මරණාධාර සමිතියක්වත් නොකරන තාලෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධාන හා ශ්‍රීලනිප ලේකම්වරුන් ඉවත් කිරීම නොපිළිගන්නා බවත්, ඔවුන් යළි සේවයේ නොපිහිටවුවහොත් සිරිකොත සැලැස්ම පරාජය කිරීම සඳහා ‘ප්ලෑන් බී‘ මෙහෙයුමක් අරඹන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල සිය නිවසේ දී පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනවනම් අනේ මන් අරන් ... යන තැනකට යන්න රත්තරන් (නදී)
මහින්ද ආයෙත් එන්න ඕනෑ නැහැනේ . මේවා කලින් කරන්න තිබුණ දේවල්, පක්ෂ ව්‍යවස්ථාවට අනුව. දැන් කළත් නීතිය අනුවනේ කරලා තියෙන්නේ (නි)
ප්ලෑන් බී අඬන එකද? (නදී)
හරියට කතාකරගන්නවත් බැහැ. ඒත් මරාගෙන මැරෙන්න හදනවා. (නි)
අපිත් එනවා උදවුවට (නි)
'ප්ලෑන් බී' කියන්නේ බංකොලොත් කියන එකද? (නි)
යහපාලනය කියන්නේ කපටි වංචනිකයන්ට ඕනෑදෙයක් කරන්න දීලා ඇස් කන් වහගෙන ඉන්න එක නෙමෙයි. ලේක්ම්වරු පක්ෂ නායකයට වැඩකරන්නේ නැත්නම් මොකටද තියාගෙන ඉන්නේ. පක්ෂය කන්නේ මෙහෙම අයයි. මේක මුලින්ම කරන්න තිබුනු දෙයක් (නි)
පක්ෂය ඇතුළෙම නායකයට විරුද්ධව වැඩකරන ලේකම්ලා තියාගෙන වැඩ කරන්නේ කොහොමද? වෙන බලවේග වලට මුහුණදෙන හැටි පැත්තකින් තියලා ලේකම්ලාගෙන් ගැළවෙන හැටි හොයන්නයි කාලය වැයකරන්න වෙන්නේ. පක්ෂ නායකයාට සම්පූර්ණ අයිතිය තිබෙනවා තමන් සමඟ වැඩකරන්න පුළුවන් විශ්වාසවන්ත නිලධාරින් පත්කරගන්න. (නි)
රන්ජිත්, තමන් ඔහොම ආමන්ත්‍රණය කරන්නේ රටේ ජනාධිපතිට. කෙසේවෙතත් අපි සතුටුවෙනවා ලැබී තිබෙන නිදහස ගැන. (නි)
මොකක්ද ඔය කියන 'ප්ලෑන් බී'? (නි)
දැන් තමයි නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නේ (නි)
ගේ ඇතුළේ අවිශ්වාස අය තියාගෙන වැඩකරන්න බැහැ. මෙය කළයුතුම දෙයක්. මම පුදුම වුණා ඇයි මේක කලින් නොකළේ කියලා. (නි)
හුඟක් අය යහපාලනය කියන එකේ තේරුම හරියට අවබෝධ කරගෙන නැහැ. කරන හැමදේටම ඔළුව පාත්කරගෙන ඉන්න එක නෙමෙයි යහපාලනය කියන්නේ. (නි)
පක්ෂ නායකයාට එකඟ නැත්නම් මොකටද තියාගෙන ඉන්නේ? (නි)
මොනවා කරන්නද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)
අපි නොදන්න ප්ලෑන් බී? (නි)
