එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පරාජය වීමට හේතු මොනවාද යන්න ගැන දේශපාලනයෙන් විශ‍්‍රාම යන දිනක ප‍්‍රකාශයක් කරන බවත් එම දිනය වැඩි ඈතක නොවිය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති සහ තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
හැම තීන්දුවක්ම ගත්තේ පක්‍ෂ නායකත්වයේ කැමැත්ත මත ගත් බව කී හිටපු මහ ලේකම් ඒ නිසා මැතිවරණ 10ක් ජයගැනීමට මෙන්ම පසුගිය මැතිවරණයේදීක් ආසන 95ක් දිනා ගැනීමට හැකි වූ බවද සඳහන් කළේය.
කිසිවක් නොදන්නා ශ්‍රී.ල.නි.ප යේ නොවන සන්ධානයේ වෙනත් පාර්ශව පිරිසක් තමන්ට නඟන චෝදනා නිවැරදි කරන්නට තමා කටයුතු කළා නම් ඒ පිරිස්වලට ගැටලූ ඇතිවිය හැකිව තිබූ බවද කී සුසිල් ප්‍රේමජයන්ත මහතා නොදන්නා දෙවල් ගැන ප‍්‍රසිද්ධියේ කතා නොකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සිය ධුරයේ වැඩභාරගැනීමේ උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ සන්ධානය පිහිටවූ අවස්ථාවේ හිටපු ජනපතිනිය එහි සභාපති ධූරයට යෝජනා කළේ තමන් වුවත් එය තමාට නොලැබුණු බවය.
තමාට සුදුසුකම් තිබුණත් තනතුරු නොලැබෙන අවාසනාවක් තිබෙන බවද ඔහු සිනාසෙමින් කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසුයේ සන්ධානයේ සියලූ පාර්ශව ඒකරාශී කරගෙන පෙරට ගොස් ඊ ළඟ මහ මැතිවරණයේදී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම තම අරමුණ බවයි.
ශ්‍රී.ල.නි.ප මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රීවරු කිසිවෙක් නොවූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ජනාධිපතිවරණයට ලංගම බස් අරගෙන තාම ගෙවල නැහැල්ලු. මේවත් ;පිළිවෙලක් කරන්න. මහා ලේකම් විදිහට ඒක යුතුකමක්. (බ)
එ්ක හොඳයි.මොකද දැන් ඇත්ත කිව්වොත් හෙටම විශ්‍රාම ගන්න වෙනවා.(බ)
ඇයි නැත්තේ ඒකාබද්ද විපක්ෂේ මන්ත්‍රීවරු, ඔතන දෙන්නෙක්ම ඉන්නවනේ මනුෂ නානායක්කාර හා මහින්ද යාපා අබේවර්ධන ඉන්නේ (බ)
ඩෙංගු වැළඳීම නිසා අහිමිවූ ජීවිත වලට වගකියන්නේ කවුද? මදුරු කොයිල් ප්‍රශ්නය අපිට මතකයි. හරි නම් ඒ සුදුසුකම් වලට සිංහල රජකාලේ දඬුවම් දෙන්න වටින්නේ. එ්ත් ලංකාවේ ඒ වෙනුවට ඇමතිකම් ලැබෙන්නේ. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? (නි)
අයියෝ යන්න එපා. අපේ මහජන නියෝජිතයෝ මෙහෙම කියනවා අහන්නත් ආසයි (නි)
බිත්තරය රකින කිකිළි වගේ ඕක රත්කරකර ඉන්න එපා එලියට. දමන්න මෙලහකටත් කුකුලෝ ටික ලෑස්ති වෙලා ඉන්නේ බෙරිහන් දීලා කෑගහන්න කනක් ඇහිලා ඉන්නදෙන එකක් නැහැ කියන්න කියන දෙයක් ඇයිද ඉන්නේ තවම බලා (කෞ)
