සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය සිසිල් කොතලාවල කටුනායක දී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධරයෝ කියති.
ගෝල්ඩන් කී සමාගම බිඳ වැටීමෙන් පසු එහි තැන්පත්කරුවන් ස්ථිර තැන්පත් ඉල්ලද්දී ඇය ශ්‍රී ලංකාවෙන් පළා ගිය බව පොලිසිය කියයි.
ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය වරෙන්තු ද නිකුත් කළේය.
2008 දෙසැම්බර මාසයේ දී පමණ ඇය ශ්‍රී ලංකාවෙන් නික්මව ගිය බවත්, ඇය එංගලන්තයේ සිට ඩුබායි හරහා ලංකාවට එද්දී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අසනීප නිසා රෝහල්ගත වෙන්න ඕනෑ කියයි (නි)
බලමු මෙයා දොඩවන දෙඩවිලි. දෙනවා කියපු සල්ලි අසරණයින්ට කවදද දෙන්නේ? (නි)
මෙයා හොඳ කෙනෙක්. ඉක්මණින් නිදහස් කරන්න. (නි)
අනේ මන්දා! මේ මිනිසුන්ට අට අනුවක් රෝග, නව අනුවක් ව්‍යාධි හැදෙන්නෙම හිරේට වැටෙනකොටනේ. මෙන්න මේ බොරුව නවතන්න නීති ගෙනෙන්න කාලය ඇවිල්ලා. පොඩි එකාට මේ මොකුත් නැහැ. හැබැයි ඉතින් කියන්නේ නම් නීතිය සැමට සමානයි කියලා (නි)
එන්න කලින් අවශ්‍ය කට්ටිය එක්ක කතාබහ කරගන්න ඇති. අද ඇප ලැබේවිද? ඔහොම යමු. බලය ලැබුණහම හැම දේශපාලකයාම හිතන්නේ මිනිස්සු මෝඩයෝ කියලා (නි)
අත්අඩංගුවට ගෙන උසාවි ගේනකොට "මේකප්" එක කරගෙන එන්න අමතක කරන්න එපා (නි)
බොහොම හොඳයි (නි)
ලංකාවෙන් පිටත් ශාඛා ව්‍යාප්ත කරමින් අපේ රටෙන් පිටත් අභිමානයක් ඇතිකළ සෙලින්කෝ එකේ අනෙක් කට්ටිය කෝ? (නි)
අත්අඩංගුවට අරගෙන රෝහලේ ඉඳලා ටික දවසකින් නිදහස් වෙයි.හංගපු අහිංසක මිනිසුන්ගේ සල්ලි නැවත එළියට අරගෙන නැවත දේශමාන්‍යලා කෝටිපතියෝ වෙයි. මේවායෙන් කාගේ කාගේත් සාක්කු පිරෙනවා. මේ වංචාවට අහුවුණ කී දෙනෙක් සියදිවි හානි කරගත්තද? වංචනිකයන්ට ශාප වේවා! ලොකු හොරා ගැළවෙන දුප්පතා හිරේ යන රටක් ගැන කියන්නට වචන නැත. (නි)
මේක ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන් සැනසීමකට ලක්වුණ පුවතක් වෙයි. දැන් ඉතින් නඩු විමසා තැන්පත්කරුවන්ට වන්දි ගෙවා, සමාගමට දඬුවම් දෙනතුරු තමා හැමෝම බලා සිටින්නේ. දැක්කා නේද අපේ අධිකරණයේ ස්වාධීනත්වය? (නි)
ඔන්න ඕවට තමා යහපාලනය කියන්නේ. නීතිය කාටත් එක සමානයි. (නි)
මේක පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තිබෙනවා. ඕක තේරෙන්න ටිකක් කල් යයි (නි)
හිටපු තැන ඉන්නේ නැතුව ආවේ ඇයි? (නි)
මීටවඩා අත්අඩංගුවට ගන්න ඕනෑ අය කොච්චර ඉන්නවද? (නි)
අපෙන් හොරාගෙන ගිය සල්ලි ඉවර ඇති. නැත්නම් කවදාවත් එයා ලංකාවට එන්නේ නැහැ. ඔය අත්අඩංගුවට ගත්තා කියල වෙන දෙයක් නැහැ. ඇප දෙයි. ගෙදර යයි. අපිට ඉතින් සුහද කොකා තමයි. (නි)
නියමයි. මෙයා හොරකම් කරපු සල්ලි ආපහු ලංකාවට ගෙනත් ගෝල්ඩන් කී නිසා අසරණ වුනු අයට බෙදලා දෙන්න.(හේ)
තණ්හාව තිබුණටත් , සල්ලි තිබුණටත් ආයෝජනයක් කරනකොට හුගක් හිතල බැලුවනම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැනේ.දැන් අයි පසුතැවෙන්නේ.(ම)
මේ හැම ප්‍රසිද්ධ අයට රිමාන්ඩ් කළාම ලෙඩ හැදනවා කලින් නම් හොදට ඉන්නවා (ම)
මිනිස්සුට දරාගන්න බැරි බඩු මිල හින්ද මිනිස්සු කෙටි මාර්ගවලින් මුදල් හොයන්න යනවා. ගෝල්ඩන් කි එකෙත් තැන්පත්රුවන්ට උනේ ඒ දේ. රට තුල ශිෂ්ටත්වය ඇති කරන්න නම් බඩු මිල පහත හෙළිය යුතුයි (කෞ).
හෙට එළියට එයි.(හේ)
එහෙනම් හෙටම රිමාන්ඩ් කරලා නිදහස් කරයි.(හේ)
කොතලාවල පවුලේ සහ සමාගම් වල වත්කම් විකුණලා තැන්පත්කරුවන්ට මුදල් ආපසු ගෙවන්න ක්‍රමවේදයක් හදනවා වෙනුවට පසුගිය රජය කාලයේ එම වත්කම් බලවත් පුද්ගලයින් මංකොල්ල කන්න උත්සාහ කළා . ඒ හේතුව නිසා තමයි තවමත් තැන්පත්කරුවන්ට මුදල් නොලැබුණේ . (කෞ)
මම හිතුවේ මේක යහපාලනේ ආ ගමන් කරයි කියලා (නි)
මෙයාට මොකුත් වෙන්නේ නැහැ. ප්‍රශ්න කිරීම් කරලා එළියට එවයි. (නි)
හෙට එළිවෙන්නත් කලින් මෙයා ගෙදර යයිද දන්නෙ නැහැ (නි)
අන්න දැක්කද ඔක්කොම හොර වැඩ කරලා කනෙන් රිංගන හැටි (කෞ)
ප්‍රශ්නය ඉක්මනින් විසදයි නේද_? (ම)
ගැහැණු කෙනෙක්නෙ. පවු කියලා මෙයාවත් අල්ලන්නෙ නැතුව ඉන්නයි තිබුනෙ. (නි)