(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
සවරාන මුස්ලිම් විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායක ඝාතනයේ සැකකාර සිසුන් තිදෙනා ජුලි 3 වැනි දා තෙක් රජයේ ළමා නිවාසයක රඳවා තැබිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා විසින් අද ( 12) නියෝග කළේය.
සවරාන මුස්ලිම් මහ පල්ලිය අසල විසු එකොලොස් වැනි වියේ පසුවු මොහොමඩ් රිස්වි මොහොමඩ් පයිසුල් නමැති සිසුවා පසුගිය 10 වැනි දා රාත‍්‍රී අමානුෂික ලෙසින් පහර දි ඝාතනය කිරිමේ චෝදනාව මත එම පාසලේම දහ වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන 15 වැනි වියේ පසුවන සිසුන් තිදෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
සැකකරුවන් වුයේ මොහොමඩ් ශීතන් , මොහොමඩ් සිෆාන් , මොහොමඩ් ඩීන් සස්රාස් හා මොහොමඩ් මවුසුල් මශ්තාහිර් යන තිදෙනාය.
එදින රාත‍්‍රි සවරාන කොළණියේ මුස්ලිම් පල්ලියේ පැවැති ආගමික මෙහෙයෙන් පසු මිය ගිය සිසුවා තවත් මිතුරෙකු සමඟ සිය නිවස බලා යන අතර මඟ සිටි සැකකාර සිසුන් තිදෙනා මහ මඟ දැල්වෙමින් තිබු විථි පහන් ද නිවා දමා මුගුරකින් පහර දිම නිසා අසාධ්‍ය තත්ත්වයට පත් සිසුවා පසුව හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලටත් අනතුරුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළු කිරිමෙන් දින 13 කට පස් මිය ගියේය.
පල්ලියේ ආගමික මෙහෙය පවතින අතර පිටත පාසල් සිසුන් පිරිසක් අතර හට ගැණුන ගැටුමක් සමථයට පත් කිරිමට ගිය අවස්ථාවේදී දි ඒ අතර සිටි සැකකාර සිසුන් මිය ගිය සිසුවාට තර්ජනය කර ඇති අතර එහිදි ඇතිවු කෝපයක් අනුව මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය කියයි .
හලාවත පොලිසිය සැකකාර සිසුන් තිදෙනා අත් අඩංගුවට ගෙන දෙදෙනෙකු ඇප මත මුදවා හැර තිබු අතර එක් සිසුවකු අද (26) දක්වා රිමාන්ඩ් කර තිබිණි. පසුව ඇප මත මුදා හැරිය සිසුන් හා රිමාන්ඩ් කර සිටි සිසුවා අද (26) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
හලාවත පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කළ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නිතිඥ හිලරි ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා පෙනි සිටියේය.
2025 නොවැම්බර් මස 04
189
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2071
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිසුවා ඝාතන සිද්ධියේ සැකකාර සිසුන් තිදෙනා ළමා නිවාසයක රඳවා තැබීමට නියෝග
jerami Tuesday, 26 June 2018 10:41 AM
අපි ඉස්සර ඉස්කෝලේ ගියේ විනෝදෙන් ඉගෙනගෙන විබාග පස් කරලා හොඳ රස්සාවක් කරන්න. දැන් ඉස්කෝලේ යන්න වෙලා තියෙන්නේ.මැරෙන්න බලාගෙන.