වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙක්ඕස්ට්‍රේලියා අගමැතිනි ජුලියා ගිලාඩ්ට සැන්වීච් පාන් පෙත්තකින් දමා ගැසීය.
අගමැතිනිය මෙම සිදු වීමට මුහුණ දුන්නේ දකුණු බ්‍රිස්බෙන් පාසලක සංචාරයකදීය.
විදුහල්පතිනිය සිසුවාට දඩුවම් ලෙස දින 15 ක් පාසලට පැමිණිම තහනම් කළාය.
ජුලියා ගිලාඩි මාධ්‍යට පවසා ඇත්තේ පාසල් සිසුන්ට සිනාසෙන්නට අවස්ථාවක් මෙම සිසුවා උදා කර දීමට උනන්දු වී ඇති බවයි. පාසල් කාලය තමා හොදින් දන්නා බැවින් මෙම සිසුවාට සමාව දිය යුතු බව ඕ කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙන්තිල් වගේ මානසික ලෙඩුන්ගේ අදහස් දැමීම වලක්වන්න.(නදී)
බලන්න ඒ රටවල් කොච්චර නොදියුනුද කියලා. අපේ රටේ මේ වගේ දේවල් අපි අහලවත් තියෙනවද. මනුස්සකම ශිෂ්ටත්වය ඔවුන් අපේ ලංකාවෙන් ඉගෙන ගතයුතු කාලය පැමිණ ඇත. (නදී)
කුනු කූඩයක් කියලා හිතන්න ඇති කොහොමත් එහෙමනේ.(නදී)
අපේ රටේ නම් දැනටමත් සිසුව අතුරුදහන්.(නදී)
සෙන්තිල් ඔහේගේ තාත්ත කවුද කියල ඔහේ දන්නේ නැහැ වගෙයි කරන ප්‍රකාශ වලින් පෙනෙන්නේ.(නදී)
සෙන්තිල්, ඔහේ උම්බෑ කිවම වෙන්නේ සතා කවුද කියල මිනිස්සු අදුර ගන්නවා. ඒ නිසා මෙතන පත්තරේ වැදගත් තැනක් කියලා ඉස්සරලා තෙරුන් ගන්ට. ඔහෙලා වගේ සුනකයන් ඉන්න පැත්ත පළාතම ගදගස්සනවා. එක සුනකයට දැනෙන්නේ නැහැ.(නදී)
සෙන්තිල් ඔහේගේ ගම කොහෙද? ගම කොහේ උනත් යන්න හොදම තැන අංගොඩ. බුරුවෙක් වගේ ලියන්න කලින් මොනවද ලියන්නේ කියල ඉස්සරලා හිතල ඉන්නවා. කුණුහරප ලියන්න ඕන නම් වෙන තැනක් හොයා ගන්නවා.(නදී)
අප්පා! ලංකාවේ වයුණා නම් ළමයත් අතුරුදහන්. ගෙවලුත් ගිනි තියලා. (නි)
මම නම් හිතන්නේ සුද්දගේ සංස්කෘතියේ සබකොලේ නැතිකම තමයි මෙහෙම ඉදිරිපත්වෙන්න හේතුව. අපි වගේ පහතට නැමිලා නගුට ගැසීමක් සුද්දගේ සංස්කෘතියේ නැහැ නොවැ. අනික අපි කළොත් සුදු වෑන් එකක් එයි. පක්ෂ විපක්ෂ බේදයක් නැහැ ඒවාට. (නි)
අපේ කෙනෙක් ගැහුවා නම් වෙලහකට ගමේ අය සුදුකොඩි අදිනවා. සුද්දන්ගෙන් ඉගෙන ගන්න අපිට ගොඩක් දේවල් තියෙනවා (නි)