යන්න කලින්,ඔයාගේ කාලයේ සිදුවුණ දුෂණ ,වංචා පිළිබඳව පරීක්ෂණ කරන්න...ඊට පසුව තීරණය කරන්න ..යන්නේ ගෙදරද නැතිනම් වෙන තැනකට ද කියලා(කෞ)
කොහොමත් ඊළඟ චන්දෙන් ගෙදර යන්න වේවි - මේ සැරෙත් යන්තම් නුලෙන්නේ බේරුනේ. (කෞ)
මේ කට්ටියත් එක්ක ජීවිතේ කවමදාකවත් සන්ධාන ආණ්ඩුවක් බලයට නොඑන බව සක්සුදක් සේ පැහැදිලියි. (ර)
ලොකු උදවුවක්. කියලාවත් කරගන්න බැරි දෙයක්නේ. ඉක්මනට යන තරමට හොඳයි (නි)
විශ්රාම යන එක හොඳයි. නැත්තම් ලබන ඡන්දෙදි ජනතාව කොහොමත් ගෙදර යවනවා (නි)
චතුරි, මෙයාල සේරමටික අනේ අපට විහිලු කළා. (ර)
අනේ මන්දා දැන් සන්ධානය කියන්නේ ශ්‍රී ලංකා පක්ෂයේ එක කොටසකට කියන තවත් නමක්ද කියලා (නි)
අද මේ තත්වයට රට පත්කිරීමට ඔයාලත් ලොකු වැඩ කොටසක් කළා. එසේ නොකළා නම් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ටිකට අද මෙහෙම වෙන්නේ නැහැ (නි)
ඔය කියන්න යන්නේ අර බාල තෙල් ගැන මොකක්හරි රහසක් වෙන්න බැරිද? (නි)
විශ්රාම යන්න දෙයක් නැහැ දැනටමත් ගියා වගේ තමයි. (ර)
ජනාධිපතිවරණ ජන්ද කටයුතුවලින් රජයට අය විය යුතු මුදල් ගෙන හැමෝම බොලේ පාස් කරනවා. මේක මෙහෙම වෙන්න බැහැ. කව්රුහරි එකේ වගකීම ගන්න ඕන. කරුණාකරලා මේ ගැන පරීක්ෂණයක් තියල ජනතාවට කියන්න. (බ)
සන්ධානේ ජාතික ලැයිස්තුව මහ දවල් කොල්ල කන්න දුන්නෙත් නායකත්ව භක්තිය හින්දද? (බ)
ඕක ඔබතුමා කියන්න අවශ්‍ය නෑ. හැමෝම දන්නවා. ඔබතුමාලගේ ආණ්ඩුව මිනිසුන්ව දණ ගැස්සුවා. ගස් බැන්දා, විදේශිකයන්ව දූෂණය කළා. අගවිනිසුරු ගෙදර යැව්වා. ප්‍රධාන හේතු මේවා. වෙන බයිලා අවශ්‍යය නැහැ. මේක යහ පාලනයටත් පොදු බව දැනගත්තොත් හොදයි (බ)
වර්තමාන රජයට මුක්කු ගහපු නිදහස් පාක්ෂිකයෝ ගැන මහජනතාව හොඳට දැනුවත්,නිසා මොකුත් නොකියාම ගියොත් ඔබට හොඳයි (බ)
කොහොමත් අපි ආපහු මෙයාට ඡන්දෙ දෙන්නේ නැහැ . ලබන සැරේ ගෙදර ඉන්න එක හොඳයි (බ)
කොහොමත් හුගාක් අයට විශ්‍රාම යන්න හිතිලා. මොකද මේ අය දේශපාලනයට එන්න ප්‍රධාන හේතුව රහසක් නෙවෙයි. අමාරුවෙන් මීයක් කඩන්නේ මොකද නිකන් අත ලෙව කකා ඉන්න නම් .ඉතින් මේ ක්‍රමය එකතුවෙලා ආණ්ඩු පෙරලලා හරි වෙනස් කරන්න ඕනේ , නැත්නම් ඉතින් විශ්‍රාම යන්න ඕනේ. ඒකාබද්ධ විපක්ෂය එක්ක ඔය හුගාක් අය එකතු වෙන හේතුව මිනිස්සු තේරුම් ගන්න ඕනේ. (බ)
ඕක ඉතින් මොකටද ඔච්චර අගය කරන්නේ? දැන්ම කිවුවා නම් ඉවරනේ (නි)
ජනතා ඡන්දයෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ආ ඔක්කොම අයත් යන්න ඕනෑ නේද? (නි)
දැනට ළකුණු කපාගනිමින් සිටින දේශපාලුවන් අතර ළකුණු මට්ටම අතින් ඉහළින් සිටින චරිතයක් ලෙස මට හඳුන්වන්න පුලුවන්. (නි)
