ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ හා සන්ධානයේ මහලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනකූල නොවන ලෙස හා පක්ෂයේ යහ පැවැත්වමට හානිවන ලෙස කටයුතු කිරීම නිසා පක්ෂ ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව පක්ෂ සාමාජිකත්වය අත් හිටුවන බව ජනපති ඔවුනට ලිඛිතව දැනුම් දී තිබේ.

දෙදෙනාගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය ද, ප්‍රේමජයන්ත මහතා දැරූ ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයද තහනම් කර ඇත.

එම ලිපිවල පිටපත් මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය මහතාට ද, සන්ධානයේ විධායක සභාවට ද, ශ්‍රීලනිපයේ පාලන ලේකම්ට ද යවා ඇතැයි සඳහන්ය.

(සම්පූර්ණ ලිපි )

03 04 09 10