දෙපා මුල ඇද වැටිලා අසාධාරණකම් ගැන ප්‍රසිද්ධ වේදිකාවේ අඬලා වැළපිලා දැන් මෙතන එනවා කියවන්න. ලැජ්ජයි.. ඔබතුමන්ලා සතුටු වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙන්න යද්දී ඒ වෙනුවෙන් විරුද්ධ වෙන්න කෙළින් තීරණයක් ගන්න පුළුවන් මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා එක ආරක්ෂා කරන්න ඉන්න එක ගැන (නි)
කට කයිවාරුව නම් තියෙනවා මොනවා නැතත්. වේදිකාවල අඬනවා. දණගහලා වඳිනවා. ආත්ම ගෞරවයක් ඇතුව ඉන්න ඕනෑ (නි)
අන්දලා හරි වැඳලා හරි ඇමතිකමක් ගතහොත් මම නම් ඔබ තුමා ගැන පුදුම වෙන්නේ නැහැ. (නදී)
ඇති යන්තන් අඬන්නේ නැතුව කතා කළා (නි)
ඇත්ත. අනිවාර්යයෙන්ම යළි පත්කළ යුතුයි (නි)
හා හා... තරහ ගන්න එපා (නි)
ඔබතුමාට පුළුවන් කැමරාව ඉස්සරහ නහයෙන් හොටු පෙර පෙර අඬන්න විතරම නේද මහත්තයෝ? (අ)
මේකද යහපාලනය (නදී)
මේක තමයි නියම යහ පාලනය (නදී)
ඉතින් මහත්තයෝ, ඔයාලගේ ඔය කෙරුවාව කලින් කළා නම් ඉවරනේ (නි)
පොඩ්ඩක් අඬලා කියන්නකෝ!!! (අ)
ඩුබායි රටේ ඉන්න බොහොමයක් දෙනා එජාප පාක්ෂිකයෝ වුණේ එම රටට ඇවිල්ලා මුදල් ටිකක් හම්බකළාට පස්සේ. ජවිපෙට පහත් ලෙස කතා කරන අය හිතාගෙන ඉන්නේ ඩුබායි සල්ලි නිසා ධනවාදයට යන්න. නමුත් ඉන්නේ නිර්ධන පන්තියේ (නි)
කොහොමහරි ප්ලෑන් බී එක ගහමු (නි)
මේ තීරණය ගන්න තිබුණේ මීටකලින් (නි)
අප්පොච්චිව නැගිට්ටවන්න ගිහින් මදැයි වෙච්ච දේ? (නි)
හෙට අනිද්දාට වෙන දේ බලමුකෝ (නි)
දැන් වැඩ වැරදිලා ඉවරයි (නි)
මෙවැනි දේශපාලකයන්ගේ කතා රටේ ජනතාව ගණන් ගනීද? (නි)
'ප්ලෑන් බී' එකටත් වෙන්නේ ඔයටිකම තමයි. (නි)
හා අන්කල් මොනාද කරන්නේ ? කියන්නකෝ අනේ (අ)
මේ අය එන්නේ අනිත් අයට ඒකාධිපති කියලා. දැන් බැලුවහම මේ මිනිහ තමා නියම ඒකාධිපති. මේකද යහපාලනය? (අ)
මේවා තමයි අපිට නම් නියම විහිළු (නි)
මෙන්න නියම නිර්භීත දේශපාලඥයෝ! (නි)
නියමයිනෙ මහත්තයෝ! (නි)
මෙන්න අපිට මෙතුමාට උදවු කරන්න වෙලාව (නි)
මෙහෙම ගියොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
බිම දිගාවෙලා වඳින්න (නි)
මේ ඕක කවියකින් කියන්න බැරිද? (නි)
අඩන්න එපා (නදී)
ඒ කාලේ මේ වගේ දෙයක් කළා නම් ඔහොම කියයිද? ජනාධිපති තුමා හොඳ වැඩියි (නදී)
ගෙදර මිනිහ තමන්ට ඕන තීරණය ගන්නේ අල්ලපු ගෙදර මිනිහගෙන් අහලද ? ජනකගේ පොලිස් පාර්ට් (නදී)
