IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිසුවා බස් දෙකකට තද වේ

මතුගම ලංගම බසයක පාපුරුවේ සිටි පාසල් ශිෂ්‍යයකු තවත් ලංගම බසයකට තද වී හිරවීමෙන් තුවාල ලබා  වෑත්තෑව රෝහලට ඇතුළු කළ බව බස් සේවකයෝ පවසති.



අදහස් (0)

සිසුවා බස් දෙකකට තද වේ

අමල් Tuesday, 14 May 2013 04:08 PM

ආබාධයක් නැත්නම් එච්චරයි.(ස)

:       0       0

යොහාන් Tuesday, 14 May 2013 04:42 PM

කොලු කමට ඔහොම වෙනවා. නමුත් කොන්දොස්තර දැන ගන්න ඕන, ළමයින්ව ඇතුලට ගන්න. (ස)

:       0       0

ලොවෙන් එකෙක් Tuesday, 14 May 2013 05:40 PM

ඔහොමම රජයටත් ටිකක් බනිමු පුරුද්දට වගේ (නි)

:       0       0

චතුල වෙරෝන Tuesday, 14 May 2013 06:27 PM

මේව පොඩි දේවල්. මැරෙන්නෙ නැතුව බේරෙන්න කොල්ලා දැනගන්න ඕනෑ. ගෑනු ලමයිට පේන්න මේ වගේ ගොන් වීර වැඩ අපිත් ඒ කාලෙ කෙරුවා (නි)

:       0       0

නිමල් Tuesday, 14 May 2013 06:30 PM

බල සේනාවට බනින්නේ නැද්ද කවුරුවත්? (නි)

:       0       0

පෙරේරා Tuesday, 14 May 2013 06:32 PM

අපි පාඩම් ඉගෙනගත්තේ එක්තරා විදිහකට වියදම් කරලා. මේකත් එක්තරා ව්දිහක වියදමක් දරලා මේ ළමයා ඉගෙනගත්තු හොඳ පාඩමක්. (නි)

:       0       0

සරත් Wednesday, 15 May 2013 08:27 AM

සිසුවාට ඉක්මන් සුවය. මාත් ඒ කාලේ ඕවා කලේ තරගෙට. (නි)

:       0       0

සනත් Tuesday, 14 May 2013 07:01 PM

මගෙත් යාලුවෙක් පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ අවසාන වසර විභාගයට දින කීපයක් තියෙද්දී මේ විදියටම ගම්පොල පාරේ පාලම උඩදී බස් එකේ පා පුවරුවෙයි ලොරියකටයි හිරවෙලා දින ගණනක් රෝහලේ ඉදලා නැතිවුණු දුක තාම දැනෙනවා. මේ දරුවාට ඉක්මන් සුව ලැබේවා. (නි)

:       0       0

පැතුම් Tuesday, 14 May 2013 07:02 PM

ඒවා හරි හෝ වැරදි, මේ වගේ සතුටක් ගත්තේ නැත්නම් ඒ කොලු කාලෙන් වැඩකුත් නැහැ. ඉස්කෝලේ යන කාලේ ඒවා කළාට දැන් අපි කරන්න යන්නේ නැහැ. ඔබට ඉක්මන් සුව... (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 14 May 2013 07:03 PM

අර චතුල කියනවා වගේ ගැහැණු ළමයින්ට පෙනෙන්න මෝඩ වීර වැඩ කරන කොල්ලෝ එදත් අපේ රටේ හිටියා. අදත් ඉන්නවා. හෙටත් හිටීවි (නි)

:       0       0

හෂන්-සෞදි Tuesday, 14 May 2013 07:40 PM

සනත්, ඔයා කියන ඉංජිනේරු සිසුවාගේ අවමගුලට මමත් සහභාගී උනා. දුප්පත් ගොවි පියෙකුගේ සහ මවකගේ දරුවෙක්. තව දින කිහිපයකින් ඉංජිනේරුවෙක්වෙලා එන්න ඕනා. දරුවා පෙට්ටියක ආවාම දෙමව්පියන්ට ඇතිවෙන වේදනාව මටනම් හිතාගන්න බැරිඋනා. වැඩ දැම්මත් අනතුරු ගැන අවදියෙන් ඉන්න ඕනා. මල්ලිට ඉක්මන් සුව.(නදී)

:       0       0

චන්ද්‍ර weerasinghe Wednesday, 15 May 2013 09:53 AM

පෙළක් වෙලාවට නෝනා මහත්තුරුත් ෆූට් බෝර්ඩ් එකේ එල්ලිලා යනවා. අනේ ඒ අයට සියලු දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා. එක්කෝ පොඩි බබාට වෙලාවට කිරි දෙන්න,නැත්නම් පොඩි පුතාව මොන්ටිසෝරියෙන් ගන්න එහෙම යන්නේ. (නි)

:       0       0

ශාන් Wednesday, 15 May 2013 10:28 AM

විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

විරාජ් Tuesday, 14 May 2013 09:31 PM

හැමෝම මේ කොල්ලට දොස් කියනවා කොලු කමට ෆුට් බෝඩ් ගියා කියලා. සමහර විට සෙනග කට කපල ඇති. ගමට යන එකම බස් එක වෙන්නත් ඇති. අපි දකින්නේ නැතුව එහෙම කියන්න බැහැනේ. කොහොම වුණත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා කිසිම කරදරයක් නොවී (නි)

:       0       0

ජගත් Tuesday, 14 May 2013 04:04 PM

ඔන්න දැන් කවදාවත් "ෆුට් බෝර්ඩ්" ගියෙ නැති උපාසකයෝ ටිකක් කොල්ලට බනීවි. කොලුකමට ඔහොම සමහර " මෝඩ වීර ක්‍රියා තමයි" කරන්නේ. නොමැරී බේරෙන්නත් දැන ගන්න ඕනෑ. කොල්ලට ඉක්මන් සුව පතමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site