දැන් කියන්න බැරි මොකද? පරණ අවතාර වලට තාම බයද? කෙසේවෙතත්, තවදුරටත් ඔබතුමාලා වගේ අය පත්කරගන්න තරම් පාට පක්ෂ බේද නැති අපේ වටිනා ලාංකිකයෝ මෝඩවෙන්නේ නැහැ කියන එකයි මගේ හැඟීම. (නි)
කඩුවෙල අපිනම් ඔබතුමාව දකින්නේවත් නැහැ.(බ)
යන්න කලින් පුතෙක් මලයෙක්, නෑදෑයෙක් එහෙම ගෙනත් අත ඇරලා නෙවේද යන්නේ. පරම්පරා හත අටකට හම්බකරගන්ට ඇතිනේ...(බ)
පහුගිය ජනාධිපතිවරණයේදී කළ ප්‍රචාරක දැන්වීම් වලට ලොකු මුදල් හිඟයක් තියෙනවා කියල අප මාධ්‍ය වලින් දැක්කා. මේවා ගෙවලා දාන්නේ කොහොමද කියලා අපිට කියන්න. (නි)
පිටිපස්සේ ඉන්නේ ඔක්කොම වැරදිකරපු ටිකනේ, අම්පාරේ නගර සබාවේ සභාපති ඉන්නවනේ (බ)
සදුන්, ඔයා හරියට හරි. ජනාධිපතිවරනේදී මේ වගේ ණයට වැඩ කරගෙන ගෙවිය යුතු මහජන මුදල් විශාල වශයෙන් විවිධ ආයතන වලට තියෙන නිසා මැතිවරණෙට ඉදිරිපත් වූ මහින්ද මහත්තයත්, පක්ෂයේ ප්‍රචාරක කටයුතු කළ පිරිසත් එකට එකතුවෙලා මාධ්‍ය හමුවක් තියන්න. අපිට කියන්න කොහොමද මේ මුදල් ගෙවන්නේ කියලා (නි)
බලාපොරොත්තු ඔක්කොම සුනුවිසුනු වුණා ලොක්කගේ වපැරදීම නිසා. දැන්වත් දේශපාලනයෙන් ඉවත්වීම ලොකු නම්බුවක් (නි)
ඔබතුමා යනවා නම් කට පියාගෙන යන්න. මොකද අපි දන්නවා ඒ කාලේ කරපු දේවල් (නි)
ඕවා ඉතින් කියන්න තිබුනේ ඡන්ද පරාදවුණ කාල වලදීමනේ. දැන් ඉතින් ඔය දේවල් වලින් කාටද වැඩක් වෙන්නේ? සුසිල් ප්‍රේමජයන්ත මහතා කියන විදියට එයාට විරුද්ධව චෝදනා නඟන අයට "හොඳ දෙකක්" කියලා පිළිතුරු දුන්නා නම් මීටවඩා හොඳ නැද්ද? දේවාල වලට ගිහින් ර පොල් ටිකක්වත් ගහන්න අමතක වුණාද? මොකද ඒ අය ආරක්ෂා කරන්න ගියේ? (නි)
මහලේකම් විදියට කොන්ද කෙළින් තියාගෙන හිටියා නම්, නායකත්වය ඇහුවා නම් අදටත් ඔබ ආණ්ඩු කරනවා. (නි)
ආ! ඒ කාලේ කෙනෙක් කිවුවා නේද සංවර්ධනය වෙනවා නම් පොඩ්ඩක් දුෂණයක් වුණොත් මොකද කියලා. අපිට තාම ඒවා හොඳට මතකයි. ඊළඟ ඡන්දෙදි අපි නිදහස් පක්ෂය ගැන බලාගන්නම්කො (නි)
මහජනයා විශ්‍රාම යවන්න කලින් කැමැත්තෙන් විශ්‍රාම යාම තමා වඩා සුදුසු. (අ)
ඔන්න ඕක දැන්මම කියලා දාන්න. රහස් හිතේ තියාගෙන ඉන්නත් අමාරුනේ (නි)
සුසිල් මහත්තයාට අමතකවෙලා ඡන්දෙට මුදල් වියදම් කළ හැටි. කවුද මහත්තයෝ දැන් ඕවා ගෙවන්නේ? (නි)
හෙටම විශ්‍රාම ගන්න. එතකොට පහසුයිනේ. (නි)
ආණ්ඩුව මේ අනාගනිමින් යන විදිහට ආණ්ඩුව එක්ක ඉන්න කිසිම දේශපාලුවෙකුට ජනතාව ඉදිරියට යන්නට නොහැකි වෙන නිසා ඔවුන්ගේ දේශපාලන අනාගතයට ආයුබෝවන් කියන්නට වෙනවා. (නි)
බලමුකෝ. ඔය එක ඡායාරූපයක ඉන්න කට්ටියකට මීළඟ ඡන්දෙදි ඇපවත් ලැබෙන්නේ නැතිවෙයි (නි)