ලොකු, ලොකු ගෝලයෝ (නදී)
දැන් ඒ පැත්තේ පින් පෙට්ටියේ පින් ඉවරයි. දැන් මේ පැත්තේ පින් පෙට්ටියේ පින් පඩිසන් දෙන්න පටන් ගන්නවා. අපට හැමදාම පව් තමයි ආයුබෝවන් (නදී)
ඔය ප්ලෑන් බී එක අඩන එකද ? (නදී)
ප්ලෑන් බී කියන්නේ බෙල්ල කපාගන්න එකද? ගහමු කවි කොළයක් (නදී)
ජනතාව බිල්ලට දීලා හරි තමන්ගේ වැඩේ කරගන්න (නදී)
අනිල් ඔයා ඇත්තමද කියන්නේ ?ජනවාරි 8 මෙයාලට ඡන්දෙ දුන්න එකටත් දුක්වෙනවාද ? අැත්තටම ඔබ තුමා මෛත්‍රීට ඡන්දෙ දුන්නද ? බොරු කියන්න එපා ලැජ්ජා නැද්ද බොරු කියන්න (නදී)
හොටු පෙර පෙර අඩන්නකෝ අනේ (නදී)
මෙයද යහපාලනය? (නි)
මේ ක්‍රියාවලිය තුළින් මට නම් පෙනෙන්නේ මහජන මතය නොව එළියට එන්නේ එක්සත් ජාතික පෙරමුණු මතය බවයි. (නි)
නිදහස් පාක්ෂිකයන් පක්ෂයට සුළු වශයෙන් හරි ජන්දය පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ මෛත්‍රී ජනපති, මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියන පොරොන්දුව නිසා. ඒ ජනතාව රවට්ටන්න නම් ලෑස්ති වෙන්න එපා. අඩු ගානේ විපක්ෂ නායකකමවත් දෙන්න බැහැ. (නදී)
ඊයේ කිව්වා ඒ දෙන්න අගමැති කමට සුදුසුයි කියලා. අද කියනවා ලේකම් කමටවත් සුදුසු නැතිලු. (නදී)
ඩුබායි බහුතරය සල්ලි ටිකක් අත පතගෑවාට මොළය නැහැ.එනිසා ඔය දමන ප්‍රතිචාර ගණන් ගන්න නරකයි (නි)
වෙන මොකක්ද ඉතින් ප්ලෑන් බි එක, ඉකි ගහ ගහ අඩයි. අඩලා අඩලා බැරිවුනොත් එ්ත් අඩයි. ඕවට රැවටෙන මිනිස්සු නැහැ (නදී)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
ඔහොම යමුකෝ! (නි)
ඔහොම බැහැ. මුලින්ම කවියක් කියන්න. හරි නොගියොත් වැඳලා කියන්න ඒත් බැරි නම් අඬලා කියන්න. (නි)
කවියෙන් කියන්න බැරිද? ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන අය. ප්ලෑන් බී නෙමෙයි සී, ඩී... ඉසෙඩ් ගෙනාවත් දැන් ඔයාලා ඉවරයි. (නි)
හොඳයි ඔහොම යමුකෝ.... (නි)
අපිත් සම්පූර්ණ සහයෝගය දෙනවා. ප්ලෑන් බී ගහමු (නි)
හරි චණ්ඩියෙක් වෙලානේ! (නි)
ප්ලෑන් බී කියන එකට අයිති දේවල්වත් දන්නවද දන්නෙ නැහැ? (නි)
මොකක්ද බී පෑලෑන දන්නේ නෑ (නදී)
කොහොමද අපේ වැඩ? ඡන්දෙන් පස්සේ හොරු රැළටම දඬුවම් දෙනවා (නි)
ප්ලෑන් බී එක රෝල් කරන්න (නදී)
