පක්ෂ නායක රැස්වීම අවසානයේ සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී මහින්ද රාජපක්ෂ මහතා කිසිත් නොකියා පිටව ගියේය.
සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පුවත්පත් සාකච්ඡාව ඇරැඹීය.
සන්ධානයේ මංගල රැලිය 17 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට ශ්‍රීලනිප සභාපතිද වන ජනපති එකඟවූ බවත් මැතිවරණ මෙහෙයුම් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමටද ඔහු එකගවූ බවද ප්‍රේමජයන්ත මහතා කීවේය.
සන්ධානයෙන් අපේක්ෂකයෝ 260 දෙනෙක් තරග කරනවා. මීට දෙසතියකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා, මම , දිනේෂ් අනුර ප්‍රියදර්ශන යාපා කැඳවා සන්ධානයේ තීරණය අනුව මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීමට එකඟවුණා.
මැතිවරණ මෙහෙයුම් කමිටු නායකයා ලෙස රාජපක්ෂ මහතා පත් කිරීමටද ජනපති එදින එකඟවුණා. ඒ අනුව පසුගිය 3 වැනිදා ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූවා. මම ලිපිය නිකුත් කළේ සන්ධානයේ එකගතාවය මත. නාම යෝජනා සකසන්නේ සහ මැතිවරණ කොමසාරිස් සමග කටයුතු කරන්නේ පක්ෂයේ ලේකම්. කවුරුන් හෝ ජාතික ලැයිස්තුවේ නම නැති ඡන්දෙට ඉදිරිපත් නොවූ කිසිවෙක්ට ජාතික ලැයිස්තු පුරප්පාඩුවට පත් කළ නොහැකියි.
මහ බැංකු අධිපති වැරදි බව ජනපතිගේ කථාවෙන් පැහැදිලියි. ප්‍රසිද්ධ විභාග පැවැත්වෙද්දී මැතිවරණ තියන්නේ නෑ. නමුත් මෙවර උසස් පෙළ විභාග සමයේ මැතිවරණය තිබෙනවා. එක දශමයක් වුණත් දරුවන්ට වැදගත්.
අගමැති බේරාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දරුවන්ගේ අනාගතේ නොසලකා ඡන්දය දැම්මා. අගමැතිවරයෙක් බේරාගන්න දරුවන්ගේ අනාගතේ උකස් කරන ආණ්ඩුවකින් අනාගතේ ඇති පලේ මොකක්ද? අගෝස්තු 18 අපි නියත ලෙසම ආණ්ඩුවක් පිහිටුවනවා.
මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවසීය.
‘අපේ ප්‍රධාන අරමුණ එජාපය පරාජය කිරීමයි. තරුණ සේවා සභාවේ වාහන 52ක් මේ ආණ්ඩුව ඡන්දෙට යොදාගෙන තියෙනවා. රාජ්‍ය මාධ්‍ය අද එක අන්තයක් අරගෙන. අපේ කාලයේ රජයේ වාහන ඡන්දෙට භාවිතා කළේ ඉතා අඩුවෙන්. ඩලස් කච්චේරියෙන් එළියට එද්දී තර්ජනය කළා. මන්ත්‍රීන්ගේ ආරක්ෂාව අඩු කළා. ඇමැතිවරු කිහිපදෙනෙක්ට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදාගෙන තිබෙනවා. අද ශ්‍රීලනිපය එකමුතු වෙලා. ජනපතිගේ ප්‍රකාශය ගැන ඔහුගෙන් අහන්න. ජනපතිගේ ප්‍රකාශය ගැන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනවා. එළියේ කථා කරන්න කැමති නෑ‘
