IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


‘සිසිල ගිනිගනියි’ නැරඹූ තරුණයෙක් මාව හොයාගෙන ඇවිත් මට ආදරෙයි කිව්වා

‘‘සිසිල ගිනි ගනී’’ චිත‍්‍රපටයේ එන ‘‘ඇනට්’’ ගේ භූමිකාව මගේ රංගන ජීවිතය ජයගත්, මතක හිටින රඟපෑමක් හැටියට කියන්නට පුළුවනි. ඇත්තටම ‘‘ඇනට්’’ චරිතය මට අභියෝගයක් වුණා. ඒ අභියෝගය මං ජයගත්තා. ඉන්දියාවේ සාජේන් කරුන් නම් ජ්‍යෙෂ්ඨ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා, සිසිල ගිනි ගනී චිත‍්‍රපටය නරඹලා මගේ රඟපෑම ගැන පැහැදිලා මට දුන් සහතිකයෙන්ම එය තහවුරු වුණා. ඒ විතරක් නොවෙයි එම වසරේ හොඳම නිළියට පිදෙන ස්වර්ණ සංඛ සහ OCIC සම්මානයත් දිනාගන්නට මට පුළුවන් වුණා. ‘‘මතක පොත’’ වෙනුවෙන් නැවතත් සිය සිනමා මතකය අවදිකරන සබීතා පෙරේරා... ‘‘සිසිල ගනී ගනී’’ අධ්‍යක්ෂ ප‍්‍රසන්න විතානගේ. සහාය අධ්‍යක්ෂවරයා නිලේන්ද්‍ර දේශප‍්‍රිය. නිෂ්පාදක සනත් ගුණතිලක. ‘‘ඇනට්’’ ගේ චරිතයට මාව තෝරාගත්තා කියලා අධ්‍යක්ෂවරයා තිරපිටපත මට බාර දුන්නා කියවන්න. ප‍්‍රථම කියවීමෙන්ම මට තේරුනා ඇනට් චරිතය මහා අභියෝගයක් කියලා. මේ වෙනකොට මං රඟපාලා තිබුනේ පෙම්වතිය, සහෝදරිය වැනි සරල චරිත විතරයි. මං තිරපිටපත දහ වතාවකට වැඩියෙන් කියෙව්වා. එහෙම කියෙවුවාම මට තේරුම් ගියා ‘‘ඇනට්’’ චරිතය සුන්දර චරිතයක් නම් නොවෙයි කියලා. ඊට පස්සේ මං තීරණය කළා ‘‘ඇනට්’’ අභියෝගය බාර ගන්න. අභියෝගය බාර නොගත්තොත් සිංහල සිනමාවේ එකම තැන පල්වෙවී ඉන්නයි සිද්ධවෙන්නේ. මට එහෙම හිතුණා. මට එහෙම හිතිලා ප‍්‍රසන්න විතානගේට මං කැමැත්ත ප‍්‍රකාශ කළා ඇනට්ගේ චරිතය රඟපාන්න. ‘‘ඇනට්’’ සුදු චරිතයක් නොවෙයි... ප‍්‍රසන්න විතානගේ මට අවබෝධ කරලා දුන්නා. සිනමා විෂයෙහි විවිධ අංශයන් ගැන මනා ලෙස අධ්‍යක්ෂනය කළ ප‍්‍රසන්න විතානගේ තම කුළුදුල් නිර්මාණය සාර්ථක කරගන්න ගන්නා වෙහෙස කොතරම්ද කියා මට පෙනුනා. ඇනට් බර්ගර් තරුණියක්. නිදහසේ ජීවත්වන තරුණියක්. සමාජ ශාලාවල නිතර ගැවසෙන කෙනෙක්. පිරිමින් නිතර ඇසුරු කරන කාන්තාවක්. මේ අතරේදී තමයි ඇයට හැරිස් මාකලන්ද හමුවන්නේ. ඔහු නීතිඥයෙක්. විවාහකයෙක්. ඇය