පාසැල් සිසුවෙකුට අතින් පයින් හා කොසු මිටෙන් ගැසී යැයි සැකපිට ගම්පහ පාසැලක විදුහල්පතිවරයෙකු මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විදුහල්පතිගෙන් පහර කෑ සිසුවා ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොසු මිටකින් පහර කෑ තැනැත්තෙකු රෝහල් ගත වීම නිවැරදියි. අස්ථි බිඳීමක් සිදුවීමට ඉඩකඩ ඇත. දරුවනට දෙන මෙවැනි දඬුවම් කිසිසේත් අනුමත කළ නොහැකියි. දරුවාගේ විනය කෙසේ වෙතත් ගුරුවරුන්ගේ විනය ගැන මුලින්ම සොයාබැලිය යුතුයි (නි)
අබුද්දස්සකාලේ ලබුත් තිත්තලුනේ. ඔය විදුහල්පති මොන්ටිසොරිවත් ගිහින්ද බලන්න.(නදී) .
ලොකු මහත්තය ලබන 2014 වසරේ 20/20 ට ඉදිරිපත් වෙන්න පුහුණු වෙනවා ඇති (නි)
කොහු මිටේ ඇදේ අරින්න මෙහෙම කලා කියල මෙයා බේරෙයි. අද නඩු අහල තීන්දු දෙන්නේ ඒ විදියටනේ.(නදී)
ලොකු සර්ට තද වෙලා. මිටයි කොස්සයි ලමයයි බිමයි පැටලිලා. ඊළඟ ප්‍රාදේශිය සභාවට යන්න කොරෝනල් පට්ටම පුහුණු අභයාසක් වෙන්ටැති නේද මාමේ. රෝහල් යන එක සාලි මාමාගෙන් දැන ගන්ට ඇති.(නදී)
ඉතින් මේ ප්‍රින්සිපල්ටත් කර්නල් කමක් ඕනවෙලා වෙන්න ඇති.(නදී)
මෙයාට ගෙදරදී නෝනා සලකන්නේ කොස්සෙන්.(නදී)
ලොක්ක පොඩි උන්ට ගහල පුරුදු වෙනවා . කරාටේ පන්තියක් කරන්න. එහෙම නෙමේ නම් අද ලොක්කගේ හාමිනේ' කොස්සෙන් ගහල ලොක්කට එකත් එක්ක ගෙදරින් එලවල ඇති. ලොක්ක මල පැනල ගෙදරින් ඇවිත්.(නදී)
මොන දේට උනත් දඩුවම් දෙන වෙලාවක් තියෙනවනේ. අතීතයේ කෙසේ වෙතත් ඒ කාලේ දඩුවම් අද කාලෙට විදින්න පාසල් ළමුන් කැමති නැහැ. විදුහල්පතිවරයෙක් දැනගන්න ඕනා තම ගෞරවය තියාගෙන ඉන්න.(නදී)
අපේ අප්පච්චිලා , අත්තලා, මුත්තලා ,කිරි අත්තලා , පාසැල් අධයාපනය ලැබූ කාලේ ගෝලයින්ට දඬුවම් කලේ කොහු මිටෙන් නෙවේ වේවැල් කෝටු නාරන් සියඹලා අතු. කිතුල් පොලු, ඉරටු, වැල් කහම්බිලිය අතු වැනි දේ වලින්. අපචාර ක්‍රියාවක් නොවන නිසා කොලු පැංචා වරදක් කලා නම් විදුහල්පති නිවරදියි.(නදී) !
කෝ කවුරුවත් පෞද්ගලික රෝහලකට ඇතුළත් වෙලා නඩුවක් ෆයිල් කරන්නෙ නැද්ද එතකොට?