හරිම කණගාටුයි අපිට (නි)
මට නම් හොඳටම හිනා... (නි)
පොඩ්ඩක් අඬලා බුලත් දීලා වැඳලා කියන්නකො!!! පව් අනේ! (නි)
මගේ උත්තමාචාරය ඔබටයි ගරු ජනාධිපතිතුමනි. ඔබට සහ යහපාලන රජයට චිරාත් කාලයක් රටට දැහැමිව අවංකව මහජන හිතසුව පිණිස සේවය කරන්න ලැබේවා. (නි)
මොනවද ඔය ප්ලෑන් බී කියන්නේ? (නි)
කවුද මේවා ගණන් ගන්නේ? (නි)
මට නම් දැන් පිස්සු වගෙයි මේවා අහද්දී (නි)
පව්. වැඳලා කිව්වා නම් අහයි (නි)
මේක තමයි යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය! දැන් හරිනේ (නි)
පක්ෂය ඇතුළෙම නායකයට විරුද්ධව වැඩකරන ලේකම්ලා තියාගෙන වැඩ කරන්නේ කොහොමද? (නි)
කෑගහන්න එපා. ටිකක් අඬන්නකෝ (නි)
මේ මිනිස්සු කට වහගෙන හිටියේ මොකද දන්නේ නැහැ මොන වැඩේ කළත්? (නි)
හරියටම හරි ජනපතිතුමනි. ඔබට ජය නියතයි. (නි)
ප්ලෑන් බී එක ඡන්දෙන් පස්සේ බුලත් අතක් අරගෙන ගිහින් සමාව ඉල්ලලා වැඳ වැටිලා , වැඩේ ශේප් කරගන්න එකද? (නි)
මේ වැඩ දැක්කහම දැන් අපිට ඇතිවෙන්නෙ පිළිකුලක්, කළකිරීමක්... මම දැන් ජනවාරි 8 මෙයාලට ඡන්දෙ දුන්න එකටත් දුක්වෙනවා (නි)
අන්න නියම කතාවක්! (නි)
රන්ජිත් ඩුබායි, ඕවා තමය පක්ෂ සභාපතිට දී තිබෙන බලතල. තමන් ඒ බලතල පාවිච්චි කරනකොට හොඳයි, තමන්ට එරෙහිව ඒවා පාවිච්චි වෙනකොට නරකයි (නි)
මහ බැංකු වංචාවේදීත් මෙහෙම කළා නම් අපිට මොනතරම් සතුටුද? (නි)
මම කියන්නෙ මේකයි. ලංකාව එක කණ්ඩායමකට අයිති පෞද්ගලික දේපලක් නොවෙයි. මේ රට ආපසු තමන්ටම පාලනය කරන්න ඉල්ලා සිටීම වැරදියි. සමහරු හිතන්නෙ මේ රට අපිම පාලනය කළ යුතුයි කියලා.(නදී)
එයාලට ඕනෑ වැඩවසම් යුගයක් ! රටට ඕනෑ යහපාලනයක් ! (නි)
ඇයි මොනවා කරන්නද? (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඇරඹී ඇත. සතුටු වන්න (නදී)
ප්ලෑන් බී තියා මෙයාලට ප්ලේන් ටී වත් තියෙනවද මන්දා (නදී)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නි)
පගා ක්‍රමයට හෝ සුදු වෑන් ක්‍රමයට වඩා මේ ක්‍රමය හොඳ නැද්ද ? (නදී)
ආයේ ප්ලෑන් කොරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ඔහෙලට.. නිකන් කෙවට්ටයෙක් නොවී ඉන්න මහත්තයෝ. (නදී)
මේ කරපු දේ වැරදියි නේද? මේක කරන්න තිබුනේ ඡන්දෙන් පස්සේ (නදී)
