් හරි පටලවන්නයි යන්නේ. (ස)
දැන් ළමයව නිදහස් කලා දැන් එපාර පොලිසිය ඒ වරද වහගන්න ලැප්ටොප් එක පසෙන්යනවා අනේ මන්දා අන්තිමට සේයගේ නඩුව නෙමයි මේක පරිගණක නඩුවක් වෙන්නයි යන්නේ (අ)
මං හිතන විධියට නම් ලැප්ටොප් එක අර තිබ්බ කිවුවඅසබ්බ්‍ය දර්ශන සිසුව අත්අඩංගුවට පත්වන අවස්ථාවේ පරිඝනකයට බාගත කරාද යන්න ගැන සොයා බලන්න කියන්න. පොලිසිය දැම්මාද කියලා දැන ගන්න (අ)
බොහෝ අයගේ පරිගණක පරික්ෂ කළා නම් වර්තමානයේ ඇතිවී තිබෙන බොහෝ ගැටලුවලට විසඳුම් සොයා ගත හැකිවේවි. (ර)
මේක පොලිසිය ලැජ්ජාව වහගන්න කරන දෙයක්. (ර)
පොලිසිය පොඩි එකාව අතාරින්නෙම නෑ වගේ.... (ර)
ඕ අයි සීත් කේස් එක ලේසියෙන් අතහරින්නෙ නෑ වගේ. කොහොමටත් ළමයෝ ඉදිරිය ප්‍රවේශමෙන්. (ර)
පොඩි එකාට ගැළවීමක් නම් නැහැ වගෙයි (නි)
මම හිතන විදිහට පාසලේ විනය කඩ කරලා. මේවා හොද පාඩම් පාසල් දරුවන්ට. බලල මකල දාන්නේ නැතුව ඒවා තියාගන නැවත නැවත බලනවනම් එකත් මානසික රෝගයක්. (ර)
දැන් මේකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? (නි)