IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුසිල්ට බළලුන් ලවා කොස් ඇට බාවන්න බැරිවේ

සන්ධාන මහ ලේකම්   නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිලට පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ දී ඉන්දියාවේත් ලංකාවේත් සිතියම් දෙකක් ඇඳ මොනවා දෝ කුරුටුගාමින් ඔහුට එම කොළයේම මොනවාදෝ ලියුවේය.

ඔහු එදා එම කොලයේ පෑනකින් ලියූවේ  මැතිවරණයේ දී යූඇන්පියට ඡන්දය දුනහොත් අගෝස්තු 18 වැනි දා ඉන්දියාවේ  නව ප්‍රාන්තයක් ඇතිවනු ඇති බවයි.

ඔහු මෙය ලියන්නට ඇත්තේ එක්කෝ ගම්මන්පිල ලවා එම කතාව කියවන්නට ද, එසේ නැත්නම් වෙනත් දෙයකට ද යන්න පැහැදිලි නැත.

ඔහුගේ අදහස වූයේ එය ගම්මන්පිල ලවා කියැවීම නම් එය බළලුන් ලවා කොස්ඇට බෑවීමක් බව කියති.

ඔහු ගම්මන්පිලට කියූ දේ ඔහුගේ කතාවේ දී සඳහන් කළ බවත් ඇසුනේ නැත. ගම්මන්පිලගෙන් ද එවැන්නක් කියවුණේ නැත.

IMG_3451 IMG_3495 IMG_3504 IMG_3510 IMG_3510x



අදහස් (0)

සුසිල්ට බළලුන් ලවා කොස් ඇට බාවන්න බැරිවේ

දුමින්ද Tuesday, 21 July 2015 02:32 AM

දැනටත් දේශපාලනිකව සහ ආර්ථිකව ප්‍රාන්තයක් වී හමාර යි (නදී)

:       0       0

විජය Monday, 20 July 2015 01:33 PM

හිතාගන්න අමාරුයි මටත් (නි)

:       0       0

ඉෂාණි Monday, 20 July 2015 01:33 PM

අනේ මන්දා! මොනවා හිතාගෙන එහෙම කළාද දන්නෙ නැහැ (නි)

:       0       0

දිනේෂ Monday, 20 July 2015 01:37 PM

එතුමාට මොනවා හිතුනද දන්නෙ නැහැ (නි)

:       0       0

දයාල් Monday, 20 July 2015 01:42 PM

සුසිල් මහත්තයා මොකද දන්නෙ නැහැ එහෙම කළේ? (නි)

:       0       0

තුසිත Tuesday, 21 July 2015 02:56 AM

මෙහෙම රටක් දියුණු කරන්න පුලුවන්ද ? (නදී)

:       0       0

මල්රාජ් Tuesday, 21 July 2015 08:36 AM

ඔවුන්ට දේශපාලන දැක්මක් නැතිබව ඉතාමත්ම පැහැදිලියි.දැනට මේ අයට තිබෙන එකම විකල්පය යල්පැනගිය ජාතිවාදී තැටිය පමණයි. (නදී)

:       0       0

අශාන් Tuesday, 21 July 2015 08:40 AM

සෙනරත්, චීනයේ ප්‍රාන්තයක් වුනාට කමක් නැද්ද? (ර)

:       0       0

ලාල් Monday, 20 July 2015 03:00 PM

ඔවුන්ට දේශපාලන දැක්මක් නැතිබව ඉතාමත්ම පැහැදිලියි.දැනට මේ අයට තිබෙන එකම විකල්පය යල්පැනගිය ජාතිවාදී තැටිය පමණයි. (නි)

:       0       0

ගුණසේකර Tuesday, 21 July 2015 12:31 PM

බාල තෙල් ගෙන්නගන්න පුලුවන්ද කියල බලනවා වෙන්න ඇති. (බ)

:       0       0

සෙනරත් Monday, 20 July 2015 03:29 PM

මේ දී ඇති ඉඟිය ගැන අප කවුරුත් හිතා බැලුවොත් හොඳයි. දැනට ඇති ඉන්දීය ගැති දේශපාලන වාතාවරණයත් එතරම් සුභදායක නැත. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 21 July 2015 12:10 AM

මේවා කියලා අසරණ ජනතාව මුලාකරන්නද හදන්නේ? (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 21 July 2015 06:53 AM

ලාල්ට තරම් නම් දැනුමක් එතුමන්ලාට නැහැ තමයි... එක පැහැදිලියි...(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site