‘ජනපතිගේ ප්‍රකාශයෙන් මා කම්පාවට පත්වුණා.. ඔහු එජාප නායකයා බේරාගන්න පාර්ලිමේන්තුව විසිරෙව්වා කිව්වා. ලෝක දේශපාලනයේ පළවැනි වතාවටයි එක පක්ෂ නායකයෙක් තවත පක්ෂෙක නායකයකු බේරාගැනීමට කටයුතු කළ බව කිව්වේ‘ යැයි මාධ්‍ය හමුව ඇමතූ ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
සන්ධාන නායකයා ඉවත් කිරීමට තීරණයක් ගෙන නැති බවත් මෙහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය. ‘මහින්ද පරදින බව ජනපති කිව්වත් අපි කියන්නේ ඔහු දිනන බවයි.‘
‘ජනාධිපතිතුමා සහ අප අතර ගැටුමක් ඇති කරන්න මාධ්‍ය ප්‍රශ්න අහනවා.‘ යැයි වෙල්ගම මහතා කීවේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා. (ම)
ඔන්න ඔහොම කලිනුත් කෙලින් කතා කළා නම් කොච්චර හොදද? (ම)
සොරි හොඳේ (ස)
අන්තෝ ජටා බහි ජටා (ම)
ලෝකයෙ පලමු වතාවට වෙන සියල්ලම අපේ රටින් විම ඇත්තම තමා.(ම)
සුසිල් ඒ කාලේ නුගේගොඩ චන්ද්‍ර ද සිල්වාට කරපු දේවල් දන්නා අයනම් ඔබතුමාගේ පච සහ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ හැකියාව ගැන හොඳට දන්නවා (බ)
අපට එකෙක්ගේ වත් පක්ෂේ , උන්ගේ තනතුරු, එකෙක්ව රජ කරවන්න ඕනේ නැහ....අපට ඕනේ රටේ ජනතාව දිනවන්න...(බ)
මේක සුසිල්ගේ මගඩි වැඩක් (බ)
බය නැතුව ඇත්ත කතා කරන්න.ඔබලාට ජය (බ)
අනුන්ගෙ පක්ෂ බිඳ දමාපු අයට අද කැරකිලා ඇවිත් . (ම)
මඩේ හිටවපු ඉන්න වගේ නායකයෙක් පත්වුනාම එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා. (ස)
අපරාදේ මහින්ද වෙනම ඉල්ලන්න තිබ්බේ. එහෙම ඉල්ලුවානම් අඩුම තරමේ විපක්ෂ නායක හරි වෙන්න තිබ්බා.හැබැයි දැන් ඉතින් විපක්ෂයේ නිකන්ම නිකං මන්ත්‍රී කෙනෙක් වෙන එක කාටවත් නවත්තන්න බෑ. යුද්ධය දිනු මහින්ද රාජපක්ෂ මැතිතුමාට අදටත් ගෞරවයක් ඇති අතර ඔහු පැරදී ගෙදර ගොස් යළි පැරදිය යුතු නායකයෙක් නොවේ. එතුමාට ගෞරවනීය සමුදීමක් දීමට නොහැකි වූයේ එතුමාගේම බල තණ්හාව නිසයි (ස)
මහින්දට නාම යෝජනා දීමේ වැරැද්ද දැන් ජනපතිට තේරෙනවා ඇති. (ස)
සුසිල්ට කතා කරන්න පන ඇවිත් වගේ.. ලෙඩ උන වෙලාවේම මහින්ද මහත්තය ආවනේ නේද??? අපි ලෙඩ උනාම කව්රුත් අන්න නෑ ඉතින්.. (ස)
රනිල් ට වඩා මහින්ද සතුරෙක් වුනේ කොහොමද? කාලය විසින් සියළු දේ හෙලි කරයි.නියම සතුරා කවුද කියා. (ස)
මේ අය හිතන් ඉන්නේ අපි හරක් කියලා නේද විමල් ලා කරපු දේවල් අපි නොදන්නවා නෙමෙයි නේ මෛත්‍රී පාලනයට ජය. (ස)
ලෝකේ පළමු වතාවට හිටපු ජනාධිපති කෙනෙක් සාමාන්‍ය මන්ත්‍රී වෙන්නෙත් ශ්‍රී ලංකාවේ. (ස)
එකිනෙකා කෙටවීමේ හෙනගෙඩිය ඔවුනොවුන්ගේම හිස මත වැටිලා. (ස)
අඩුම තරමේ විකල්ප නායකයෙකුවත් පෙන තෙක් මානෙක නැහැ වගේ. (හේ)
විභාග වෙනුවෙන් හෙළන දේශපාලන කිඹුල් කඳුළු (ම)