ඔන්න මෙහෙ ඕව කරන්න යන්න එපා! පාණුත් හරි ගනන්! (නදී)
මෙහෙ තියන නිදහස මම ඇත්තටම අගය කරනවා. ඒක අදහස් ප්‍රකාශ කිරීම, ආර්ටික නිදහස හැම දෙයක්ම එකමුතුවක්. මම තවම දැකල නැහැ රූපවාහිණියේ විරිත්තන් ඉන්න අගමැති, අගමැතිගේ ළමයින් හරි බාප්පලා මල්ලිල්ලා අයියලා ගැන. මේ රටවල් ආර්ටික වශයෙන් ශක්තිමත් වෙන්නේ, සුන්දර වෙන්නේ ප්‍රතිපත්තියක් ඇති දේශපාලකයෝ රට කරන නිසා.(නදී)
ඇයි එහෙම කලේ අපේ ජනාදිපතිතුමාට වගේ උම්මා එකක් දුන්නනම් හොදයි නේ. (නදී)
අගමැති ජුලිය ගිලර්ඩ් ඉතාම නිහතමානි,සරල කෙනෙකි.ඇයට සතියේ දින හතට ඇදුම් 7 ඇත.මේ ඇදුම් හත තමයි රාජකාරි කටයුතු වලට අදින්නේ.දේශීය දේවල් ගන්න කියා නිතර ජනතාවට කියයි.වාහන ඇතුළු සෑම දේම මෙරටදීම හදයි.ෂරියා ඉල්ලන අයට රටින් පිටවෙන්න කියලා මෑතකදී කිවූ බය ඇසීමට ඇත. ඔබට බුදුසරණයි. (නි)
අන්න ප්‍රජාතන්ත්‍රවාදේ. (නි)
හොඳ නිහතමානී අගමැති කෙනක්. අපේ රටේ එහෙමනම් මෙලහකට කොල්ලට මොනවා වෙලාද දන්නේ නැහැ.(නදී)
සුරිය කන්ද මතකද? (නදී)
ඇබිලිපිටිය මහ විදුහලේ, සුරියකන්ද, ලොකුගලප්පත්ති, 89 ප්‍රජතන්ත්‍රවාදේ, ජුලියා ගිලර්ඩ්.(නදී)
කොලු කමට කරන දේවල්.(නදී)
ඔය සෙන්තිල් කියන කෙනා කියන දේ ගැන අබමල් රේණුවක වත් තේරුමක් තියනවද? අමු කුණුහරුප කියන මේ වගේ නරුමයෝ හදන්නේ ජුලියා ගිලර්ද්ට පමණක් නොවේ මේ පත්තරේත්ම් තිරිසන් කරන්න.
මාගේ අගමැතිතුමියනේ, ඔබට ජය! (නි)
මෙන්න මේකයි අපෙයි එහෙයි වෙනස. අපේ තිබුනානම් කෝටි ගානක් වියදම් කරලා සංදර්ශනයක් තියල එහෙයියෝ ටිකක් ඉස්සරහට දාලා පුරෝහිතයෝ වගේ ගුණ වැයිල්ලක් විතරයි වෙන්නේ. ඔක්කොම කරන්නේ තරගෙට නගුට ගහන එක.(නදී)
අපිටත් හිනා ඒකට.(නදී)
හෙහ්... හෙහ්.... හෙහ්.... හෙහ්... හේ...අපිටත් හිනා ඒකට. (නි)
මෙතුමි හරිම සරල කෙනෙක්. ගොවියෙක්ගේ දුවක්. ගොවියෙක් කීවට අපේ වගේ ගොවියෝ නම් නෙවේ තමා. නමුත් මගේ දැඩි තීරණ ඉතාම වටිනවා. ලදී ෂරියා නිතිය ඉල්ලපු අයට කිවේ මේ මහද්විපේ ඕනෑම ගුවන්තොටුපොළක් පාවිච්චි කරලා පිටවෙන්න කියල.(නදී)
සෙන්තිල් කියලා අදහස් දක්වන එක්කෙනා ඒ කොල්ලට වඩා මනසින් බාලයි වගේ. (නදී)