ඔහු සමග සමීප සබඳතාවක් ගොඩනගා ගන්නවා. සබඳතාවය කොතරම් දුරදිග ගියාද කිවහොත් වෙනම නිවසක් අරගෙන දෙදෙනා එකම වහලක් යට පදිංචි වෙනවා. හැරිස් මාකලන්දට බිරිඳක් සිටිනවා. පුතෙකුත් ඉන්නවා. ඔය අතරේ ඒ දරුවා මිය යනවා. හැමදෙනාගේම මතය වන්නේ ඇනට් ඒ ළමයාට මොනවා හෝ සිදු කලාය කියලයි. ඉන්පසුව සිද්ධිය නීති මගට යනවා. ඇය රිමාන්ඞ් බාරයට පත්වෙනවා. මෙම නඩුව උසාවියට ගෙන ඒමට සම්බන්ධිකරණයෙන් සහය වන පොලිස් නිලධාරියා සමගත් ඇනට් අනිසි මිත‍්‍ර කමකට පෙළඹෙනවා. ඇයට උවමනා වුණේ හැරිස් තමන්ගේම කරගෙන පවුල් ජීවිතයක් ගතරක්නයි. ඇත්තටම ඒ දරුවා මියගියේ ඇනට්ගේ අතින් නොවෙයි. නමුත් අධිකරණයේදී ඇනට් වැරදි කාරිය වෙනවා. ඇය හිරේට නියම වෙනවා. මෙම චිත‍්‍රපට නිර්මාණය සාර්ථක කරගන්න සනත් ගුණතිලක, වීණා ජයකොඩි සහ ඇගේ පුංචි පුතා රංගනයෙන් දායක වෙනවා. චිත‍්‍රපටයේ රූගත කිරීම් කළේ නුවරඑළිය ප‍්‍රදේශයේ. මෙවැනි පරිසරයක් තුළ ඇනට්ගේ චරිතයට පිවිසිලා සිටි මට එක් අවස්ථාවක තිබුණා මහා හයියෙන් කෑගහලා හඬන රූප රාමු පෙළකට පෙනී සිටින්න. මං ඒ වෙලාවේ රඟපෑමක් කලා නොවෙයි.... ඇත්තටම මං හඬා වැළපුණා. ‘‘සිසිල ගිනි ගනී’’ සම්පූර්ණයෙන්ම කලූ සුදු චිත‍්‍රපටියක්. ඇනට් ඇතුළු අනෙකුත් චරිත තුළින් කියැවෙන භාව ප‍්‍රකාශන උදුරාගෙන එය තවදුරටත් තීව‍්‍ර කරමින් තැන්පත් කළහැකි හොඳම මාධ්‍යය කලූ සුදු සැලෝලයිඞ් පටය බවයි ප‍්‍රසන්න තීරණය කර තිබුණේ. ‘‘සිසිල ගනි ගනී’’ චිත‍්‍රපටයේ වැඩකටයුතු නිමා කරන තුරුම මං වෙනත් චිත‍්‍රපටයක් බාරගත්තේ නැහැ. මං ඒ තරමටම ඒ වෙනුවෙන්ද  කැපවීමක් කළා.  මුදලට වඩා ඇනට්ගේ චරිතයට සාධාරණය ඉෂ්ඨ කරල සබීතා පෙරේරාගේ රංගන කුසලතාව ලෝකයටම ප‍්‍රදර්ශනය කරන්නයි මට උවමනා වුණේ. මෙහි සාර්ථකත්වය කොතරම්ද කිව්වොත් එම වසරේ හොඳම නිලියට පිදෙන OCIC සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් මා පිදුම් ලැබුවා. හැබැයි සරසවි සම්මානය මට හිමිවුණේ නැහැ. හොඳම නිළියට පිදෙන සරසවි සම්මානය එදා වෙනත් නිළියකට දෙන්නට වෙනත් කෙනෙකුගේ හිතේ තියෙන්න ඇති. ඉතින් එහෙම වුණා කියලයි මං හිතන්නේ. මේ වගේ අනුවණ කම්වලින් සබීතා පෙරේරා හඬවන්නවත් සොළවන්නවත් ආපසු හරවන්නවත් බැරි බව නම් කියන්නම  ඕනෑ කාරණයක්. දෙස් විදෙස් සම්මාන වලින් පිදුම් ලැබූ මා ඇත්තටම වාසනාවන්ත නිළියක්. පුද්ගලික ජීවිතයේදීත් මං භාග්‍යාවන්ත කාන්තාවක්. ඉරිසියාව සහ කැපිල්ල යන වචන මට නුහුරු නිසයි සබීතා පෙරේරාට එදා වගේම අදටත් රසික පිරිස අඩුවක් නැතිව සිටින්නේ. සිංහල සිනමාවට මගෙන් යම් මෙහෙවරක් ඉටුවුනාය කියන එකයි රසික ප‍්‍රතිචාරයේ නියම ඇරුත වන්නේ. රසිකයන්ගේ ප‍්‍රතිචාරයේ උච්චම අවස්ථාවක් ගැනත් මට මේ වෙලාවේ සිහිපත් වෙනවා. මගේ ප‍්‍රථම චිත‍්‍රපටය ‘සබීතා’. ඊට පසුව මමයි රජා, නෝම්බර 17, ඡායා, සුජාතා, දෙවැනි ගමන ඇතුළු චිත‍්‍රපට රාශියක් තිරගතවූවායින් පසුවයි සිසිල ගිනි ගනී චිත‍්‍රපටය තිරයට ආවේ. ඉතින් මේ චිත‍්‍රපට නැරඹූ මගේ එක් රසිකයෙක් එක දවසක් මාව සොයාගෙන ආවා අපේ ගෙදර. ඊට පස්සේ ඒ රසිකයා කියන්න පටන් ගත්තා සබීතා මං ඔයාට ආදරෙයි. මං ආයෙත් ගෙදර යන්නේ නැහැ කියලා. එදා මමයි අම්මයි ඒ ළමයාට හොඳට සංග‍්‍රහ කරලා හොඳින් කියලා ගෙදර යැව්වා. ආයෙත් දවසක් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඉඳලා තවත් රසිකයෙක් අපේ ගෙදර හොයාගෙන ඇවිත් තියෙනවා. එදා මං ගෙදර සිටියේ නැහැ. ඉතින් ඒ රසිකයා ගේට්ටුව උඩින් වත්තට පැනලා ඇවිත් කෝ මගේ ආදරනීය සබීතා කියලා කෑගහන්න පටන් අරගෙන. මේ සද්දෙට අවට මිනිස්සු ඇවිත් එයාව සන්සුන් කරන්න උත්සාහ අරගෙන තියනවා. ඒත් හරිගිහින් නැහැ. ඊට පස්සේ එයා අපේ ගෙදර මිදුලේ තිබුණු කාර් එකේ වහල උඩට නැගලා මේ තියෙන්නේ සබීතාාගේ කාර් එක. මං මේ කාර් එකෙන් බිමට බහින්නේ නැහැ කියලා අඬන්න ගත්තලූ. ඊට පස්සෙ අපේ අම්මා හොඳටම බයවෙලා පොලිසියට ටැලිෆොන් කරලා පොලිසිය ඇවිත් එයාව එක්කර ගිහින් කූඩුවේ දාලා උසාවියේ නඩුවකුත් දැම්මා... ජීවිතයේ ප‍්‍රථම වතාවට මට මේ සිද්ධිය නිසා උසාවි යන්නත් වුණා. මං ගරු අධිකරණයට කරුණු පහදලා දීලා ප‍්‍රශ්නය ගොඩින් බේරගත්තා. ඒ රසිකයාට යහතින් ගෙදර යන්න අවස්ථාව සලසලා දුන්නා. මෙන්න මේ වගේ අපේ රටේ රසිකයින් සබීතා පෙරේරාට තවමත් ආදරෙයි. සබීතා පෙරේරාත් ආදරෙයි.

