සන්ධාන මහ ලේකම් නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිලට පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ දී ඉන්දියාවේත් ලංකාවේත් සිතියම් දෙකක් ඇඳ මොනවා දෝ කුරුටුගාමින් ඔහුට එම කොළයේම මොනවාදෝ ලියුවේය.
ඔහු එදා එම කොලයේ පෑනකින් ලියූවේ මැතිවරණයේ දී යූඇන්පියට ඡන්දය දුනහොත් අගෝස්තු 18 වැනි දා ඉන්දියාවේ නව ප්‍රාන්තයක් ඇතිවනු ඇති බවයි.
ඔහු මෙය ලියන්නට ඇත්තේ එක්කෝ ගම්මන්පිල ලවා එම කතාව කියවන්නට ද, එසේ නැත්නම් වෙනත් දෙයකට ද යන්න පැහැදිලි නැත.
ඔහුගේ අදහස වූයේ එය ගම්මන්පිල ලවා කියැවීම නම් එය බළලුන් ලවා කොස්ඇට බෑවීමක් බව කියති.
ඔහු ගම්මන්පිලට කියූ දේ ඔහුගේ කතාවේ දී සඳහන් කළ බවත් ඇසුනේ නැත. ගම්මන්පිලගෙන් ද එවැන්නක් කියවුණේ නැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටත් දේශපාලනිකව සහ ආර්ථිකව ප්‍රාන්තයක් වී හමාර යි (නදී)
හිතාගන්න අමාරුයි මටත් (නි)
අනේ මන්දා! මොනවා හිතාගෙන එහෙම කළාද දන්නෙ නැහැ (නි)
එතුමාට මොනවා හිතුනද දන්නෙ නැහැ (නි)
සුසිල් මහත්තයා මොකද දන්නෙ නැහැ එහෙම කළේ? (නි)
මෙහෙම රටක් දියුණු කරන්න පුලුවන්ද ? (නදී)
ඔවුන්ට දේශපාලන දැක්මක් නැතිබව ඉතාමත්ම පැහැදිලියි.දැනට මේ අයට තිබෙන එකම විකල්පය යල්පැනගිය ජාතිවාදී තැටිය පමණයි. (නදී)
සෙනරත්, චීනයේ ප්‍රාන්තයක් වුනාට කමක් නැද්ද? (ර)
ඔවුන්ට දේශපාලන දැක්මක් නැතිබව ඉතාමත්ම පැහැදිලියි.දැනට මේ අයට තිබෙන එකම විකල්පය යල්පැනගිය ජාතිවාදී තැටිය පමණයි. (නි)
බාල තෙල් ගෙන්නගන්න පුලුවන්ද කියල බලනවා වෙන්න ඇති. (බ)
මේ දී ඇති ඉඟිය ගැන අප කවුරුත් හිතා බැලුවොත් හොඳයි. දැනට ඇති ඉන්දීය ගැති දේශපාලන වාතාවරණයත් එතරම් සුභදායක නැත. (නි)
මේවා කියලා අසරණ ජනතාව මුලාකරන්නද හදන්නේ? (නි)
ලාල්ට තරම් නම් දැනුමක් එතුමන්ලාට නැහැ තමයි... එක පැහැදිලියි...(ම)