බිඳ වැටුණු ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටී දේපළ සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 430ක පමණ මුදල් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් බාරයේ සිටින එහි අධ්‍යක්ෂවරියක වන සිසිලියා කොතලාවල දැනට ප්‍රතිකාර ලබන ඩර්ඩන්ස් රෝහලේම තබනවාද නැතිනම් කොළඹ මහ රෝහලට මාරු කළ යුතුද යන්න ගැන තීරණය ලබන 11 වැනි දා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කීවේය.
දැනට ඩර්ඩන්ස් රෝහලේ ප්‍රතිකාර ලබන සිසිලියා ගේ හෘද ස්ඵන්දනය හා පෙනහළු ක්‍රියාකාරිත්වය ගැන වෛද්‍යවරු සෝදිසියෙන් සිටින බවත් ඩර්ඩන්ස් රෝහලේම සිටීම සුදුසු බවත් එහි වෛද්‍යවරු අධිකරණයට වාර්තාවක් සමග නිර්දේශ ඉදිරිපත් කළහ.
එම වාර්තාව අනුව සිසිලියා කොතලාවල කොළඹ ජාතික රෝහලට මාරු කළ හැකි බව පෙනෙන බවද මහේස්ත්‍රාත් කීවේය.
සිසිලියාගේ නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ ඇය කොළඹ ජාතික රෝහලට මාරු කරතොත් ඊට එරෙහි නොවන බවයි.
මේ අතර සිසිලියා කොතලාවලගේ තත්ත්වය පරීක්ෂා කිරීමට ඩර්ඩන්ස් රෝහලට ගිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරිපිට දී අඟහරුවාදා (9) කරුණු දක්වා ඇය කොළඹ ජාතික රෝහලට මාරු කිරීමේ ඉඩ කඩ ගැන සැලකිල්ල යොමු වනු ඇතැයි ඇගේ නීතීඥවරු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අප්පා මේ තරම් ලෙඩ තියෙද්දිත් ලංකාවට මොකට ආවද අා එහෙම ඉඳන් ප්‍රතිකාර නොගෙන , (අ)