සටහන - අමරදාස සිල්වා



අදහස් (0)

‘සිසිල ගිනිගනියි’ නැරඹූ තරුණයෙක් මාව හොයාගෙන ඇවිත් මට ආදරෙයි කිව්වා

වසන්ත Saturday, 09 June 2012 01:31 PM

අපේ රටේ අය හැදෙන්නෑ , ඉන්දියාවේ අයනේ ඔයාලට හොඳ...ලංකාවේ අපේ අය අගය කරන්න පුරුදු වෙන්න....

:       0       0

ජානකි Tuesday, 12 June 2012 08:17 PM

ඔබ උපන් රටට සේවයක් කරන්න පසු බසින්න එපා...

:       0       0

අපි මල්හාමිලා Wednesday, 13 June 2012 12:00 PM

1 ඔයාගෙ හිනාව හරි ලස්සනයි අක්කේ 2 අක්ක රෙද්දෙයි හැට්ටෙටයි හරි ලස්සනයි 3 ඔයකියන ඒවා ගණන්ගන්න එපා අක්කා,ඵල තියන ගහටනෙ වවුල්ලු

:       0       0

ආනන්ද Tuesday, 12 June 2012 09:32 PM

හැබැයි පොල්ල තිබ්බ එකනම් හරි නෑ...

:       0       0

පිස්සු වෙදා Saturday, 09 June 2012 02:39 PM

සනත් ගුණතිලක සබීතට කරපු වැඩේ කැතයි , පව් සබීතා, මමත් කැමතිම නිලියක් .

:       0       0

රාවන් Sunday, 17 June 2012 08:25 AM

මම අද උනත් කෙල්ල විදායට තියාගන්නවා සීතා නොහිටියනම්...

:       0       0

මාක් Monday, 11 June 2012 09:47 AM

අරක මූනෙද.. මූනෙ හැටිද? දන්නෑ

:       0       0

ශාලිත Saturday, 09 June 2012 03:02 PM

ඇත්තම කිව්වොත් සබීතා මධුරි ඩික්සිත් වගේ....ඒකේ දෙකක් නෑ..

:       0       0

කරෝලිස් Friday, 08 June 2012 02:51 PM

කෙල්ලට මමත් කැමතියි..

:       0       0

ජෑක් සීයා Sunday, 10 June 2012 03:34 PM

කොහම කිව්වත් එයා......එයා මයි

:       0       0

ඇටකිච්චා Tuesday, 12 June 2012 08:16 AM

අප්පා.. ‍මෙයාට ඒක දෙන්නද ආදරෙයි කියල තියෙන්නෙ?? මොකක් උනත් උන් දෙන්නා මාර ‍බේරිල්ලක් බේරිලා තියෙන්නෙ..

:       0       0

හිල්මි Saturday, 09 June 2012 02:30 AM

ලස්සන ගැහැණියක් සබීතා...මමත් ගොඩක් ආදරෙයි....

:       0       0

කින් බානට් Thursday, 14 June 2012 09:03 AM

කවුරු හරි ගැනියෙක්ට හරි පිරිමියෙක්ට හරි ලස්සනයි කියන්න ඕන මේක් අප් දාල ඉන්නකොට නෙමෙයි ... වතුරක බැහැල නාල ගොඩට ඇවිත් ඉන්න වෙලාවකයි ...එතකොට තමයි ඔය ලස්සනයි කියන කාගේ කාගේත් ඇඟේ උලාගෙන තියෙන ලට්ට ලොට්ට ටික ඔක්කොම රෙද්ද පල්ලෙන් පෙරෙන්නේ .....

:       0       0

රුවන් Sunday, 17 June 2012 11:13 AM

මමත් කැමති ඒ වගේ කජු කෙල්ලෙකුට

:       0       0

දොම්පේ මල්ලී Saturday, 09 June 2012 01:55 AM

දේශපාලන මඩ වලට බහිමුද නංගී?

:       0       0

අසන්ක Saturday, 09 June 2012 02:43 AM

පවු ඒ කොල්ලා.මානසික රෝහලින් පැනලා ආපු කෙනෙක්ද දන්නේ නෑ

:       0       0

එම්.ආර් Tuesday, 12 June 2012 11:32 PM

සබීතා මහත්මිය මඩ වලට බහිමුද ??

:       0       0

සනත් Friday, 08 June 2012 03:50 PM

කරෝලිස් ගුටිකන්න එපා.......මේ මගේ ප්‍රථම ප්‍රේමය....