නියම ඒකාධිපතියො කවුද කියල දැන්දැනගත්ත නේ. (නදී)
මෙතුමා ගිය උඩ? (නි)
තමන් සභාපතිත්වය දරන පක්ෂයේ ලේකම්ලා තමුන්ට විරුද්ධව වැඩ කරනවා නම් ඔවුන්ව ඉවත් කරන එක ඒකාධිපති කමක් වෙන්නේ කොහොමද? එතකොට පක්ෂයේ සභාපති අනිත් අය කියන කියන පදේට නැටුවහම හරිද? මෙතන තියෙන ගැටලුව හිටපු ලේකම්ලා ඉවත් කරපු එක නෙමෙයි. අලුතින් පත් කරපු අය? ශ්‍රී ල නි පයේත් සන්ධානයේත් මොවුන්ට වඩා ජ්‍යෙෂ්ඨ පක්ෂෙට වැඩක් කරපු අය ඉන්නවා. (නදී)
අපහාස කරනවා නෙමෙයි.මහත්තයෝ, වැදගත්කම තියාගෙන ඉන්න. ඔහේලගෙ තර්ජන වලට මිනිස්සු බය නැහැ. (නි)
මේවට තමා කියන්නේ නියම එ්කාදිපතිවාදය කියා. මේ අය බලය වෙනුවෙන් ඕන දෙයක් කරයි. අයියෝ අපිත් ගිය පාර මේ ජනාදිපතිට තමා ඡන්දෙ දුන්නේ දැන් දෙන්නේ කාටද ? (නදී)
ප්‍රතිපත්ති බල්ලට නොසලකා වාසියට පමණක් වැඩ කළ අය ගෙදර යැවිය යුතුයි (නදී)
සමහරු හිතාගෙන ඉන්නේ මහින්ද නැතුව දිනන්න පුළුවන් කියලා. (නි)
හරි දේ හරි විදිහට දකින්න බලන්න (නි)
මොකද මෙච්චර කලබලවෙලා තියෙන්නේ? (නි)
අම්මෝ එයාගේ සැර! (නි)
දකුණේ සිංහයෙක් වගේ ඉන්නකෝ. (නි)
හතරගාතෙන් වැඳවැටීමද ප්ලෑන් බී? (නි)
අයියෝ මහත්තයෝ! (නි)
අම්මෝ! මෙයාගේ සැර... (නි)
මෙයා ගැනත් තීරණයක් ගන්න වෙලාව හරි (නි)
දැන් වැඩ වැරදිලා ඉවරයි (නි)
ඔබතුමා වැඳලද අඬලද පක්ෂ සාමාජිකත්වය බේරගත්තේ. (නි)
වැඩේ වැරදිලා ඉවරයි මහත්තයෝ. දැන් ඉතින් පැත්තකට වෙලා අඬන්න (නි)
මහින්ද ඒකාධිපතියෙක් කිව්වට ඒකාධිපති මහින්ද මිනිසුන්ට දුන් නිදහස කොපමණද කියලා දැන් පේනවා ඇති. (නි)
අයියෝ! මට යසලාලක රජතුමාගේ කතාව මතක් වෙනවා (නි)
බලමු මොනවද වෙන්නේ කියලා (නි)
අනේ! අපේ අඬන බබා... (නි)
ඔයා කතාකරන්න කලින් උගුර පොඩ්ඩක් පරීක්ෂා කරගෙන ඉන්න (නි)
ඇයි ඔයාට ගොඩක් දුකද? (නි)
අනේ මේ ඔහෙලගෙ පක්ෂේ ප්‍රශ්නවලට සිරිකොත ගාවගන්න එපා. (නදී)
මෙයාට හැමදාම දුක තමයි ඉතිරිවෙන්නේ ! (නදී)
දැන්මම නම් දෙන්න එපා (නි)
යහ පාලනය කියන්නේ ගහනකොට පිට දෙන එක නෙමෙයි රන්ජිත්. ප්ලෑන් බී ගැන දණගහල අඬලා කිව්වා නම් තමා හොඳ (නි)
අනේ මන්දා අපි නම් මේවට නැහැ (නි)
කරන්නේ මොනවද කියලා ඇහුවා නේද? දෙන්න නම් හොඳ උත්තරයක් තියෙනවා මට (නි)
අපි නම් මේ කියමන් කිසිවක් ගණන් ගන්නේ නැහැ (නි)