මෙහෙම කරන්න හේතුව දාල තිබ්බනම් අපට අදහස් පලකරන්න තිබුනා.(නදී)
අපේ රටේ නම් මුළු පවුලටම දෙවියන්ගෙම පිහිටයි! (නි)
කොලුවා පොඩි වුණත්,සිසුන් සිනාවට ලක් කිරීමට වඩා කලේ ලෝකයම සිනාගැස්සවීමයි. ඇගේ පාසල් ජීවිතයත්,දරුවන් ඉන්න මවක් හැටියට එයාගේ කතාවේ නිහතමානීකම ලොවටම ආදර්ශයක්! (නි)
සෙන්තිල්ට අම්මා , සහෝදරියෝ, නැතුව ඇති. බිහිකරපු මව් කුසටත් පව් පුරවන්න එපා.(නදී)
ඉදිරියක් ඇති දරුවෙක් (නි)
අපේ අගමැතිතුමා ඉන්න තත්වේ හැටයට පාන් පෙත්තක් වැදුනත් සොරිම තමයි.(නදී)
අපේ තාත්ත පුංචි කාලේ අපට කිව්වා පොල් කෑල්ලක් දාලා බල්ලෙක් අල්ල ගන්න කියපන් උඹ ඕවට අහුවෙන්න හෙම එපා කොලුවෝ කියලා. මේ කොලුවාට කෝ පොල්. ඒක නිසා පාන් කෑල්ලක් ජුලියට දාල. ජුලිය පැනල ගියා. කොල්ලෝ ජොලියට හිනා උනා. තව කාලෙකින් මේ කොලුවා විරුද්ද පක්ෂයේ නායකයා වේවි. මොනවද ඔට්ටු. හිත ඇති දගකාර කොල්ලෝ උඹ නියමයි.(නදී)
පාන් පෙත්තෙන් ගහන එක සුලුදෙයක් ඔස්ට්‍රලියාවේ . ප්‍රන්සේ හිටපු රැජිනක් මාරි අන්තුවනෙත් කියලා . මින්ස්සු කන්න පාන් ඉල්ලදී කිව්වේ පාන් නැත්නම් කේක් කන්න කියලා.(නදී)
සහෝදරවරුනි, මේ සුද්දන්ගේ දියුණුව නෙමෙයි, මෝඩකම. අපේ රටේ දරුවන්ට හොද නරක තේරෙනවා (නි)
තාම මේ පිටුවට අදහස් දාලා තියෙන්නේ අර කට්ටියගෙන් එක්කෙනයි. ඒ සෙන්තිල් බලන්න අදහස්.(නදී)
කොලු කමට තව ඉඩ දුන්නොත් අනිත් කෙළවරෙන් එන ඒවත් ගහවි.(නදී)
ලංකාවේ මෙහම දෙයක් උනානම්?(නදී)
පව් කොල්ලට, එහෙ ගල් නැතිව ඇති. (නදී)
ලංකාවේ නමි ළමයට පාන් පෙති ගිල්ලවලා මරනවා.(නදී)
ආරංචියේ විදියට නම් කොල්ල පාන් පෙත්ත විසි කරලා තියෙන්නේ වෙන යාලුවෙකුට. අගමැතිට නොවෙයි. අනික කොල්ලා දැනගෙන ඉඳල නැතිලු ඇවිත් තියෙන්නේ කවුද කියල. (නදී)
ඕස්ට්‍රලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ.(නදී)
අනේ ඒ රටේ විසි කරන්න තරම් පාන් තියෙනවද? අපි නම් වාටියවත් අහක දාන්නෙ නැහැ. (නදී)
අන්න නිහතමානී අගමැතිවරුන් (නි)
සෙන්තිල්ගේ අදහස නින්දා සහගතයි. (නි)