:       0       0

දමයන්ත Wednesday, 13 June 2012 01:04 AM

සබීතා ඇයි ඔබ ''විරාගය" ගැන මතක් නොකළේ.. මම හිතන්නේ.. ඒකත් ඉතාම උතුම් ගැහැණු චරිතයක්. සිංහල චිත්‍රපට ඉතිහාසයේ...

:       0       0

සිසිර Friday, 08 June 2012 03:20 PM

සබීත අක්කා ලස්සනයි...

:       0       0

විලියන් Wednesday, 13 June 2012 06:50 PM

අනේ සබීතා, අපි නොදන්නවායැ

:       0       0

බිංකුණ්ඩා Saturday, 09 June 2012 07:04 PM

කවුද මධුරි ඩික්සිත් කියන්නෙ?? අර ඉන්දියාවෙ නිලිය නෙමෙයිනෙ??

:       0       0

ඉකිලුම් Friday, 08 June 2012 03:34 PM

අමරදාසට අද වැරදිලා.

:       0       0

දුනිල් Wednesday, 13 June 2012 01:57 PM

රසිකයා අංගොඩ ගෙනිච්චා...ආයෙමත් පැනල ඒවිද දන්නේ නෑ..

:       0       0

rajith manjula Friday, 08 June 2012 04:06 PM

මඩේ බැහැල සුවඳ සබන් ගාල නාල අවිත් දැන් හොද ළමයෙක්.

:       0       0

ෆොන්සේකා Saturday, 09 June 2012 09:37 PM

ඔයා හරිම ලස්සනයි.!! විශෙෂයේනම ඇස් දෙක...

:       0       0

චතු Saturday, 16 June 2012 12:28 PM

සබීතා රගපාපු චිත්‍රපට බලන්න මම ගොඩක් කැමතියි.ඔයාට සුභ පැතුම්!

:       0       0

විජය Wednesday, 13 June 2012 08:26 AM

එතකොට මගේ ආදරය ? නංගිට මතක නේද ...විල්ලුද පුංචි දෙපා......?

:       0       0

ජගත් Saturday, 09 June 2012 11:32 AM

ඒ කොල්ල ලස්සන කෙල්ලෙක්ව කලින් දැකල නැතිව ඇති....

:       0       0

පැට්‍රික් Friday, 08 June 2012 06:24 PM

සබීතාව හොයන් එන්නේ සනත්ගේ ගෝලයෝ....

:       0       0

අචිනි Saturday, 09 June 2012 12:15 PM

ඇයි අපේම කෙනෙකුට හැමෝම එකතු වෙලා මෙහෙම අපහාස කරන්නේ?

:       0       0

සම්සී Sunday, 10 June 2012 11:18 PM

අපේ නිළියෝ ඔක්කොම වගේ හිතාගෙන ඉන්න අය

:       0       0

චම්පා ඉරංගනී Saturday, 09 June 2012 11:40 AM

සබීතගේ හිතේ එයා හරි ලස්සනයි කියලා...

:       0       0

කොර මාටින් Thursday, 14 June 2012 11:39 AM

අපිත් ආසයි නාලා ගොඩට ඇවිත් ඉන්න වෙලාවක ලස්සන බලන්න.ඒත් මේගොල්ලෝ නාන්නේ බාත්රූම් වලනේ.ඉතිං කොහොමද ලස්සන බලන්නේ?

:       0       0

හේමන්ත Monday, 11 June 2012 01:43 PM

හොද නිලියක් යහපත් මවක් ගුණයහපත් සද්ධාවන්ත මහත්මියක්

:       0       0

සුභාෂිණි Friday, 15 June 2012 02:53 PM

සබීතට ලංකාවේ විතරක් නෙමෙයි පාකිස්තානු රසිකයෝත් තවම ආදරෙයි

:       0       0

හිල්මි Saturday, 09 June 2012 12:59 PM

සබීතා මහත්මිය ඇත්තටම ලස්සනයි.තාමත් ඉස්සර වගේමයි.අපේ කට්ටිය අපේ දේවල් අගය කරන්න දන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 772 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 84 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 882 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 1484 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 1319 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 463 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 516 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 136 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1156 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site