තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් අත්තනෝමතිකව ඉවත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයා වන සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා දකුණු පළාත් සභා මන්ත‍්‍රී එච්.ඒ පියසේන මහතා අද(20) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා, දකුණු පළාත් සභා ලේකම් කේ.එල්.දයාරත්න, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය යන මහත්වරුන් නම් කරනු ලැබ ඇත.
තමා ඉකුත්දා පැවති මහමැතිවරණයට මාතර දිස්ත‍්‍රික් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කළ බවත්,පසුව තමා පක්ෂ ව්‍යවස්ථාව කඩ කර ඇති බැවින් තමා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බව දන්වමින් වගඋත්තරකාර සන්ධාන හිටපු මහලේකම්වරයා ලිපියක් මඟින් තමාට දැන්වූ බවද පෙත්සම්කරු කියා සිටී.
තමාට එරෙහිව චෝදනා පත‍්‍රයක් හො විනය පරීක්ෂණයක් නොකැඳවා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බැවින් තමන් නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් හා පළාත් සභා මන්ත‍්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිතුත් කරන ලෙසද පියසේන මහතා ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ට කළ දේවල් වලට පළදෙන මොහොත ළඟාවෙලා (නි)
එක අතකට බලනකොට අපි මේවා ගැන කලබලවෙලා වැඩක් නැහැ (නි)