IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිසිලියාගේ වෛද්‍ය වාර්තාව උසාවියට

බිඳ වැටුණු ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටී දේපළ සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 430ක පමණ මුදල් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් බාරයේ සිටින එහි අධ්‍යක්ෂවරියක වන සිසිලියා කොතලාවල දැනට ප්‍රතිකාර ලබන ඩර්ඩන්ස් රෝහලේම තබනවාද නැතිනම් කොළඹ මහ රෝහලට මාරු කළ යුතුද යන්න ගැන තීරණය ලබන 11 වැනි දා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කීවේය.

 දැනට ඩර්ඩන්ස් රෝහලේ ප්‍රතිකාර ලබන සිසිලියා ගේ හෘද ස්ඵන්දනය හා පෙනහළු ක්‍රියාකාරිත්වය ගැන වෛද්‍යවරු සෝදිසියෙන් සිටින බවත් ඩර්ඩන්ස් රෝහලේම සිටීම සුදුසු බවත් එහි වෛද්‍යවරු  අධිකරණයට වාර්තාවක් සමග නිර්දේශ ඉදිරිපත් කළහ.

එම වාර්තාව අනුව සිසිලියා කොතලාවල කොළඹ ජාතික රෝහලට මාරු කළ හැකි බව පෙනෙන බවද මහේස්ත්‍රාත් කීවේය.

සිසිලියාගේ නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ ඇය කොළඹ ජාතික රෝහලට මාරු කරතොත් ඊට එරෙහි නොවන බවයි.

මේ අතර සිසිලියා කොතලාවලගේ තත්ත්වය පරීක්ෂා කිරීමට ඩර්ඩන්ස් රෝහලට ගිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරිපිට දී අඟහරුවාදා (9) කරුණු දක්වා ඇය කොළඹ ජාතික රෝහලට මාරු කිරීමේ ඉඩ කඩ ගැන සැලකිල්ල යොමු වනු ඇතැයි ඇගේ නීතීඥවරු කීහ.



අදහස් (0)

සිසිලියාගේ වෛද්‍ය වාර්තාව උසාවියට

පිටබැද්දර ජයා Monday, 08 February 2016 08:41 AM

පවු අප්පා මේ තරම් ලෙඩ තියෙද්දිත් ලංකාවට මොකට ආවද අා එහෙම ඉඳන් ප්‍රතිකාර නොගෙන , (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site