ඒ දෙදෙනා පත් කරන තුරු අඬන්නද කල්පනාව ? (නදී)
අනේ ඉතින් හිත හදාගන්න (නදී)
මේ මහත්තයෝ, ජනතාව වන අපිට ඇත්තටම පක්ෂයක් වැඩක්ම නැහැ.අපිට ඕනෑ රටක්.අපි පක්ෂයකට ආදරය කරන අය නෙමෙයි. (නි)
ජනතාව තේරුම් ගන්න ඕනෑ මේ අකටයුතුකම් කරන්නේ පොදුවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්යන්ට බව. (නි)
කුඩා ගණන් ගන්නේ මේ අඩන දුක්ගන්නාරාල කියන බොලඳ කතා.(නදී)
එ් කියන්නේ උසාවි තීරණ ගණන් ගත යුතු නැහැ කියලද? (නදී)
යහපාලන සළු පොරවාගෙන ඉන්නේ මොනවගේ අයද කියලා දැන් අපි නම් දන්නවා.අපේ මිනිස්සු කරන මෝඩකම් තමයි මේවා. (නි)
මෙච්චර කල් වැඩකුත් නොකළ එකේ නුඹ දැන් පොඩ්ඩක් කඳුළු සළන්න. (නි)
රන්ජිත්, ඩුබායි ඉඳලත් තේරෙන්නේ නැද්ද මේක හොඳ දෙයක් කියලා? (නි)
නියමයි මහත්තයෝ (නි)
ඇයි මේ පාර අඬන්නේ නැද්ද? (නි)
මේ නිකම් කෑ නොගහ හිටියොත් තමයි හොද . මොකද ඔහේ පොලිසීයට වෙලා පොල් ගගා, කඩේ ගිය කාලේ , ශ්‍රී.ල.නි. ප. යට පස් දෙනෙක් වත් නැතුව ඉන්නකොට අපි තමයි එ්ක ගොඩ ගත්තේ. (නදී)
ඔහෙලගේ ප්ලැන් ඔක්කොම අවුල් දැන්. ඕන ප්ලැන් එකක් රටේ නීතීයට හා ව්‍යවස්තාවට යටත්ව සිදු නොවුනොත් තවත් ඔහෙලගේ වැඩ අවුල්වේවි.(නදී)
බොහෝ දේශපාලකයින් දුෂණ වැඩ කරන්නේ වෙනත් නිලධාරීන් හරහා. මේ රජය පසුගිය රජයට වඩා 100% ක් හොඳයි. නමුත් පසුගිය වැරදි ආයෙත් සිදුනොකිරීමට වගබලාගත යුතුයි. (නි)
කලින් අය කළ අත්තනෝමතික වැඩ බැලුවහම මේක මොකක්ද? පක්ෂ ව්‍යවස්ථාවටත් එකඟයි. පක්ෂ සභාපති එතුමානේ. (නි)
මම හොඳ නිදහස් පක්ෂ පාක්ෂිකයෙක් . හැබැයි මේ වෙලාවේ මහින්ද දිනුවොත් ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර ඝට්ටනයෙන් රට අස්ථාවර වනු ඇත. මෛත්‍රීත් මහින්දත් අතර හිතවත්කමක් නොමැති බව පැහැදිලිය. මේ නිසා දැඩි අකමැත්තෙන් වුවද පරම්පරාගත නිදහස් පාක්ෂිකයෙකු වුවද මෙවර මගේ ඡන්දය රනිල්ට ලබා දෙමි (නි)
අමු කාලද ඉන්නේ. සිරිකොතෙන් නෙමේ සන්ධානයෙ සභාපති තුමා තීරණයක් අරගෙන තියෙන්නේ. (නදී)
අයියෝ! මොනවද මේ වෙන්නේ? (නි)
ගයාන් ,මට නම් උන්නත් දාහයි මළත් දාහයි මේ ලෝකේ (නි)
මෙයා හැම එකකටම මොනවද මේ කියන්නේ. උසාවියෙන් කරපු එකට ජනාදිපති අත ගහයිද ? (නදී)