රටේ සංකීර්ණ ප්‍රශ්න රාශියක් පැන නැගී ඇති බවත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට අපෙන් ඉටුවිය යුතු යුතුකම් මහා සංඝයා සමග කථිකා කර ඊට පිළිතුරු සැපයීමටත් අපේක්ෂා කරන බව අභිනව අස්ගිරි මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මාහිමියෝ කීහ.
නාහිමියන් වැඩ සිටි අස්ගිරි විජයසුන්දරාරාම පුරාණ විහාරයට වැඩම කර ආගමික චාරිත්‍ර ඉටු කළ මහ නාහිමියෝ මාධ්‍යයට පැවසූහ.
බුද්ධ ශාසනය හා දළඳා වහන්සේ රැකීම සඳහාත් බෞද්ධ ජනතාවගේ අපේක්ෂා මුදුන් පත් කර ගැනීම සඳහාත් හැකි පමණින් කටයුතු කරන බවත් නව මහ නාහිමියෝ පැවැසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසීමිතව අදායම් මාර්ග තිබෙන රාජ මහා විහාර වල හා මහා පන්සල් වල ආදායමෙන් කොටසක් හෝ වියදම් කරලා ඉතාම දිළිඳු විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කරන්න, අපේ මහනායක හාමුදුරුවනේ.. (බ)
අති පුජ්‍ය ,අස්ගිරි මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මාහිමිපාණෙනි, චීවරයට සැඟවී ශාසනය, බෞද්ධයින්ව හා බෞද්ධ සාරධර්ම විනාශ කරන දුශ්ශිල භික්ෂුන්ගෙන් සම්බුද්ධ ශාසනය ගලවා දෙන්න. ඔබ වහන්සේ ඇතුළු සැබෑ සංඝයා වහන්සේලාට, තෙරුවන් සරණයි!!! (බ)
ඔබ වහන්සේගේ දෙපා නැමද මහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, සමහර භික්ෂු වේශයෙන් ඉන්න පුද්ගලයන්ගෙන් සම්බුද්ධ ශාසනයට සිදුවේගෙන යන හානිය නැතිකිරීමට මුල් තැන දී කටයුතු කරන ලෙසයි. (බ)
ගරුතර මහා නායක හාමුදුරුවන් වහන්ස, බුද්ධ ශාසනය, ශ්‍රී දළදා වහන්සේ ඔබවහන්සේලාට භාරයි. එය ආරක්ෂා කළ මැනවි. එසේම ඒ 26 පාර ජනතාවට නිදහස් කළ මැනවි. (නි)
හාමුදුරුවනේ භික්ෂුවක් අතින් වෙන්න. ඕන ප්‍රධානම දේ තමයි. මේ. නැතිව මහින්දව ආරක්ෂා කරන්න ගිහි ,පැවිදි එකතු කරන එක නොවේ බුදු සසුනට ,චීවරයට අගෞරව කරන. හැම. හිමි නමක්ම කපා හරින්න දැඩි නීති පනවන්න ඉස්සර කාලේ. තිබුන සිල්වත් කම නැවත ගෙන්න දැන් තියෙන්නේ චිවරය පිටින් හිරේ යන එකයි. ,උඩ නගින එකයි. (බ)
මේ පාර නම් ලේසි වෙන් නෑ (බ)
සාදු,සාදු,ගරුතර මහා නායක ස්වාමින් වහන්ස,බොදු සසුන,සිංහල බොදු අයිතිය වැනසෙන විට මෙරට භික්ෂු වහන්සේල සිවුර, අමතක කොට පෙරට පැමිණි බව ඔබ වහන්සේ හොදින්ම දන්නවා ඇත. එවැනි භික්ෂුන් වහන්සේලාට දේශපාලන ගැත්තන් කුමක් කිවත්,පිළියම් යෙදිය යුත්තේ සිංහල බෞද්ධ අයිතිය වැනසීම නවතාලීමටය. කළ යුත්තේ වැනසෙන සිංහල බෞද්ධ අයිතිය රැක ගැනීමය.ඔබ වහන්සේට නමස්කාර වේවා (බ)
හික්කඩුවේ සුමංගල වැනි ශ්‍රේෂ්ඨ සගරුවනක් බවට පත්වේවා! (බ)