ගාමිණී සිරි, අනේද කියන්නේ. (නදී)
දිල්කි, මම ගුරුවරයෙක්, වරදක් කරලා අහුවෙන්න එපා. පිට කෝටු මස් කරනවා. (නදී)
සියලුම ගුරුවරුන් සරත් විජේසුරිය මහත්තයාගේ ‘දරුවන්ට ගහන්න එපා‘ කියන පොත කියවීම අනිවාර්ය කිරීමට බලදාරීන්ට බලකරමු.(නදී)
ගාම්ණි ඔයත් හොඳ ඒ ගල් යුගේටම තමයි.(නදී)
දේශපාලන විද්‍යා පාඩමක කොටසක් වෙන්ඩ ඇති.(නදී)
මෙයාට හොද වෙලාවට මෝල් ගහක් වගේ එකක් හමිබ නොවුනේ.(නදී)
දඩුවම් නොකර හදන ළමයත් හැදිගාල හදන්නෙ නැති හොද්දත් සවුත්තු වෙනවා කියලා පැරණි කතාවක් තියනවා. එම නිසා දඩුවම හොදයි. නමුත් දඩුවම් කරන කෙනාට සුදුසුකමක් තියෙන්න ඕනෑ ඒකට.අද කාලේ ගුරුවරු බොහොමයක්ම ආදර්ශවත් නැහැ. (නි)
විදුහල්පතිකම අරගෙන තියෙන්නේ පන්දමට හරි පගාවට හරි වෙන්න ඇති. උගත් කෙනක් ඔය වගේ ජරා වැඩ කරන්නේ නැහැ.(නදී)
අද සෙනසුරාදානේ. සෙනසුරාදා මොනවා කරනවද මෙයාලා ඉස්කෝලේ.(නදී)
අපේ වාර්ථාකාර මාමලාටත් හෝ ගාලා වැඩ මේ දවස්වල (නි)
නැහැදිච්ච කොලුවෝ පාසලෙන් හැදුනේ නැත්නම් අනාගත පරපුරට විනයක් නැති වෙනවා. විදුහල්පතිවරයා පෞද්ගලික තරහක් නැත්නම් අනිවාර්යෙන් නිදහස් කළ යුතුයි (නි)
ගම්පහ මොකක්ද ඉස්කෝලේ? නම සඳහන් කරන්න දැනගැනීම පිණිස. අපිත් ගම්පහ තමයි. (නි)
දඬුවමක් කළාට වරදක් නැහැ. ඒත් කොහුමිටෙන් බල්ලෙකුටවත් ගහන්න එපා කියලා අපේ මුතුන් මිත්තෝ කියලා තියෙන්නේ කහනවට නෙමෙයිනේ ගුරුතුමනි. වේවැලක් නැද්ද ඉස්කොලේ? (නි)
විදුහල්පති ගාමිණි සිරිගේ යුගේ මිනිහෙක් වෙන්න ඕනෑ. ගහෙන් බහින ගමන් වලිගෙට අහුවෙලා කැඩුන කෝටුවක් කියලා හිතන්න ඇති කොහු මිට. නැත්නම් කොහුමිටකයි පොල් ඉරටුවකයි වෙනස තේරෙන්න ඕනෑ. (නි)
දරුවන්ට දඬුවම් දීම සහ එහි සීමාවන් ගැන දියුණු ලෝකය නොයෙක් වාද විවාද වල යෙදෙනවා. ඒ වගේම මෙම විෂය ගැන ලියවුන නොයෙක් පොත පත, විමර්ශන සහ පර්යේෂණ එලි දැක්වීම් තියෙනවා. බොහෝ දෙනෙක් අවිවාදයෙන් යුතුව පිළිගන්නා එක් කරුණක් තියෙනවා. එනම් දරුවෙකුට දඬුවම් දීමේදි එය සීමාවන් අභිබවා නොයා යුතු අතර දඬුවම් දරුවා යහ මගට යොමුකිරීමේ පවිත්‍ර චේතනාවෙන් කළ යුතු බවයි. පලිගැනිමක් නොවිය යුතුයි. අනිත් ප්‍රධානම කරුණ වෙන්නේ තමා දඬුවම් විඳින්නේ කුමන වරදක් සඳහාද යන්නත්, එම වරද නිවැරදි හෝ වලක්වා ගත හැකි විධි ගැන දරුවා දැනුවත් කිරීමයි. (නි)
සමහර අදහස් දාපු අය ජීවිතේට ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද කොහෙද?ගුරුවරු යක්කු වෙලා හොයන්නේ බලන්නේ නැතිව ලමයින්ට ගහන ඒවා දැකලා නැද්ද?වරදට දඩුවම් කළ යුතුයි.ඒ වෛරයෙන් නොවෙයි.බැරි වෙලාවත් මන්නයක් ,කඩුවක් අහු වුණා නම් තමා වැඩේ (නි)
හොඳට හොයල බලන්න මේක ටූ ඉන් වන් කොස්සක්ද කියලා. වේවැල අගට කොහු බැඳලා කොස්සක් හැදුවොත් ඒකෙන් අතුගාන්නත් පුළුවන්, කොල්ලන්ට කෙල්ලන්ට තලන්නත් පුළුවන්. කාලීන හොයාගැනීමක්! (නි)
ඉහලින් දෙන වැරදි ආදර්ශ මේවා. තමුන් කරන වැරදි වහ ගන්නත් රෝහල් ගත වෙන්න පුලුවන් රටක් මේක. මේ දරුවගේ දෙමව්පියනුත් දරුවාගේ හරි වැරැද්ද පිලිගන්නේ මේ ක්‍රමයට නම් අනාගත පරපුරට දෙවියන්ගේ පිහිටයි. (නි)
මමත් ගුරුවරයෙක්. සමහර දරුවෝ ඉන්නවා හදන්න බැහැ ගහන්න ඕනෑ. රස්සාව නැති වුණත් ගහලා හදන එක අපේ යුතුකමක්. නීතියට බයේ නොගහා හදන දඩබ්බරයෝ රටට කරදරයක් (නි)
245 තිලමුට්ටි ජාතකය කියවන්න.(නදී)
ගුරුවරයාගේ චේතනාව හොද නම් ඔහුව වහාම නිදහස් කරන්න. දැන් ඉන්න ළමයිත් දේශපාලකයෝ වගේ. නැහැදිච්ච කමට හැදිලා බොරුවටත් එක්ක රෝහල් ගත වෙනවා. ගුරුවරුන්ට දඩුවම් දීමේ ඉඩකඩ ඇහිරීම තමයි මේ දැනට සිදුවන අපරාද වලට මුලික හේතුවත්. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියන්න එපා.(නදී)
මමත් පෞද්ගලික පාසැලන සේවය කළා. සමහර ළමයි කරන දේවල් වලට ගහන්න නෙමෙයි හම ගහන්න වටිනවා. ළමයිට ගහන්නේ නැතිව දඩුවම් කළ හැකි ක්‍රම තියෙනවා. විදුහල්පතිගේ මේ ක්‍රියාව අනුමත කළ නොහැක. මෙසේ ප්‍රසිද්ධව ගුරුවරුන්ට දඩුවමි දීමෙන් ළමයා තුළ ගුරුවරයාට ඇති ගෞරවය නැති වෙනවා.(නදී)
මෙය සමිපුර්ණ චරිත ඝාතනයක් නොහොත් පුද්ගලික පලිගැනීමක්.(නදී)
දැන් ළමයි නෙමෙයි ඉන්නේ ගුරු දෙගුරු දන්නේ නැති හරක්. අපි ඉස්සර හොඳට ගුටි කාලා ඉගෙන ගත්තේ. නොගහ හදන දරුවයි හැඳි නොගා හදන කිරි හොද්දියි එක වගේ තමයි (නි)
මේ ගුරුතුමා සමහර විට ළමයව අපයෝජනය කරන්න හදලා විරුද්ධ වෙලා වත්ද? (නදී)
අනේ දෙවියනේ මෙහෙමත් විදුහල්පතිවරු! (නි)
මමත් නුවර ගුරුවරයෙක්. දැන් කාලේ කොල්ලෝ ගංජා කුඩු වගේ ඒවා අරගෙන සතුටු වෙනවා.උන්ට ගහපුවම දේශපාලකයන්ගේ පිහිටෙන් අපිටම වින කරනවා. ඒත් මම නම් දිගටම ගහනවා (නි)
මම පළමුවෙන් ඉගෙන ගත්තේ කළු ගඟ අසබඩ පාසලකයි. ඒකාලේ එම පාසලේ විදුහල්පති තුමා ඉහල පන්තියක පිරිමි ළමයකුට පාසලේ වේදිකාව උඩ තියාගෙන කොසු මිටක් කැඩෙනතුරු පහර දුන්නා. ඒකට පස්සේ ගුටි කාපු ළමයාගේ ගමේ මිනිස්සු 1000 ක් විතර විදුහල්පතිතුමාට පහර දෙන්න පාසලට ආවා . පස්සේ ගමේ වැදගත් පිරිසක් මැදිහත් වී සමාදාන කළා . මේ සිද්ධියට මුල් උනේ විදුහල්පතිතුමාගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමයි. කොහොම හරි ඊට පස්සේ අර පිරිමි ළමයා ආයේ පාසල් ආවේ නැහැ. (නදී)
ළමයාට ගහපු එක හොඳයි කියල අනුමත කරමින් මෙතන අදහස් දාල තියෙන කට්ටිය කරුණාකරලා හිතට එකඟව කියනවද ඒ ගොල්ලන්ගේ දරුවෙකුට නම් කොහුමිටි පාර වැදුනේ ඔය දාපු අදහස් එහෙමම දානවද කියල. මම අහන්නේ දඬුවම් කිරීමක් ගැන නෙමෙයි කොහුමිටි පාර ගැනයි, හරි? (නදී)
පේරාදෙණිය පැත්තේ පිරිවෙනක ඉන්න විදුහල්පති කෙනෙකුත් ඔයවගේ තිරිසන් විදියට හැසිරෙන කෙනෙක්. මේ ගැන කව්රුවත් පැමිණිලි කරන්නේ නැහැ. මේක ගැනත් සොයා බලන්න. විදුහල්පති තනතුරට මේ පැවිද්දා සුදුසුද කියා සොයා බලන්න.ඔබ සියලු දෙනාගේම අවධානය යොමුවේවා... (නි)