මතුගම ලංගම බසයක පාපුරුවේ සිටි පාසල් ශිෂ්‍යයකු තවත් ලංගම බසයකට තද වී හිරවීමෙන් තුවාල ලබා වෑත්තෑව රෝහලට ඇතුළු කළ බව බස් සේවකයෝ පවසති.
මතුගම ලංගම බසයක පාපුරුවේ සිටි පාසල් ශිෂ්‍යයකු තවත් ලංගම බසයකට තද වී හිරවීමෙන් තුවාල ලබා වෑත්තෑව රෝහලට ඇතුළු කළ බව බස් සේවකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආබාධයක් නැත්නම් එච්චරයි.(ස)
කොලු කමට ඔහොම වෙනවා. නමුත් කොන්දොස්තර දැන ගන්න ඕන, ළමයින්ව ඇතුලට ගන්න. (ස)
ඔහොමම රජයටත් ටිකක් බනිමු පුරුද්දට වගේ (නි)
මේව පොඩි දේවල්. මැරෙන්නෙ නැතුව බේරෙන්න කොල්ලා දැනගන්න ඕනෑ. ගෑනු ලමයිට පේන්න මේ වගේ ගොන් වීර වැඩ අපිත් ඒ කාලෙ කෙරුවා (නි)
බල සේනාවට බනින්නේ නැද්ද කවුරුවත්? (නි)
අපි පාඩම් ඉගෙනගත්තේ එක්තරා විදිහකට වියදම් කරලා. මේකත් එක්තරා ව්දිහක වියදමක් දරලා මේ ළමයා ඉගෙනගත්තු හොඳ පාඩමක්. (නි)
සිසුවාට ඉක්මන් සුවය. මාත් ඒ කාලේ ඕවා කලේ තරගෙට. (නි)
මගෙත් යාලුවෙක් පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ අවසාන වසර විභාගයට දින කීපයක් තියෙද්දී මේ විදියටම ගම්පොල පාරේ පාලම උඩදී බස් එකේ පා පුවරුවෙයි ලොරියකටයි හිරවෙලා දින ගණනක් රෝහලේ ඉදලා නැතිවුණු දුක තාම දැනෙනවා. මේ දරුවාට ඉක්මන් සුව ලැබේවා. (නි)
ඒවා හරි හෝ වැරදි, මේ වගේ සතුටක් ගත්තේ නැත්නම් ඒ කොලු කාලෙන් වැඩකුත් නැහැ. ඉස්කෝලේ යන කාලේ ඒවා කළාට දැන් අපි කරන්න යන්නේ නැහැ. ඔබට ඉක්මන් සුව... (නි)
අර චතුල කියනවා වගේ ගැහැණු ළමයින්ට පෙනෙන්න මෝඩ වීර වැඩ කරන කොල්ලෝ එදත් අපේ රටේ හිටියා. අදත් ඉන්නවා. හෙටත් හිටීවි (නි)
සනත්, ඔයා කියන ඉංජිනේරු සිසුවාගේ අවමගුලට මමත් සහභාගී උනා. දුප්පත් ගොවි පියෙකුගේ සහ මවකගේ දරුවෙක්. තව දින කිහිපයකින් ඉංජිනේරුවෙක්වෙලා එන්න ඕනා. දරුවා පෙට්ටියක ආවාම දෙමව්පියන්ට ඇතිවෙන වේදනාව මටනම් හිතාගන්න බැරිඋනා. වැඩ දැම්මත් අනතුරු ගැන අවදියෙන් ඉන්න ඕනා. මල්ලිට ඉක්මන් සුව.(නදී)
පෙළක් වෙලාවට නෝනා මහත්තුරුත් ෆූට් බෝර්ඩ් එකේ එල්ලිලා යනවා. අනේ ඒ අයට සියලු දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා. එක්කෝ පොඩි බබාට වෙලාවට කිරි දෙන්න,නැත්නම් පොඩි පුතාව මොන්ටිසෝරියෙන් ගන්න එහෙම යන්නේ. (නි)
විශ්වාස කරන්නත් අමාරුයි (නි)
හැමෝම මේ කොල්ලට දොස් කියනවා කොලු කමට ෆුට් බෝඩ් ගියා කියලා. සමහර විට සෙනග කට කපල ඇති. ගමට යන එකම බස් එක වෙන්නත් ඇති. අපි දකින්නේ නැතුව එහෙම කියන්න බැහැනේ. කොහොම වුණත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා කිසිම කරදරයක් නොවී (නි)
ඔන්න දැන් කවදාවත් "ෆුට් බෝර්ඩ්" ගියෙ නැති උපාසකයෝ ටිකක් කොල්ලට බනීවි. කොලුකමට ඔහොම සමහර " මෝඩ වීර ක්‍රියා තමයි" කරන්නේ. නොමැරී බේරෙන්නත් දැන ගන්න ඕනෑ. කොල්ලට ඉක්මන් සුව පතමු. (ස)