මඩ ප්‍රහාර එල්ල වෙන එකත් කියන්න දෙයක්ද?(හේ)
මේ වගේ උතුම් ජනාධිපති කෙනෙක් එක්ක වැඩ කරන්න වාසනාව නැති ඔබ හොරු ගාවටම යන්නේ පෙර කල පව් වලටය, (ස)
මම,මම,මුල්කරගෙන කරන ප්‍රකාශ,වයිරය,ප්‍රතිපත්තියක් නැතිකම නිසා අනුන්ගේ සැලසුම් වලට යටත් වීම,රාජ්‍ය තාන්ත්‍රික නොවීම,තමාගේ වැරදි අවබෝධ නොවීම ,කණ්ඩායම් හැගීම නැතිකම යනාදී කරුණු නිසා ඔහු රාජ්‍ය නායක හෝ වෙනත් නායක කමකට සුදුසු නැත (ස)
අගමැති බේරන්න පාර්ලිමේන්තුව විසුරුවා . ජනපති බේරෙන්න පක්ෂය විසුරුවන්න වගේ සිරිසේන මහත්තයා හදන්නේ .(හේ)
සුසිල්, ඔය හොඳ මිනිහෙක් කියල මම ඒ කාලේ ඔබට ඡන්දෙය් දුන්න.තමුසේ මහා කොන්දක් නැති කෙනෙක් (අ)
මෙෙත්‍රි පමණක් මහජනයාට සේවය කරන්න උත්සහ කරනවා.අනිත් සියලු දේශපාලකයෝ බලය ලබාගන්න බලනවා (ම)
ඔයාල බය වෙලා කියල මුණු වලින් හොඳටම පේනවා. එ්ත් මොනවා කරන්නද, බලලෝබී කමට අවුරුදු දෙකක් කලින් ඡන්ද තියල අනාගෙන දැන් ආයෙත් පාර්ලිමේන්තුවට රිංගන්න හිතන්න වත් එපා. මේක රටේ ජනතාවට හොඳට තේරෙනවා. සන්ධානේ ඉන්න සමහර අයට වඩා. අපිට දේශපාලනයත් අවසානයේ එපා කෙරෙව්වා. සන්ධාන දෙසපාලනයේ තවම ඉන්න අනාතයෝ ටිකක් නිසා අපේ පක්ෂය විනාY වීම ඇත්තටම දරා ගන්න බැහැ. (බ)
මෙවර නාමයෝජනා දීපු දවසේ කිසිම කරදරයක් වුණේ නැහැ සාමාන්‍ය ජනතාවට එක ඉතාමත් අගය කරන්න ඕන රනිල්ට සහ මෛත්‍රීට ජනතා උපහාරය විභාගයටත් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ බයවෙන්න එපා (ම)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දේ දුන්න අහිංසක මිනිස්සු තේරුම් ගන්න ඕනේ ශ්‍රීලනිපය කොල්ලකරුවන්ට අහුවෙලා ඉවරයි කියල (ම)
[...මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී මහින්ද රාජපක්ෂ මහතා කිසිත් නොකියා පිටව ගියේය.] එහෙම ගිය එක එයාටත්, එයාට උල්පන්දම් දෙන පන්දම්කාරයන්ටත් හොඳයි. කිවුවොත් කියන්නේ බහුභූත වාචාල නිසා, වහගෙන ගිය එක නම් නියමයි. (ස)
17 වෙනිදා වෙනකොට ඔබ තව මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
ඔය එක්කෙනෙක්වත් විශ්වාස කළ නොහැකියි..මැතිවරණයෙන් පස්සේ ඇමතිකම් වලට අනිවාර්යෙන්ම පක්ෂ මාරු කරයි..ඉදිරියේ හැදෙන්නේත් යු .එන්.පි. සන්ධාන හවුල් ආණ්ඩුවක් ...එළියේ බොරුවට ගහ බැන ගත්තට බොහෝම අවබෝධයෙන් ඡන්දෙන් පස්සේ එකතුවෙයි..මේ ප්‍රෝඩාවට හසු නොවෙමු....සැබෑ විකල්ප රජයක් ගොඩ නගා ගැනීමට ජවිපෙ සමග එක්වෙමු.. (ස)
ඔහොම හරි කතා කරන්නේ දැන් ඉන්න ජනාධිපති නිසා ඉස්සර ඔහොම කතා කලානම් නම්... (ර)
මේ වැනෙන නායකයා පත්කළේ රටේ උගත්තු , රට කන්නෙත් ඒ අය තමයි, (අ)
බොදුජන පෙරමුණට මගේ මනාපය . (අ)
ජනාධිපතිගේ කතාව ඇහුව. මම නම් එකේ වැරැද්දක් දකින්නේ නැහැ.(ම)
දැන් මාර විදියට වැරදි දේවල් පේනවනේ මෙයාලට. ඉස්සර ඕව දැකලවත් අහලවත් නැහැ වගේ. (නදී)
ඔයාලා බයවෙලා මොකද? මහින්ද පරදිනවා කිවුවහම මිනිස්සු දුවලා ගිහිල්ලා ඡන්දය දානවා. ඉතින් මහින්ද තවත් ශක්තිමත් වෙනවා.තරහා නැහැ,අපි යාලුයි... (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුපෙරමුණ ගැන මෙච්චර දුක්වෙන කිසිකෙනෙක් පසුගිය ජනාධිපති තුමා අවුරුදු දෙකක් කලින් ඡන්දෙ තිබ්බේ මොකද කියලා ඇහුවේ නැත්තේ මොකද ? එතන තිබ්බේ තනිකර බල ලෝභය නේද. මේ පැටලිලි ඔක්කොටම හේතුව ඒ වැරදි වැඩේ නේද. (හේ)
දැන් ඉතින් පක්ෂයෙන්ම චෝදනා එල්ල වෙයි.(හේ)
ජනපතිතුමනි ඡන්දෙන් පස්සේ ඔය අවස්ථාවාදී පක්ෂ ලේකම්වරු ඉවත් කර රටට වගකිව හැකි මානුෂික ගති පැවතුම් ඇති අයවලුන්ට තනතුරු දෙන්ඩ. ඔබට ජයශ්‍රී. (බ)
අනේ මෙහෙම තණ්හාවක් බලය ගන්නේ කොහොමද කියා හොයනවා මිසක් මේ වෙලාවේ ජනතාව ගැන එකක්වත් හිතන්නේ නැහැ පොඩ්ඩක් හරි ජනතාව ගැන කැක්කුමක් තියන්නේ 'ජේවීපී' එකට විතරයි (බ)
ජනාධිපතිතුමනි, ඔබගේ ප්‍රකාශයට අපි කම්පා නොවෙමු.මහින්ද මහත්තයා වෙනුවෙන් කැපවෙන්න ඔබ දුන් ආශිර්වාදයක් ලෙස සළකමු. (නි)
සමහරු හිතාගෙන ඉන්නේ එයාලා වගේ කියලා ලංකාවේ ඔක්කොම හිතන්නේ (නි)
මේ යනවිදියට වැඩි කැමැත්ත මහින්දටයි! (ස)
අපේ නම් ඡන්දේ මහින්දට නැහැ හොදේ (අ)
කුරුණෑගලින් එන්නේ දයාසිරි වගේ ලොකු ගාණක් ගන්න හිතාගෙන. හම්බන්තොට ඔක්කොම ඡන්ද ගත්තත් වාර්තාවට මදිනේ.. දවල් හීන (අ)
අයියෝ .මේ පාරත් කනවා නේද? (අ)
මම දැක්ක මන්ත්‍රී කෙනක් කියනවා ඔයාගේ නෝනා තමයි ඔය අධ්‍යාපන ඇමති කාලේ බාණ්ඩාගාරික කම් කලේ කියල. (ස)
ධම්ම.පිස්සන් කොටුවට හෙන ගහල, පිස්සෝ සී සීකඩ දුවනවා.අපි කියල මොනවා කරන්නද? (ස)
ජනපති කළගුණ සලකා ඇත (ම)
අපේ නම් ඡන්දේ මහින්දට නැහැ හොදේ. (ස)
ජනාධිපති තුමාටත් හරිම අලකලංචියක් වුනේ. ලෝකේ ඉන්න හැමෝවම සතුටු කරන්න ගිහින්. අන්තිමේ කවුරුවත් එතුමා ගැන සතුටු නැහැ වගේනේ. හැබැයි සුසිල් ඇමති තුමාත් දැන ගන්න ඕන මේ ලෝකේ ඔක්කොම මිනිස්සු ඉපදිලා ඉන්නේ මහින්ද මහත්තයාව කරේ තියා ගන්න නෙවෙයි කියලා .(ස)
හොරු කලබල වෙලා (ස) \
රට ජාතිය ශ්‍රී ලංකා නිදහස (ස)
' අපේ අරමුණ එජාපය පැරදවීමයි ' , ඒ කියන්නේ රටට ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා ජයග්‍රහණය කිරීම නෙමේ, ඕක තමා 52 ඉදන් තිබ්බ මානසික ව්‍යාධිය. ලෝකෙ සිදු නොවුනු දේවල් මෙහේ සිද්ධ වෙන්න තහනම්ද. (ස)
කාට කාටත් ජනතාව නියම පිළිතුරු නම් දේවි. (ස)